spot_img
spot_imgspot_img

කම්පාලා නගරයේ බෝම්බ පිපිරෙයි

පුවත්

විදෙස්

උගන්ඩාවේ කම්පාලා අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වෙති. තුවාල ලැබූ අයගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.

යතුරුපැදිවලින් පැමිණි ප්‍රහාරකයින් තිදෙනෙකු පාර්ලිමේන්තුව සහ නගරයේ පොලිස් මූලස්ථානය අසලදී සියදිවි නසාගත්හ.

මිනිත්තු තුනක් ඇතුළත ප්‍රහාර එල්ල විය. නගරයේ අනෙකුත් ප්‍රදේශවලින් තවත් බෝම්බ සොයාගෙන ඇති බව බලධාරීහු පවසති.

“විශේෂයෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාරකයින්ගෙන් බෝම්බ තර්ජන තවමත් සක්‍රීයයි,” පොලිස් ප්‍රකාශක ෆ්‍රෙඩ් එනංග පැවසීය.

සිව්වැනි ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇති අතර පුපුරණ ද්‍රව්‍ය කබායක් ද සොයා ගෙන තිබේ.

ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු නවතා දැමූ අතර මන්ත්‍රීවරුන්ට එම ගොඩනැගිල්ලට නොපැමිණෙන ලෙස උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තුව අසල නවතා තිබූ මෝටර් රථ ගිනිගෙන ඇති අතර, පොලිස් ස්ථානය අසල පිපිරීමෙන් වීදුරු කුඩු වී ඇත.

මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යෑමට ඉඩ ඇති බව පොලිසිය පවසයි.

ADF සංවිධානයට සම්බන්ධ “ගෘහස්ථ ත්‍රස්ත කණ්ඩායමක්” විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව ද පොලිසිය පවසයි.

මෙම කණ්ඩායම 1990 ගණන්වල අගභාගයේදී උගන්ඩාවේ දිගු කලක් සේවය කළ ජනාධිපති යොවේරි මුසවේනිට එරෙහිව පිහිටුවන ලදී. මෑත වසරවලදී, එහි ප්‍රහාර ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම විසින් ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය. ADF මෑත වසරවලදී IS සමග සහයෝගීව කටයුතු කර ඇත – ඔවුන් සබඳතා ගොඩනඟා ගැනීමෙන් පසු උගන්ඩාවේ සිදුවූ විශාලතම ප්‍රහාරය මෙයයි.

https://www.bbc.com/news/world-africa-59302917

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!