spot_img
spot_imgspot_img

වැලිගම ගින්නකින් අට හැවිරිදි දැරියක් මරුට

පුවත්

විදෙස්

වැලිගම වැවේගෙදරවත්තේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නගින් අවුරුදු 08ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

නිවසේ කාමරයක මේ ගින්න හටගෙන ඇති අතර ගින්න හේතුවෙන් එම කාමරයේ වහළ ද කඩා වැටී ඇතියි පොලිසිය කියයි. දැරිය එම කාමරයේ නිදා සිට ඇත. මියගිය දැරියගේ මිත්තණිය හා වයස අවුරුදු 13ක සහෝදරිය අසළ කාමරයක නිදා සිට ඇති අතර ඔවුන් නිවසින් පිටතට දිවගොස් දිවිබේරානෙ ඇතැයි පැවසේ.

කොග්ගල කර්මාන්තශාලාවක සේවය කරන දැරියගේ මව රැගෙන ඒම සඳහා පියා නිවසින් බැහැරව ගොස් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

මාතර නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න මැඩපවත්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකෙරෙන අතර වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!