20 පිළිබඳ විවාදය අද ඇරඹේ. ඡන්දය විමසීම හෙට

0
49

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාරලිමේන්තුවේ දී අද (21) විවාදයට ගැනීමට නියමිතය. විවාදය අද (21) සහ හෙට (22) දෙදින තුළ පැවැත්වේ.

මෙම පනත් කෙටුම්පතේ සඳහන් එක් එක් කරුණ සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇත.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.

” විවාදය අද උදේ ආරම්භ වී රාත්‍රී 7.30 දක්වා විවාදය පවත්වා හෙට 22 වැනි දා දිනයේ දීත් රාත්‍රී 7.30 දක්වා විවාදය පවත්වා එදිනම ඡන්දය විමසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. විෂයභාර අමාත්‍යවරයා වන අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් කරුණුවලට අදාලව ඒවා ඉදිරිපත් කිරීම කල් ඇතිව පාර්ලිමේන්තුවේ කතානායකතුමාට භාරදීම සිදුවෙනවා. ඒ අනුව ඉදිරිපත් වූ සංශෝධන පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඔනෑම මන්ත්‍රීවරයකුට අවස්ථාව ලැබෙනවා. ඒ් වගේම වෙනත් සංශෝධන ඉදිරිපත් කරනවානම් ඒවා ද කලින්ම භාරදීම සිදුවෙනවා.”

සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

” ආණ්ඩුවට දැනටමත් 20 වැනි සංශෝධනය ඔවුන් බලාපොරොත්තු වූ විදියට කරගන්න බැරිවෙලා තියෙනවා. මහං සංඝරත්නයෙත්, විපක්ෂයෙත් ජනතාවගේත් තිබුණු විරෝධය නිසා ඉන් භාගයක් ම අකුලගන්න සිදුවෙලා තියෙනවා. අපි හෙට බලනවා සංශෝධන ඉදිරිපත් කරද්දී ආණ්ඩුව මොනවාද කරන්නේ කියලා. තව කාරණා කිහිපයක් සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ පිරිසක් කැමැත්ත දෙන්නේ නැහැ. අන්තිමේ දී 19ට ම යන තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා තියේවිද කියලා.”

මේ අතර ජනමතවිචාරණයකින් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිම්න්තුවට දැනුම් දුන් 5 සහ 22 වැනි වගන්ති ඉවත්කර ගැනීමට රජයෙ තීරණය කර ඇතැයි ද පැවසේ

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා අවශ්‍ය පසුබිම සකස් කිරිම, මැතිවරණ කොමිසන් සභාව දෙන උපදෙස් නිලධාරීන් පිළිගත යුතු වන අතර එය පැහැර හැරීම වරදක් ලෙස සැළකිම යන්නෙහි වරදක්ය යන්න 20 වැනි සංශෝධනයෙන් ඉවත් කිරිම, ජනාධිපතිවරයා සතු මුක්තිය සහ අභීනව පාර්ලිමේන්තුවක් පත්වී වසරකින් එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබීම යන වගන්ති හතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතවීමට අමතරව ජනමත විචාරයකදී අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන බැවින් එම වගන්ති හතර සංශෝධන සහිතව කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවයි.

මීට අමතරව 19 වැනි සංශෝධනයෙන් සම්මත කර ඇති ඇමැති මණ්ඩල ඒ අයුරින් පවත්වාගෙන යාමටත්, ජාතික විගණන පනත ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරිමට සහ හදිසි පනත් කෙටුම්පත පිළිබඳ වූ වගන්ති හතර සංශෝධන සහිතව ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කර තිබිණි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේ දී කියා සිටියේය.

3 වැනි හා 14 වැනි වගන්තිය කමිටු අවස්ථාවේ දී සංශෝධනය කරන බව කලින්ම නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුව දැනුම් දී තිබුණා. ජනාධිපතිතුමාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ අයිතිය. ඒ අයිතිය යළි ජනතාවට ලබාදිය යුතුයැයි කියා අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. ඒ වගේම මාධ්‍ය වාරණයට ඇති බලය මැතිවරණ කොමිසමෙන් ඉවත්වෙනවානම් එය ජනමතවිචාරණයකට තුඩු දෙනවාය කියා ශ්‍රේෂ්ඨාදිකරණය තීරණය කර තිබුණා. ඒ අනුව ඒ බලය නැවතත් මැතිවරණ කොමිසමට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. කොහොම වුණත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් නොකළ සංශෝධන තුනක් කරනවා. මේ අනුව අලුත් සංශෝධන පහක් එකතුවෙලා තියෙනවා.”

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදය අද (21) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ දී ආරම්භවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here