spot_img
spot_imgspot_img

කෘෂි අපනයන ආදායමෙන් 2021 දී ශ්‍රී ලංකාව වාර්තා පිහිටුවයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙද ‍පොළ අද (24) දිනයේ ගනුදෙනු 54,785ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,560ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 18කින් පහළ ගිය අතර එය ඒකක 10,910ක් ලෙස සටහන් විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,269යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 693යි, සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 584යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 106යි, කොටගල වැවිළි සමාගම කොටස් මිලියන 31යි, රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 15ක් ලෙස කැපී පෙණිනි.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 445ක වත්කම් ඉක්මවමින් එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 434 ඉක්මවූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද රුපියල් බිලියන 409 ඉක්මවූ කොමර්ෂල් ලීසිං සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල්ඩ් සමාගම 25%කින් ද, අගලවත්ත වැවිළි සමාගම 23%ක ප්‍රතිශතයකින් ද, මල්වත්තවැලි වැවිළි සමාගම 22%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ කැලණි වැවිළි සමාගමේ කොටස් 350,000ක් රුපියල් 58.00 බැගින් ද, රේණුක හෝල්ඩින් සමාගමේ කොටස් ලක්ෂ 20ක් රුපියල් 17.60 බැගින් ද හුවමාරු විය.

විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 57ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 161ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් අද දිනය තුළ දී පමණක් රුපියල් මිලියන 104ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

ඒ අනුව 2021 වසරේ අද දිනය දක්වා රුපියල් බිලියන 48.645 ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශ අයෝජකයන් විසින් ඉවත්කරගෙන තිබේ.

විදේශ අ‍ායෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර ඩයලෝග් සමාගම රුපියල් මිලියන 12යි, අගලවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 04යි, එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 3.5යි හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 3.4යි, පෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 2.1යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර රේණුක හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 34යි, බෝගල ග්‍රැෆයිට් සමාගම රුපියල් මිලියන 32යි, මෙල්ස්ටර් කොප් සමාගම රුපියල් මිලියන 24යි, වටවල වැවිළි සමාගම රුපියල් මිලියන 6.6යි, ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 6.4යි ලෙස ප්‍රමුඛ විය.

ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ පොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමෙන් පමණක් 2021 වර්ෂයේ මුල් මාස 10 තුළ දී රුපියල් බිලියන 82ක වාර්තාගත ආදායමක් ලබා ඇති අතර එය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ වර්ධනයක් ලෙස දැකිය හැකිය.

CALT සමාගමේ කොටස් මූලික කොටස් නිකුතුව හෙට (25)  දිනයේ ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එය ආරම්භ කළ සැණින් අධික ඉල්ලුම හේතුවේ සියලු කොටස් විකිණී යනු ඇතැයි ‍ආයෝජකයෝ විශ්වාසය පළකරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

2 COMMENTS

  1. ස්තුතියි කොටස් වෙළෙඳ පොළ පිළිබඳ ලිපි තව තවත් පල කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!