spot_img
spot_imgspot_img

බැංකු පොළී අනුපාත ස්ථාවර වීමෙන් කොටස් වෙළෙඳ පොළට තල්ලුවක්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ සමස්ත කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 62,221ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,980ක් බවට පත්විය.

අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 115කින් ඉහළ ගිය අතර එය ඒකක 11,025ක් බවට පත්විය.

අද දිනය තුළ වැඩිම පිරිවැටුමක් සහිතව කෙටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2,361යි, ලංකා රියලටි ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 334යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 609යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් මිලියන 186ක් ද, ලංකා රියලටි ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් මිලියන 39ක් ද, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගමේ කොටස් මිලියන 20ක් ද ගනු දෙනු විය.

කොළඹ කොටස් වෙළෙඳපොළ වටිනාම සමාගම ලෙස එක්ස්පෝ ලංකා සමාගම රුපිය් බිලියන 459ක් ඉක්මවූ වටිනාකමක් තහවුරු කළ අතර එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 430ක් ද, කමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 407ක්  ද ඉක්මවා ගියේය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බ්ලූ ඩයමන්ඩ් (X) 33%කින් ද ඇලෆැබ් සමාගම 24%කින් ද ඩිමෝ සමාගම 20%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ වින්ඩ් පවර් සමාගම කොට්ස් 1,150,000ක් රුපියල් 18.10 බැගින් ද, හැටන් නැෂනල් බැංකුව කොටස් 224,000ක් රුපියල් 154.00 බැගින් ද සම්පත් බැංකුව කොටස් 713,000ක් රුපියල් 53.50 බැගින් ද හුවමාරු විය.

විදේශීය අයෝජකයන් විසින් රුපියල් මිලියන 88ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,022ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනයේ පමණක් රුපියල් මිලියන 934ක මුදලක් කොළඹ කොටස් වෙළෙද පොළෙන් ඉවත්කරගෙන ඇත.

අද දිනය දක්වා මේ වර්ෂයේ දි පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් බිලියන 49.579 මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 25ක් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 3.9ක් ද, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 2.8ක් ද, වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 2.3ක් ද, අගලවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 2.2ක් ද විදේශීය අයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ඇක්ස්කොට් සමාගම රුපියල් මිලියන 794ක් ද, බෝගල ග්‍රැෆයිට් සමාගම රුපියල් මිලියන 144ක් ද, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 11ක් ද, ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනය රුපියල් මිලියන 05ක් ද මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 04ක් ලෙස ද කැපී පෙණිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩාගාර බිල්පත් සඳහා ඊයේ (24) දින පවත්වන ලද වෙන්දේසිය සඳහා රුපියල් බිලියන 61ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබූ අතර එම බිල්පත් සඳහා රුපියල් බිලියන 168ක අධි ඉල්ලුමක් ඉදිරිපත් ව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් නිකුත් කරන ලද මූල්‍ය රෙගුලාසිවලට අදාල නවතම ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් දැනට පවත්වාගෙන යනු ලබන ස්ථාවර තැන්පත් සඳහා වූ පොළී අනුපාතයන් සහ ණය ගනුදෙනු සඳහා වූ පොළී අනුපාතයන් ඒ ආකාරයෙන් ඉදිරියට පවත්වාගෙන යාමට ද වැඩිදුරටත් තීරණය කර තිබේ.

මෙය කොටස් වෙළෙඳ පොළෙහි ඉදිරි කාලීන ස්ථාවරත්වය සඳහා ඉතා හිතකර පියවරක් වනු ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

1 COMMENT

  1. හේතුව
    =======
    1. කළු සල්ලි සුදු කිරීමට අාණ්ඩුවේ යෝජනා ක්‍ර්රියාත්මක ව්ම.

    2 . කො. වෙළදපල පාලනය කළ කුඩු ජාවාරම් කරුවා මරන දඩුවමෙන් නිදහස් කිරිම

    3. රට තුල සිමා රහිතව මුදල් අච්චු ගැසිම සහ අදි අවදානම්කාරි උද්දමනය, අති විශාල කලු සල්ලි ප්‍රමානයක් සන්සරනය විම.

    ඉදිරියෙ දි සුලු කොටස් හිමියන්ට මෙරුන්ට වෙන දේ වේවි….!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!