spot_img
spot_imgspot_img

භාණ්ඩාගාර බිල්පත් සඳහා දැඩි ඉල්ලුමෙන් කොටස් වෙළෙඳ පොළට ජවයක්

පුවත්

විදෙස්

කොළඹ  කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙන 40,728ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,154ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 158කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ එය ඒකක 10,817ක් බවට පත්විය.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 2,363යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 648යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 342යි ලෙස ද වැඩිම කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 90යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 22යි, සියෙරා කේබල් සමාගම කොටස් මිලියන 14යි ලෙස ප්‍රධාන විය.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර ඊඑම්එල් කන්සල්ටන්ට් සමාගම 21%කින් ද, එක්ස් ඇග්‍රෝ සමාගම 20%කින් ද, ලංකා අයිඕසී සමාගම 11%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ සීඅයිසී සමාගමේ කොටස් ලක්ෂ 05ක් රුපියල් 50.00 බැගින් ද, සොෆ්ට්ලොජික් හෝල්ඩින් සමාගමේ කොටස් මිලියන 2.5ක් රුපියල් 13.50 බැගින් ද හුවමාරු විය.

සාමාන්‍ය ගනුදෙනු අතරතුර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගමේ කොටස් ලක්ෂ 95ක් රුපියල් 25.10 බැගින් ගනුදෙනු වීම කැපී පෙණිනි.

අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 455 ඉක්මවූ එක්ස්පොප් ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 447 ඉක්මවූ කොමර්ෂල් ලීසිං සමාගම දෙවැනි ස්ථානයට ද බිලියන 364 ඉක්මවූ එල්ඕඑල්සී සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

විදේශ අයෝජකයන් විසින් අද (22) දිනයේ දී රුපියල් මිලියන 59ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 113ක කොටස් විකුණා ඇත. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 54ක ශුද්ධ මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පෙ‍ාළෙන් ඉවත්කරගෙන ඇත.

අද දිනය දක්වා විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් 2021 වර්ෂයේ දී ඉවත් කරගෙන ඇති මුදල රුපියල් බිලියන 48.385කි.

විදේශීය ආ‍යෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 16යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 09යි, ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 05යි, කොමර්ෂල් ලීසි සමාගම රුපියල් මිලියන 04යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 03යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් ‍අතර බෝගල ග්‍රැෆයිට් සමාගම රුපියල් මිලියන 80යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 02යි, සීඅයිසී සමාගම රුපියල් මිලියන 1.8යි, ඊඑම්එල් කන්සල්ටන්ට් සමාගම රුපියල් මිලියන 1.6යි ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම් කිහිපයක් තම කොටස් හිමියන්ට ලාභාංශ නිකුත් කර තිබේ. ඒෂියා සියාකා සමාගම ශත10 බැගින් ද, සීටී හෝල්ඩින් සමාගම රුපියල් 1.55 බැගින් ද, කාර්ගීල්ස් සිලෝන් සමාගම රුපියල් 2.00 බැගින් ද ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම කේබල් සමාගමක් වන කැලණි කේබල් සමාගම ලෝකයේ ප්‍රකටම කේබල් සමාගම වන Havelles සමාගමෙහි  ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා ලෙස ගිවිසුම් ගත වී ඇත.

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මූලික කොටස් නිකුතුව සඳහා සමාගම් දෙකක් කටයුතු කරන අතර හෙට (23) දිනයේ සර්වෝදය ෆයිනෑන්ස් ඩිවෙලොප්මන්ට් සමාගමේ ‍කොටස් නිකුතුව ද 25 වැනි දින සීඒඑල් සමාගමේ කොටස් නිකුතුව ද ආරම්භ වීමට නියමිතය.

පසුගිය කාලසීමාව තුළ දී මූලික කොටස් නිකුතුවන් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුමක් ඇති වූ අතර එම කොටස් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු වූ අවස්ථාවල දී විශාල වශයෙන් මිල ඉහළ යාම ද දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021-11-16 දින නිකුත් කරන ලද භාණ්ඩාගර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් බිලියන 53ක බිල්පත් ඉදිරිපත් කර තිබූ අතර එය මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 179ක ඉල්ලුම්පත්‍ර ලැබී ඇත. ඒ අනුව එම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!