spot_img
spot_img

රටේ ‍ස්වෛරීභාවයට අභියෝග කරන ජාත්‍යන්තර සමාගම්

පුවත්

විදෙස්

සරසි පරනමාන්න විසිනි

චීන පොහොර රැගත් Qingdao Seawin Biotech Group Co. Ltd හි Hippo Spirit නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සරනවා. එය මේ දිනවල පවතින පහව නොයන අයහපත් කාලගුණික තත්ත්වය හා සමාන කිරීමට හැකියි. විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති පොහොර තොගය ආපසු ලබාගෙන වෙනත් පොහොර තොගයක් නැව්ගත කිරීමට Qingdao Seawin සමාගම එකඟ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා. නමුත් එවැනි ගිවිසුමක් පිළිබඳව තමන් නොදන්නා බව Qingdao Seawin පවනවා. දැනටතම් අති හහත් සමාජ හා අර්ථික ප්‍රශ්න රැසකින් වෙළී සිටින ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ විදේශීය සමාගම් මෙය සෙල්ලමකට ගෙන ඇතැයි ද මහජනතාවට ඇත්තේ සැකයක්. Hippo Spirit සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවලට බලපෑම් කළ හැකි තරමට ම විදේශීය සමාගම් ප්‍රබල වී ඇති බව හා ඒ බලපෑමේ විශාලත්වය නොවේ ද ? එය මේ මොහොතේ සමාලෝචනයට ලක්විය යුතුයි.

පොහොර සාම්පල රෝග කාරක වලින් දූෂිත වී ඇතැයි යන පදනම මත චීනයේ Qingdao Seawin පොහොර, ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) විසින් ප්‍රතික්ෂේප කළ විට, එය චීනය සහ ශ්‍රී ලංකාව යන දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් දක්වා දුරදිග ගියා. රාජ්‍ය ආයතන දෙකක් වන NPQS සහ මහජන බැංකුවට එහි ප්‍රතිවිපාක වහාම දැනෙන්නට වුණා. NPQS හි අතිරේක අධ්‍යක්ෂවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 08ක් ඉල්ලා ඉල්ලීම් ලිපියක් ද නිකුත් කළා. කොළඹ වාණිජ අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝග මත පදනම්ව, Qingdao Seawin ගේ ණයවර ලිපියට ගරු නොකිරීම හේතුවෙන් චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට පවා කඩිනමින් තීරණය කළා. මෙය  ජාත්‍යන්තර වෙළඳ ආරවුලක් යැයි අදූරදර්ශී හෝ දේශපාලන අභිප්‍රේරණයක් ඇති අයට තර්ක කළ හැකියි. කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන දෙකක් අපහසුතාවට පත්කිරීමට චීන පාර්ශ්ව ගන්නා කඩිනම් ක්‍රියාමාර්ග, චීනයේ කෑදර, ශූර රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමශීලීත්වය පෙන්නුම් කරනවා. එපමණක් වෙයි. එය, ප්‍රබල රටවල්, ශ්‍රී ලංකාව වැනි ආර්ථික වශයෙන් ගැටලු ඇති රටවල් සමග දේශපාලන සහ ආර්ථික ශක්තිය යොදා ගනිමින් තර්ජනාත්මකව ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ පැහැදිළි ඇඟවීමක් ලෙස ද සැළකිය හැකියි.

Qingdao හි පොහොර සාම්පලවල Erwinia ඇතුළු බැක්ටීරියා විශේෂ නැති බවට අත්සන සහිතව වාර්තාවක් නිකුත් කිරීම සඳහා NPQS හි අතිරේක අධ්‍යක්ෂ වෙත ඔ ඉල්ලීම් ලිපියක් භාර දී තිබෙනවා. මෙය පැහැදිලිවම රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමක් වනවා. එමෙන්ම බලවත් සමාගම් වල වැඩකටයුතුවලට බලපෑම් කිරීමට කිරීමට යමෙක් එඩිතර වුවහොත් එයින් ඇතිවන ප්‍රතිවිපාක ගැන අනතුරු ඇඟවීමට අනෙකුත් නිලධාරීන්ට කරන තර්ජනයක් ලෙසද අර්ථ දැක්විය හැකියි. මතුපිටින් එය හුදෙක් ඉල්ලීම් ලිපියක් ලෙස පෙනෙන නමුත් ශ්‍රී ලංකා බලධාරීන් සහ Qingdao අතර මෙම අවුල් සහගත තත්ත්වය දිගටම පැවතුනහොත් ආරවුල විසඳා ගැනීමට ජාත්‍යන්තර විනිශ්චයක් ලබා ගැනීමට සිදුවේවි.

ජාත්‍යන්තර බේරුම්කරණය, ජාත්‍යන්තර වෙළඳ ආරවුල් විසඳීම සඳහා ඵලදායී මෙවළමක් වන නමුත්, එය බලවත් සමාගම් විසින් රජයන්ට බලපෑම් කිරීමට සහ ස්වෛරී ජාතීන්ට බලහත්කාරයෙන් ඇතුළු වීමට අවභාවිතා කළ අවස්ථා මීට ඉහත දී ද වාර්තා වී තිබෙනවා. වඩාත්ම මෑත සිදුවීම්වලින් එකක් වන්නේ Pac Rim Cayman නඩුවයි. Pac Rim Cayman LLC එදිරිව එල්සැල්වදෝර් ජනරජය (ICSID නඩු අංක ARB/09/12) හි දී, පැක් රිම් විසින් ඔවුන්ට රන් ගවේෂණ බලපත්‍ර ලබා දීම රජය ප්‍රතික්ෂේප කිරීම නිසා ඩොලර් මිලියන 314 ඉක්මවන අලාභයක් සිදු වූ බව පවසමින් බේරුම්කරණ ක්‍රියාදාමයන් ආරම්භ කළා. පසු ආයෝජන ආරවුල් විසඳීම සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICSID) එල්සැල්වදෝර රජයට පක්ෂව තීන්දුව ලබා දී තිබුණා.

පැක් රිම්, එල්සැල්වදෝරයේ නීතිමය අවශ්‍යතා සපුරා නොගැනීම හේතුවෙන් බලපත්‍ර ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් පැක් රිම් හට ඔවුන්ගේ හිමිකම් පෑමෙන් සාර්ථකත්වයක් අත්කරගත නොහැකි වූ අතර එල්සැල්වදෝර් රජයට නීතිමය වියදම් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 08ක් ගෙවීමට සිදු වුණා. මෙම නඩුවේ ජයග්‍රාහකයා ලෙස නැගී එන රජයක සාර්ථක කතාවක් දක්නට අතර, පැක්රිම් ඵලදායී ලෙස උත්සාහ කළේ ඩොලර් මිලියන ගණනක හිමිකම් පෑමේ නීතිමය නඩුවකින් එල්සැල්වදෝරය යටපත් කර දැමීමයි. බේරුම්කරණයට නායකත්වය දෙමින්, ව්‍යවස්ථාදායක සභාව හරහා කෙටුම්පත් නීති සම්මත කිරීමට බලපෑම් කිරීමට ඔවුන් අසාර්ථක වුවද, ජාතික පතල් නීතියේ වෙනසක් සඳහා පැක් රිම් බලපෑම් කර කළා. වසර 07ක නීතිමය සටනකින් පසු, එල්සැල්වදෝරය කැනේඩියානු-ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන ගණනක් ප්‍රාග්ධනයක් සහිත සමාගමක් වන පැක් රිම්හි ග්‍රහණයෙන් නිදහස් වීමට සමත් වුණා. තම ආණ්ඩුව මුහුණ දී ඇති තර්ජනය ඉස්මතු කරමින්, එල්සැල්වදෝර් ආණ්ඩුව වෙනුවෙන් සටන් කළ නීතිඥයන්, “අවදානමට ලක්ව තිබුණේ ජාත්‍යන්තර සමාගමකට ස්වෛරී රාජ්‍යයකට සිය නීති වෙනස් කිරීමට බල කිරීමට ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රමය භාවිතා කළ හැකි ද ? නැතිනම් විදේශ ආයෝජකයා තමන් ආයෝජනය කිරීමට තීරණය කර ඇති රටේ නීතියට ගරු කළ යුතු ද ? යන්න අවදානමට ලක්ව තිබුණ බව කියා සිටියා.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට එවැනි මාවතක් විවර කර ගැනීම අපහසු වුවත් එවැනි දැවැන්ත සමාගම්වල බලපෑම්වලට යට නොවී සිටීමට එල්සැල්වදෝරයේ සිදු වූ දේ අධ්‍යයනයෙන් කාලෝචිත පාඩමක් ඉගෙන ගත හැකියි. ආයෝජක – රාජ්‍ය ආරවුල් බේරුම්කරණය (ISDS) වැනි නීතිමය මෙවලම්, මෙම සංස්ථා විසින් අලාභහානි සඳහා වන හිමිකම් නීත්‍යානුකූල කිරීම සඳහා අනිසි ලෙස භාවිතා කරන බව පෙන්වා දී තිබෙනවා. ඉක්වදෝරයේ ආයෝජන ගිවිසුම් සහ බේරුම්කරණ පද්ධතියේ (CAITISA) විස්තීරණ විගණන කොමිසමේ උප සභාපති Javier Echaide පෙන්වා දී ඇත්තේ එවැනි විශාල සමාගම් දේශීය නීති වෙනස් කිරීමට බලපෑම් කරන විට සහ ඔවුන්ගේ ආයෝජන, සත්කාරක සමාගම රට තුළ කරන දේට වඩා බොහෝ ඉහළ බව සහතික කිරීමට උත්සාහ කරන විට එවැනි බලපෑම් ඵලදායී ලෙස සමාගම් සහ කොටස් හිමියන් ස්වෛරී ජාතියට වඩා ඉහලින් තබන බවයි. ඇත්ත වශයෙන්ම, සමහර ආයෝජනයන් මෙම සංස්ථාවල ලාභය ඔවුන්ගේ අපේක්ෂාවන් සපුරාලන්නේ නැතිනම් සත්කාරක ආණ්ඩුවලට එරෙහිව නඩු පැවරීමට පවා ඉඩ සලසනවා. Philip Morris Brands v. Oriental Republic of Uruguay, Lone Pine Resources Inc. v. Canada Government and Suez v Argentina වැනි නඩු වලදී සමාගම් වල ඩොලර් මිලියන ගණනක හිමිකම්වලට එරෙහිව සාර්ථකව ආරක්ෂා වීමට රජයන්ට හැකිවූ අවස්ථා රාශියක් ද තිබෙනවා.  කෙසේ වෙතත් “ඩොලර් මිලියනයේ” ප්‍රශ්නය වන්නේ වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන සියලුම ආර්ථික හා භූ දේශපාලන බල සාධක සමඟ එවැනි අවස්ථාවක දී ශ්‍රී ලංකාවට සාර්ථක විය හැකිද යන්නයි. පැක් රිම් විසින් එල්සැල්වදෝර රජයට එරෙහිව ගෙන ආ ඩොලර් මිලියන ගණනක හිමිකම් පෑම, සියලුම ලෝහ කැණීම් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම වැනි වැදගත් සමාජ පාරිසරික නීති හඳුන්වා දීම සඳහා ව්‍යවස්ථාදායක සභාව සක්‍රීය කිරීමට උපකාරී වුණා.

කෙසේ වෙතත්, චීන පොහොරවල තිබෙන බව කියන බැක්ටීරියා විශේෂය නිසා ඇති වී තිබෙන අවදානම හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතතාව සහ සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයම අනතුරට ලක්ව ඇති හෙයින්, විශාල සමාගම් විසින් ශ්‍රී ලංකාව සූරාකෑමේ අවදානම තුළ ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව ද එක්වනු ඇතැයි යම් කෙනෙකුට අපේක්ෂා කිරීමට පුළුවන්. මෙහි ඇති අවදානම වන්නේ එය අනුවණයකුගේ බලාපොරොත්තුවක් විය හැකි අතර එවැනි බලාපොරොත්තු, යමෙකු විසින් සිතුවිල්ලක් පමණක් ලෙස හැඳින්විය හැකි වීමයි.

(ලේඛිකාව බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලබා ඇත. ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තර මහ‍ජන නීතිය පිළිබඳ පර්යේෂකයකු මෙන්ම පළපුරුදු නීතිඥයකු ලෙස සේවය කරන අතරම මාධ්‍යවේදිනයක ලෙස ද කටයුතු කරයි)

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!