spot_img
spot_imgspot_img

“පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ” – ජනපති කියයි

පුවත්

විදෙස්

රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බවත්, මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතායට යොමු කරන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (22) යලි අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහ කන්නයේ වගා කටයුුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පැවැති විශේෂ සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

රජය කාබනික පොහොර බෙදාහැරීම, කාබනික පොහොර සඳහා පමණක් සහනාධාර ලබාදීම සිදුකරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

“රසායනික පොහොර පුද්ගලික අංශය භාර දෙමු. ඒක ඕන කෙනෙක් ගෙන්වලා කරගෙන යන්න පුළුවන්. නමුත් ප්‍රධාන්වය දෙන්න් මේ කාබනික පොහොරවලට පමණයි.”

පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපා ඇති බවත් කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය මහ කන්නයේ වගා කටයුතුවලට බලපා ඇති බවත් නිලධාරීන් ජනාධිපතිවරයාට පවසා ඇත. එසේ වුව ද සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා ආරම්භ කර ඇතැයි ද නිලධාරීන් පවසා ඇත.

ජනාධිපතිවරයා පවසන්නේ ගොවීන් නිසි ලෙස දැනුම්වත් නොවීම හේතුවෙන් ඔවුන් උද්ඝෝෂණවල නිරතවන අතරම වගා කටයුතු ද ප්‍රමාද වූ බවයි. ගොවීන් දැනුම්වත් නොකිරීම ගැන ජනාධිපතිවරයා නිලධාරීන්ට අප්‍රසාදය පළ කර තිබේ.

උද්‍ඝෝෂණ කරන ගොවීන් වෙනුවේන පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුත්තේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තියේ සිටිමින් බව ද යම් නිලධාරියකු රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන්නේ නම් ඔවුන්ට ඉවත්වීමට බාධාවක් නැතැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

එම රැස්වීමේ දී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ප්‍රතිපත්තියක් වශයෙන් රජයෙන් අපි කරන්නේ, මේ කාබනික කෘෂිකර්මාන්තය, හරිත කෘෂිකර්මාන්තය පමණයි. ඒක මතක තියාගන්න ඕනේ ලේකම්වරුයි අනිත් හැමකෙනෙක් ම. රසායනික පොහොර ඒක පුද්ගලික අංශයට භාරදෙන්න. ඕන එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එකතොට ගොවියට අපිට ලබාදෙන්න පුළුවන්. එතකොට Available තියෙනවානේ. එතකොට කාටවත් කියන්න බැහැ මේක නැහැයි කියලා. හැබැයි සහනාධාරය දෙද්දි ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට විතරයි. එතකොට ගොවියා ඉබේම ඒකට යනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොවියව දැනුවත් වෙලා නැහැ. ගොවියාට විශ්වාසයක් නැහැ මොකද්ද පොහොර යොදන්නේ කියලා. අපි පොහොර බෙදන එක තාමත් සිද්ධවෙලා නැහැ. මේවා ගැන ප්‍රශ්න ඇතිවුණාම තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ. නැත්නම් මේ කන්නය සම්පූර්ණයෙන්ම ආසාර්ථක වෙනවානේ. එහෙම වෙන්න දෙන්න බැහැනේ. හැබැයි අපි සමස්තයක් වශයෙන් මේ පොහොර ගෙන්වීම හා කිසිම සම්බන්ධයක් රජයෙන් ගන්න නරකයි. පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමට යනකම් මේවට කිසිම උනන්දුවක් නැහැ. ඒ හින්දා තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. මේ ව්‍යුහය තාම හැදිලා තියෙන්නේ ඒකේ ඉන්නේ මේ රසායනික පොහොර හා සම්බන්ධ අපේ රසායනික සමාගම් හා සම්බන්ධ ඒකත් ප්‍රචලිත කරන අය. ඒ අය අහක් කරලා කාබනික පොහොර ප්‍රචලිත කරන්න. ඒක තමයි ජාතික ප්‍රතිපත්තිය. ලේකම්තුමාම ගිහිල්ලා කිව්වොත් රසායනික පොහොර ඕන කියලා එතකොට ඉතින් මට වැඩක් නැහැනේ. එතකොට ජාතික ප්‍රතිපත්තිය එතනින් ඉවරයිනේ. මීට පස්සේ එහෙම කිව්වොත් එහෙම එයාව එළවලා දාන්න. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂවරයා හරි ඒ හැම කෙනෙක්ම ප්‍රතිපත්තියට විරුද්ධව කතා කරොත් එයා ඒකට විරුද්ධවයි. විරුද්ධ නම් එතනින් අයින් වෙලා යන්න ඕන පුළුවන් අයට දීලා. මම දන්නවා විද්‍යාඥයෝ අරගොල්ලො මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒ ගොල්ලන්ගේ කාර්යය මොකද්ද කියලා බැලුවොත් පොහොර සමාගමෙන් දීලා නැහැ. සමහර අය අධ්‍යක්ෂවරු. සමහර සමාගම්වල හොඳම අධ්‍යක්ෂවරු. මේ කන්නයේ දැනට තියෙන ඒවට Immediately දෙන්න ඕන ගොවියන්ට ඒ උත්තරය දෙන්න ඕන.”

එම සාකච්ඡාවට එක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ද මේ පිළිබඳ අදහස් පළ කළේය.

“වී වගාවේ අපිට බොහෝදුරට ගැටලුවක් පැන නගින්නේ නැහැ.Immediately මේ පොහොර ටික ගෙන්න ගත්තම වී වගාව ගැටලුවක් නැහැ සර්. එළවළු සඳහා අපි සර් යම් ප්‍රමාණයක් ගෙන්නන්න කටයුතු කරනවා. ඒ වගේම ඒවට අවශ්‍ය පළිබෝධනාශක තවම විසඳුමක් නැති නිසා අපි යම් ප්‍රමාණයක් ගෙන්නන් කටයුතු කරනවා. මේ මහ කන්නයේ දී වී සහ එළවළු මැනේජ් කරගන්න පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!