spot_img
spot_imgspot_img

බාබඩෝස් අගමැතිනිය ශ්‍රී ලංකාවේ නායනයක්ට ඉගැන්වූ පාඩම

පුවත්

විදෙස්

ඔමාර් රාජරත්නම් විසිනි

ජාත්‍යන්තර සමුළුවල දී ශ්‍රී ලංකාවේ නායකයන් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඵලදායී ලෙස පෙනී සිටීමට මෑත කාලීනව බොහෝ විට කටයුතු කළ අවස්ථා අරගල කළ අවස්ථා දක්නට ලැබෙවා. 2000 වර්ෂයට පෙර සිටි නායකයන් වන සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැනි අය ඒ අතරින් විශේෂයි. නමුත්, පසුගිය වර්ෂ 15 සැළකූ විට ශ්‍රී ලංකාවේ නායකයන් ජාත්‍යන්තර කටයුතුවල දී ප්‍රදර්ශනාත්මක වඩාත් බලපෑමක් ඇතිකරන කටයුතුවල නිරතවීමට අපොහොසත් වුණා. එවැනි දෙයක් සිදුවුණේ ඇයි ? ශ්‍රී ලංකාවට වඩා සිය ගුණයකට අඩු ජනගහනයක් සිටින බාබඩෝස් හි අගමැතිනි මියා මෝලි වැනි නායකයන් පවා ජාත්‍යන්තර වේදිකාවේ දී ලෝකයේ අවධානය දිනා ගන්නා සහ ලෝකයට බලපෑමක් ඇතිකරන අයුරින් සිය අදහස් ප්‍රකාශ කරන්නේ කෙසේ ද ?

බාබඩෝස් අගමැතිනි මොට්ලි සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ග්ලාස්ගෝහි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මන්ත්‍රණය (COP 26) ලෝක නායක සමුළුවේ දී පවත්වන ලද දේශන එකිනෙකට වෙනස් සාදෘශ්‍යයක් සපයනවා. මොට්ලි සිය කතාව ආරම්භ කළේ “ස්වභාවික ගැටලු සඳහා ගේාලීය විසඳුම් සාර්ථක නොවන බව වසංගතය අපට උගන්වා ඇත.” යන ප්‍රබල පණිවිඩයක් ඉදිරිපත් කරමින්. මෙයින් ඔවුන් සතුව ඇති ගැටලුව පැහැදිළිව හඳුනා ගැනීමට හැකි වූ අතර ඉන් පසුව මෝට්ලිගේ දත්ත පදනම් කරගත් ප්‍රකාශයට ඉතාමත් අවධානයෙන් සවන්දීම හැර ලෝක නායකයන්ට අවධානය යොමු කළ යුතු වෙනත් කිසිවක් තිබුණේ නැහැ. දේශගුණික බලපෑමට හසුවන සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයයන් (SIDs) සඳහා ලබාදෙන මූල්‍ය පොරොන්දු 2019 වර්ෂයේ දී 25%කින් පහත වැටී  ඇති බව සහන් කරමින් ඇය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා. විනාඩි 8.13ක් පැවැත්වූ ඉතාමත් සාරගර්භ කතාව ආසන්න වශයෙන් වාක්‍ය 57කින් සමන්විතයි. 65 හැවිරිදි ඇගේ කතාවේ විනාඩියකට වාක්‍ය 07ක් අඩංගු වුණා. ඉන් වාක්‍ය 19ක් හෙවත් කතාවෙන් 33% ඉතාමත් වැදගත් සහ තීරණාත්මක සංඛ්‍යාලේඛනවලින් සමන්විතයි. ඉන් 13ක් (23%) ක් ක්‍රියාවට නංවන ලෙස ඇය ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියා. ඉන් 16ක් (28%) සාමාන්‍ය වුනත් ඉතාමත් අර්ථාන්විත ප්‍රකාශයන් බව පිළිගැනීමට සිදුවනවා. ලෝක බලවතකු වන චීනය මේ සමුළුවට සහභාගී නොවීම විවේචනය කිරීමට ඉතාමත් උපහාසාත්මක ප්‍රශ්න 11ක් (19%) ඇගේ කතාවට අන්තර්ගත කර තිබුණා. “වසංගතයෙන් පසුව පවා සමහර ලෝක නායකයන් සිතන්නේ ඔවුන්ට ශක්තිමත්ව තනිවම ජීවත් විය හැකි බව ද ?” යනුවෙන් ඇය ප්‍රශ්න කළා. එම අවස්ථාවේ දී එක්සත් ජනපද ජනාධිපති ජේ බයිඩන් තම දෑස් බිමට යොමුකරගෙන සිටිනු දක්නට ලැබුණා. කතාව අතරතුර මොට්ලිගේ හස්ත අභිනයන් ඉතාමත් ඵලදායී සහ ආකර්ශනීය වුණා. ඇගේ සෑම වචනයක ම හුරුපුරුදු බවක් තිබුණා. ඒවා අනුපිළිවෙලක් සහිතව සහ කරුණු විස්තර කිරීමට අවශ්‍ය ස්ථානයට අර්ථවත් ලෙස යොදා ගන්නා ආකාරය පෙනුණා. සෑම වාක්‍යක්ම හැඟීම්බරව, තාර්කිකත්වය සහිතව, පැහැදිළි සහ නිරවුල්ව, අංග චලනයන් සහිතව ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 72 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. ඔහු විනාඩි 4.40කින් තම කතාව අවසන් කළා. සාමාන්‍යයෙන් විනාඩියකට වාක්‍ය 04ක් ප්‍රකාශයට පත්කරන ලද අතර කතාව පුරා තිබුණේ වාක්‍ය 24ක්. ඉන් වාක්‍ය 17ක් (70%) සාමාන්‍ය ප්‍රකාශයි. වාක්‍ය 05ක් (21%) සංඛ්‍යාලේඛන දත්ත මත පදනම්ව තිබුණා. වාක්‍ය ‍02ක් (8%) මගින් “මනුෂ්‍යත්වය සුරැකීමට” ක්‍රියාත්මක වන්න යැයි ලොල්ක නායකයන්ගෙන් ආයාචනා කර තිබුණා. ඔහුගේ දේශනයේ දී නායකයන්, ජාතීන් හෝ බලවත් කණ්ඩායම් සඳහා නිශ්චිත ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුණේ නැහැ. කතාව අතරතුර රජය විසින් සිදුකරන ලද රසායනික පොහොර තහනම බිම් මට්ටමේ සාර්ථකත්වයක් ලෙස සඳහන් කර තිබුණා. සම්පූර්ණ කතාව අතරතුර එක් වතාවක්වත් ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂගේ දෑත් ඔහු තදින් අල්ලාගෙන සිටි කථන මේසයේ දෙපැත්තෙන් ඉවතට ගියේ නැහැ. ඔහුගේ දෑතින් කිසිදු අභිනයක් ඉදිරිපත් නොවුණේ එම කතාවේ ලෝක නායකයින් සඳහා ප්‍රශ්න කිසිවක් නොතිබූ නිසා මෙන් ම එම කතාවේ ක්‍රියාත්මක වීමට ආරාධනා කිසිවක් නොවූ නිසා.

මෙවැනි අභියෝගයකට මුහුණ දුන් එකම ශ්‍රී ලාංකික නායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවෙයි. ඔහුගේ පූර්වගාමියා වූ මෛත්‍රීපාල සිරිසේන ද යමක් අවධාරණය කළ හැකි අයුරින් කතා කිරීමට නොහැකි අයෙක්. සිරිසේනගේ රජයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් මීට පෙර කිසිදු රජයකට නොවූ තරම් සහයෝගයක් හිමිව තිබුණා. සංවර්ධිත රටවල නායකයන් සිරිසේන නියෝජනය කළ භූමිකාවට, ඔහුගේ අරමුණු සහ ඉලක්කවලට ගරු කළා. මේ සියල්ලට පසු බටහිර රටවලින් ආදර්ශ සපයා තිබූ යහපාලන ව්‍යාපෘතිය වසර පහක කාලයක් තුළ ශ්‍රී ලංකාවේත් මියන්මාරයෙත් ඇදහිය නොහැකි අයුරින් කඩා වැටුණා.

සිරිසේන ජනාධිපතිවරයා ජාත්‍යන්තර කටයුතුවින් බොහෝ විට ඈත්ව සිටියා. නැතිනම් මෙවැනි අවසථාවල දී ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සඳහා පහසු ප්‍රවේශයක් ලබාගැනීමට ඔහු දැඩි ලෙස අපොහොසත් වුණා. එය අසාමාන්‍ය තත්වයයක්. ඔහු කතාකරන විට, ඔහුගේ දේශනවල නිරන්තරව ම තිබුණේ සාමාන්‍ය ප්‍රකාශ පමණයි. ඇතැම් ඒවා හාස්‍යෝත්පාදක කතා. ඒවා ඔහු කෙතරම් පරාර්ථකාමී නායකයෙක් ද යන්න පිළිබඳ පැහැදිළි කිරීම් හෝ නෙල්සන් මැන්ඩෙලා ගැන ඕප දූප කතා යැයි නිරීක්ෂණය කරන විට පෙනී යනවා.

වත්මන් අග්‍රාමාත්‍ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රාදේශීය දේශපාලනයේ දී ප්‍රබල කථිකයකු වුව ද ජාත්‍යන්තර පසුබිම්වල දී මේ ආකාරයෙන් ම පීඩාවට පත්ව සිටියා. එසේ වුවත්, ඔහුගේ වාසනාව සහ දේශපාලන පරිනතබව අනුග්‍රහය ලැබීමට හේතුවක් වූ බව නොරහසක්.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු විදේශ අමාත්‍යවරයකු වන දිවංගත මංගල සමරවීර වැනි නායකයන් සම්බන්ධයෙන් ධූරාවලියක් තිබිය දී ප්‍රතිපත්තිමය න්‍යාය පත්‍ර නිසි මාර්ගයේ තබා ගත්තා. කෙසේ වෙතත් ලෝක නායකයන් සහභාගීවන සමුළුවල දී සමුළුව අමතන්නට අවස්ථාව ලැබෙන්නේ රාජ්‍ය නායකයාටයි. ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වික සම්මන්ත්‍රණවල දී රාජ්‍ය නායකයාට වෙන්කරනු ලබන මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකාවේ හොඳම නියෝජනය කිරීම සඳහා රාජ්‍ය නායකයන්ට හොඳ ප්‍රතිපත්ති කණ්ඩායමක්, කථන හැකියාවෙන් සහ පළපුරුදු සන්නිවේදන හැකියාවකින් යුතු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. ඔවුන් තම රාජ්‍ය නායකයාට රටට විශේෂිත අවශ්‍යතා සහ කලාපීය න්‍යායපත්‍රය විවෘතව සභාවේ පැවසීමට ඉඩ ලබාදෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට ඉටුකරගත නොහැකි දේ සම්බන්ධයෙන් සහයෝගය ලබාගැනීම කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වෙනවා. එබැවින් මෙවැනි ජාත්‍යන්තර කටයුතු සඳහා සූදානම්වීමේ අදියරවල දී රාජ්‍ය නායකයට විවෘත හා විවේචනාත්මක ප්‍රතිපෝෂණ සැපයීමට ඔහු සමඟ සිටින ප්‍රතිපත්ති කණ්ඩායම්වලට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා. අපේක්ෂා කළ යුතු දේ, සංවර්ධනය විය යුතු දේ පමණක් නොවෙයි. කතාවේ දී තම දෑත් භාවිතයෙන් අසන්නාගේ අවධානය දිනාගන්නා ආකාරය, හැඟීම් දනවන අයුරින් කතා කරන ආකාරය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගයක් විවෘත කරගන්නා ආකාරය වැනි බොහෝ දේ ඔවුන් පෙන්වා දිය යුතුයි. අසා සිටින්නන් සිය අවධානය වෙනතකට යොමු කළහොත් නැවත ඔවුන්ගේ අවධානය කතාවේ කරුණු වෙත හැරවීමට මේ සියලු දෙනා දැන සිටිය යුතුයි. නමුත්, ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නන්, සන්නිවේදකයන්, මහජන සම්බන්ධතා කණ්ඩායම් ලෙස වෙස්වලාගෙන සිටින්නන් හුදු විනෝදාත්මක සංචාරකයන් නම් එය ඉතාමත්ම අවසානාවන්ත ලෙස අවස්ථාව මඟහැර ගැනීමක් වනු ඇති.

ජාත්‍යන්තර සමුළු පදනම් වන්නේ “ සියලු සාමාජිකයන් එක හා සමානයි” යන ප්‍රතිඥාව මත පහිටමින්. මෙම සමුළු ප්‍රශ්නකාරී ප්‍රතිපත්ති අනුමත කරන ස්ථාන බවට පත්කිරීමට ශ්‍රී ලංකා නායකයින්ට අවශ්‍ය නැහැ.

ආර්ථිකයේ ප්‍රමාණය මහා බලවතුන්ට ඇසීමට සැළැස්වීම නිරර්ථක කරුණක් බව දීර්ඝ කාලයක් තිස්සේ තර්ක කර තිබෙනවා. ඩොලර් බිලියන 05ක දළ දේශීය නිෂ්පාදිතයක් සහිත මොට්ලි නායකත්වය දරන බාබඩෝස් හි ආර්ථික ශ්‍රී ලංකාවට වඩා ඩොලර් බිලියන 75කින් අඩුයි.

යුද්ධය අවසන් වූ දා සිට ඉන්දියාව හෝ බටහිර රටවලින් හෝ ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම් ශ්‍රී ලංකා නායකයන්ට ජාතික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවක් ලෙස භාවිතා කිරීම දුෂ්කර වී ඇත්තේ මෙවැනි ජාත්‍යන්තර සමුළුවලට පෙර බලපෑම් කරන හෝ නායකයන්ගේ අවධානය වොනතකට යොමු කරන දෙමළ ඩයස්පෝරා විරෝධතා නිසා යැයි ඇතැම් විශ්ලේෂකයන් පවසනවා.

හේතුව කවරක් වුව ද,  හොඳ ප්‍රතිපත්තියක් සහ සන්නිවේදන කාර්ය මණ්ඩලයක් තිබියදීත් සංවේදී සහ බලපෑමෙන් යුතු ප්‍රතිපත්ති කතා කිරීමේ දී නායකයකුගේ කථික කුසලතාව ඉතාමත් වැදගත් වනවා. කථිකත්වයේ ඇති දුර්වලතා අඩු කිරීමට එක් මාර්ගයක් වන්නේ ඒ සඳහා හොඳ පූර්ව සූදානමක් සහ හොඳින් පුහුණුව ලැබීමයි. තමන් කැමති සංකල්පවලට අනුව ජාතිය ඇමතීම සඳහා යොමුවීමට වඩා අන්තර්ක්‍රියාකාරී මාධ්‍ය කටයුතුවලට සහභාගීවීමට රාජ්‍ය නායකන්ට බලපෑම් කිරීම මෙම අභියෝගය විසඳීමේ හොඳ ආරම්භක ලක්ෂයක් විය හැකියි.

ලේඛකයා Factum හි සම නිර්මාතෘවරයා වන අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හිටපු සන්නිවේදන ප්‍රධානියා වේ.

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි. එම ඉංග්‍රීසි ලිපියේ සබැඳිය මෙතැනින් 

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!