spot_img
spot_imgspot_img

දකුණු පළාතට දැඩි අවදානමක්. දෛනික ආසාදිතයන්ගෙන් 54% දකුණෙන්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ දකුණු පළාතෙන් බව සෞඛ්‍ය අංශ නිකුත්කරන වාර්තාවලින් තහවරුවෙයි. සෞඛ්‍ය වාර්තාවලට අනුව පසුගිය දින 07ක කාලයේ දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවෙන් 54.34%ක් ම දකුණු පළාතෙන් වාර්තා වීම විශේෂත්වයකි.

පසුගිය 12 වැනි දා සිට 18 වැනි දා දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද කොරෝනා දෛනික තත්ව වාර්තාව අනුව වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,053කි. දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ දකුණ පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඒකාබද්ධව පිහිටුවා ඇති දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය මගින් දෛනිකව නිකුත්කරන වාර්තාව අනුව පසුගිය 12 වැනි දා සිට 18 වැනි දා දක්වා ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,746 කි.

නොවැම්බර් 12 වැනි දා

ශ්‍රී ලංකාවෙන් ම වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සඛ්‍යාව 723

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 327

දකුණේ ආසාදිතයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 45.22%

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 87

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 160

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 80

නොවැම්බර් 13 වැනි දා

ශ්‍රී ලංකාවෙන් ම වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සඛ්‍යාව 716

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 385

දකුණේ ආසාදිතයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 53.77%

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 121

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 137

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 127

නොවැම්බර් 14 වැනි දා

ශ්‍රී ලංකාවෙන් ම වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සඛ්‍යාව 697

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 428

දකුණේ ආසාදිතයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 61.4%

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 75

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 245

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 108

නොවැම්බර් 15 වැනි දා

ශ්‍රී ලංකාවෙන් ම වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සඛ්‍යාව 732

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 202

දකුණේ ආසාදිතයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 27.59%

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 96

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 23

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 83

නොවැම්බර් 16 වැනි දා

ශ්‍රී ලංකාවෙන් ම වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සඛ්‍යාව 720

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 556

දකුණේ ආසාදිතයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 77.22%

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 178

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 255

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 123

නොවැම්බර් 17 වැනි දා

ශ්‍රී ලංකාවෙන් ම වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සඛ්‍යාව 728

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 426

දකුණේ ආසාදිතයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 58.57%

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 108

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 132

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 186

නොවැම්බර් 18 වැනි දා

ශ්‍රී ලංකාවෙන් ම වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සඛ්‍යාව 737

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 422

දකුණේ ආසාදිතයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 57.25%

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 84

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 202

දකුණු පළාතේ පසුගිය 12 වැනි දා සිට 18 වැනි දා දක්වා ගත වූ සතියක කාලයේ දී වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 1,088 ක් වන අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස සැළකූ විට එය 21.53% කි.

එම කාලයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 909 ක් වාර්තා වී ඇති අතර එය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයන් අතරින් 17.98% ප්‍රතිශතයකි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ගත වූ සතියක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 749ක් වාර්තා වී ඇති අතර එය සමස්ත ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාවෙන් 14.82% ප්‍රතිශතයකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවේ දෛනික තත්ව වාර්තාව මගින් ඉදිරිපත්කරනු ලබන දත්ත සාවද්‍ය බව අපි මීට පෙර අවස්ථා ගණනාවක දී අනාවරණය කළෙමු. එම දත්ත සාවද්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරක් චෝදනා කළේය.

දැන් ඔවුන් දිනකට කොරෝනා ආසාදිතයන් 700ක ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරද්දී දකුණු පළාතෙන් නිකුත් කරන වාර්තාවේ ඉන් හරි අඩක්ම සඳහන් වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා වැඩිම අවදානම් ප්‍රදේශය දකුණ බව ද රටේ පරිපාලන පළාත් 07 න් එක් පළාතකින් දින හතක දී රෝගීන් 2,746ක් වාර්තා වී තිබිය දී අනෙකුත් පළාත් 06න් ම වාර්තා වූයේ 2,307 දෙනකු පමණක් යැයි පිළිගත නොහැකි අගයකි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ දකුණේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන වාර්තාවලින් මේ පරස්පරය මතුවෙයි.

ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.

වැරදි සංඛ්‍යාලේඛන දත්ත මත පදනම්ව කිසිදා වසංගතයක් පාලනය කර නොහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!