spot_img
spot_imgspot_img

ඉන්දියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිද?

පුවත්

විදෙස්

ඉන්දියානු රජය විසින් මෑතකදී නිකුත් කරන ලද නවතම ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණ (NFHS) දත්ත වලට අනුව, සෑම පිරිමි 1000 කටම කාන්තාවන් 1,020 ක් සිටින බව හෙළිවී තිබේ.

කෙසේවුවද සමීක්ෂණය ආවරණය කරන්නේ ඉන්දියාවේ පවුල් මිලියන 300කින් 630,000ක් පමණක් හෙයින් දත්ත අර්ථකථනය කිරීමේදී ප්‍රවේසම් වන්නැයි විශේෂඥයෝ උපදෙස් දී ඇත. සැබෑ චිත්‍රය මතුවන්නේ සම්පූර්ණ සංගණන දත්ත ලැබුණු පසු පමණක් බව ද ඔවුහු පවසති.

“සංගණනය මගින් රටේ මුළු ජනගහනයම සමීක්ෂණය කරන අතර, එවිට, සමස්ත ස්ත්‍රී පුරුෂ අනුපාතය පිළිබඳ වඩාත් නිවැරදි වාර්තාවක් සපයයි,” ඉන්දියාවේ ජනගහන අරමුදලේ අධ්‍යක්ෂ පූනම් මුත්‍රේජා පැවසීය.

නමුත් මෙම සංඛ්‍යා ඉන්දියාවේ සිරස්තල බවට පත්වී ඇති අතර ඇතැමුන් කියා සිටින්නේ පුතුන් සම්බන්දව වැඩි මනාපයක් දක්වන ඉන්දියාව වැනි රටක මෙම අනුපාතය සැලකිය යුතු සමාජ වෙනස්කම් පෙන්නුම් කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඉන්දියාවේ කාන්තා ජනගහනය පිරිමි ජනගහනය අභිබවා ගිය පළමු අවස්ථාව මෙය බවයි. මෙය “කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය ගෙන ඇති පියවර” හේතුවෙන් සිදුවූවක් බවට සමහරු අර්ථකතනය කරති.

මාධ්‍ය වාර්තා එය “දැවැන්ත ජයග්‍රහණයක්” සහ “ජන විකාශන වෙනසක්” ලෙස හුවා දක්වා ඇත. එක් මාධ්‍යවේදියෙක් ලියා ඇත්තේ ඉන්දියාව “දැන් සංවර්ධිත ජාතීන්ගේ සමාගමට ඇතුළු වී ඇති” බවයි.

එහෙත් උද්ඝෝෂකයින් පවසන්නේ රජයේ ප්‍රකාශය “විකාර” සහ “විය නොහැකි” දෙයක් බවයි.

“වසර 100 කට වැඩි කාලයක් තිස්සේ, අප රටේ සංගණන නැවත නැවතත් පෙන්වා දී ඇත්තේ ඉන්දියාවේ කාන්තාවන්ට වඩා පිරිමින් සිටින බවයි” පර්යේෂකයෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන සාබු ජෝර්ජ් පැවසීය.

“2011 වසරේ අවසන් සංගණනයට අනුව සෑම පිරිමින් 1000කටම කාන්තාවන් 940ක් සිටි අතර ළමා ස්ත්‍රී පුරුෂ අනුපාතය පිරිමි ළමුන් 1000ක් සඳහා ගැහැණු ළමුන් 918 දෙනෙකු විය. අවුරුදු 10කින් මෙය වෙනස් වෙයිද?” ඔහු ඇසුවා.

ඉන්දියාව දිගු කලක් තිස්සේ හඳුනාගනු ලැබූයේ “කාන්තාවන් අතුරුදන් කරන රටක්” ලෙසිනි. 1990 වනවිට ඉන්දියාවේ ස්ත්‍රී පුරුෂ භාවය අනුපාතය සෑම පිරිමි 1,000 කටම කාන්තාවන් 927 ක් දක්වා පහළට පැමිණ තිබේ. 

පුතුන් සඳහා ඉන්දියාවේ මනාපය මුල් බැස ඇත්තේ පිරිමි දරුවෙකු පවුලේ උරුමය ඉදිරියට ගෙන යන අතර ඔවුන්ගේ මහලු වියේදී දෙමාපියන් රැකබලා ගන්නා හෙයිනි. දියණියන්ට දෑවැදි සඳහා වියදම් කර විවාහයෙන් පසු සැමියාගේ නිවස වෙත පිටත් කර හැරීමට සිදුවීමේ පුළුල් සංස්කෘතික විශ්වාසයක් ඉන්දියාවේ පවතී.

විරෝධතාකරුවන් පවසන්නේ මෙම ගැහැණු විරෝධී නැඹුරුව, 1970 ගණන්වල සිට ප්‍රසව ලිංගික පරීක්ෂාව පහසුවෙන් ලබා ගත හැකි වීමත් සමඟ, ස්ත්‍රී කලල ඝාතන ලෙස හැඳින්වෙන ගබ්සා කිරීම් හරහා මිලියන දස දහස් ගණනක් කාන්තා කළල ඉවත් කිරීමට හේතු වූ බවයි. එය ස විකෘති වූ ස්ත්‍රී පුරුෂ අනුපාතයට හේතු වූ බවද ඔවුහු පෙන්වා දෙති.

1994 දී, පනතක් මගින් ලිංගිකත්වය අනුව තේරීම මගින් ගබ්සා කිරීම් තහනම් කරන ලද අතර එහෙත් උද්ඝෝෂකයින් පවසන්නේ බොහෝ ලිංගික වරණ ගබ්සා කිරීම් තවමත් නීති විරෝධී ලෙස සිදු කරන බවයි.

කාන්තා කළල ඝාතනයට තිත තැබීමට තම උපාය මාර්ග අපොහොසත් වූ බව රජය පසුගිය කාලයේ පිළිගත්තේය.

2014 දී බලයට පත් වූ විගසම අගමැති නරේන්ද්‍ර මෝදි කාන්තාවන් මරා දැමීම නවත්වන ලෙස ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

නමුත් කෙතරම් ක්‍රියාමාර්ග ගත්තත් ඉන්දියානුවන්ගේ ආකල්පවල වෙනසක් සිදුවී තොමැත.

මෑත වසරවලදී, අලුත උපන් ගැහැණු ළමයින් වීදිවල අතහැර දමා, නොගැඹුරු සොහොන් වල වළලනු ලැබූ බව හා ගංගාවල සහ කාණුවල ඉවත දැමූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නීති විරෝධී ලිංගික නිර්ණය කිරීමේ සායන දියුණු වෙමින් පවතින බව ඉන්දියාව පුරා වාර්තා පවසයි.

පර්යේෂකයෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන සාබු ජෝර්ජ් මහතා පවසන්නේ රාජස්ථාන් සහ හර්යානා වැනි සමහර ප්‍රාන්ත ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ අනුපාතය වැඩි දියුණු කිරීමට ක්‍රියා කර ඇති නමුත් විශාල ජනගහනයක් සිටින විශාල ප්‍රාන්ත බොහොමයක් තවමත් කාන්තා කළල ඝාතන පාලනය කිරීමේ ප්‍රගතියක් ලබා නොමැති බවයි.

“මම හිතන්නේ සමීක්ෂණ අංක විශ්වාස කළ නොහැකියි. මෙවැන්නක් සිදුවිය නොහැකියි.” ඔහු පවසයි.

https://www.bbc.com/news/world-asia-india-59428011

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!