spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකිකයකු ඝාතනය වීමෙන් පසු පකිස්ථානයේ සිදුවන දේ

පුවත්

විදෙස්

කර්මාන්තශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු පකිස්ථානයේ දී ඝාතනය වීමත් සමඟ ඒ පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා වගකිව යුතු පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් උපදෙස් දී ඇති අතර ඒ පිළිබඳ ඔහු පුද්ගලිකව ම අවධානය යොමුකර සිටින්නේ ශ්‍රී ලංකාවට සිය කණගාටුව ද ප්‍රකාශ කරමිනි.

පකිස්ථාන ‍පොලිසිය මෙන්ම පොලිසියට සහය දක්වන එරට හමුදා කණ්ඩායම් ද මේ සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ ඝාතනය මෙහෙයවූ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඩෙන්මර්කයේ ජාත්‍යන්තර මාධ්‍ය සහෝයෝගීතාවයේ ආසියා ෆැසිපික් කලාපීය උපදේශකවරයා ලෙස කටයුතු කරන ආචාර්ය රංග කලංසූරිය පකිස්ථානයේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ යූ ටියුබ් ඔස්සේ විශේෂ පැහැදිළිකිරීමක් ද සිදුකර තිබිණි.

එම පැහැදිලි කිරීම පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!