spot_img
spot_imgspot_img

එක්සපෝ ලංකා සමාගම ලොව හොඳම සමාගම් අතරට එක්වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (19) දිනයේ ගනුදෙනු 63,548ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,393ක් බවට පත්විය. දිනය තුළ දී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 366කින් පහළ ගිය අතර එය ඒකක 10,658ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 2,831යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,551යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 554ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 91යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 50යි, සියෙරා කේබල් සමාගම කොටස් මිලියන 38ක් ලෙස ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර දින කිහිපයක් පුරා පළමු ස්ථානයේ සිටි කමර්ෂල් ලීසිං සමාගමේ කොටස් වටිනාකම ඉක්මවා එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට පත්වූ අතර එහි සමස්ත කොටස් වටිනාකම රුපියල් බිලියන 449ක් ඉක්මවීය. කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 404ක් ලෙස දෙවැනි ස්ථානයේ ද, එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 353ක් ලෙස තෙවැනි ස්ථානයට ද පත්ව තිබේ.

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙ‍හි වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බෝගල ග්‍රැෆයිට් සමාගම 23%කින් ද, සියෙරා කේබල් සමාගම 20%කින් ද, ටෙක්ස් ඇග්‍රෝ සමාගම 20%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ ලංකා ඇලුමිනියම් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 14.00 බැගින් ද, ලංකා ලුබ්රිකන්ට් සමාගමේ කොටස් 2,696,000ක් රුපියල් 105.50 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 125 කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 626ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස ඊයේ දිනයේ පමණක් රුපියල් මිලියන 501ක මුදලක්‍ කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

ඊයේ දිනය දක්වා විදේශීය ආයෝජකයන් විසින් මෙම වසර තුළ දී පමණක් රුපියල් බිලින 48.332ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

එක්ස්පෝ ලංකා සමාගමෙහි විදේශගත ඩොලර් ඉපයීම් පවතින වසංගත තත්වය හේතුවෙන් අධික ලෙස ඉහළ ගොස් ඇති අතර නොවැම්බර් මස 30 වැනි දින සිට ලෝකයේ විශාලතම ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් ඇතුළත් කෙරෙන එම්එස්සීඅයි ෆ්‍රොන්ටයර් මාර්කට් සමාගම් දර්ශකය තුළට එක්ස්පෝ ලංකා සමාගම ද ඇතුළත් කිරීමට ද තෝරාගෙන ඇත.

මෙතෙක් එම දර්ශකයේ පළමු වර්ගීකරණයට ඇතුළත්ව තිබූ කොමර්ෂල් බැංකුව එහි දෙවැනි දර්ශකය වෙත යොමුකර ඇත. දකුණු ආසියාවේ සමාගම් අතුරින් මෙම දර්ශකය සඳහා තෝරාගෙන ඇති  එකම සමාගම එක්සපෝ ලංකා සමාගම වීම විශේෂත්වයකි. දැනටමත් මෙම දර්ශකයට ඇතුළත්ව ඇති අනෙක් සමාගම වන්නේ ජෝන් කීල්ස් සමාගමයි. මෙම ඇතුලත්වීමත් සමඟ  එක්ස‍්පෝ ලංකා සමාගම වෙත විදේශීය ආයතනික ආයෝජකයන් ආකර්ශනය කරගැනීමට අවස්ථාවක් ලැබී ඇත. එක්ස්පෝ ලංකා සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවන් 20 දෙනා අතර 2021-09-30 දින වනවිට කිසිදු විදේශීය අරමුදලක් ඇතුලත්ව නොතිබිණි. එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම් අතුරින් ස්ථාවර අගයකින් යුක්තව ඉතා ඉක්මවින් බිලියන 500 වත්කම් සීමාව ඉක්මවනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළ කරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!