spot_img
spot_imgspot_img

ගාල්ල පොලිසිය පල්ලි සහ පන්සල්වල යකඩකටවල් ගලවයි

පුවත්

විදෙස්

ශබ්ද දූෂණ ඇතිකරමින් සවිකර ඇති සියලුම ශබ්දවාහිනී යන්ත්‍ර ඉරිදා (06) මධ්‍යම රාත්‍රිය වනවිට ගලවා දැමිය යුතු බවත් එසේ නොකරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ගාල්ල මූලස්ථාන පොලිසිය ගිංතොට ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන කිහිපයකට, බෞද්ධ විහාරස්ථානයකට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරන ලද ත්‍රී රෝද රථ ගාලකට උපදෙස් ලබා දී තිබේ.

පොලිසිය මෙම උපදෙස් ලබා දී ඇත්තේ “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” විසින් ගාල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පාර්ශව කැඳවීමෙන් අනතුරුවය.

ගිංතොට ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හෝ එම දේවස්ථාන ලෙස අඟවමින් පවත්වාගෙන යන ආගමික මධ්‍යස්ථාන සහ විහාරස්ථානයකින් දෛනිකව ශබ්ද දූෂණය සිදුකරන බවත් ගිංතොට පාලම අසළ ඇති කුඩා බුදුපිළිමයක් අසළ සවිකර ඇති ශබ්ද විකාශනය යන්ත්‍රයකින් ද ශබ්ද දූෂණය සිදුකරන බවටත් එම සංවිධානය පොලිසියට පැමිණිලි කර තිබිණි.

2007 වර්ෂසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් ලබා දී ඇති නඩු තීන්දුවක් සහ 2007 නොවැම්බ්ර් මස 28 වැනි දින ‍පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුවත් බලපත්‍ර නෙමැතිව ශබ්ද විකාශනය යන්ත්‍ර සවිකර භාවිතා කිරීම දණ්ඩනීති සංග්‍රහය අනුව වරදක් බැවින් අදාල උපකරණ අත්අඩංගුවට ගෙන සැකකරුවන් සමඟ අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එම පැමිණිල්ල මගින් පොලිසියෙන් ඉල්ලා තිබිණි.

ඒ අනුව පැමිණිලිකාර පාර්ශවය සහ විත්තිකාර පාර්ශවය කැඳවූ ගාල්ල මූලස්ථාන පොලිසිය එහි පැමිණ සිටි මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්, බෞද්ධ විහාරස්ථානයේ දායක සභාවේ නිලධාරීන් සහ ත්‍රී රෝද රථ ගාලේ සාමාජිකයන්ට කියා සිටියේ මෙම නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර වහාම ඉවත්කළ යුතු බවයි. ඉදිරියේ දී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම අවශ්‍ය අවස්ථාවක දී ඒ සඳහා පොලිසියෙන් අවස්ථානුකූලව බලපත්‍රයක් ලබාගන්නා ලෙසත් බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් පොලිසිය නියෝග කළේය.

වසර ගණනාවක් පැවත ආ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිදුකරන ප්‍රචාරයන් එකවිට නැවැත්වීමේ දී අනුගාමිකයන්ගේ යම් ගැටලුවක් ඇතිවිය හැකි  බැවින් ඔවුන් දැනුම්වත් කිරීම සඳහා දින කිහිපයක් ලබාදෙන ලෙස මුස්ලිම් දේවස්ථාන විසින් ඉල්ලීමක් කළ බැවින්, අද (06) සහ හෙට (07) දෙදින එවැනි දැනුම්ත් කිරීම් සිදුකර හෙට (07) රාත්‍රියෙන් පසු යළි ශබ්ද විකාශනයන් නොකරන ලෙසත් අවශ්‍ය  අවස්ථාවන්හි දී බලපත්‍ර ලබාගෙන විකාශය කරන ලෙසත් පොලිසිය විසින් උපදෙස් ලැබිණි.

ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමර විසින් පැමිණිල්ල විභාග කිරීම සිදුකරනු ලැබූ අතර ඔහුගේ දැනුම්දීම වූයේ බලපත්‍ර ලබාගත්ත ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ පොලිස්පති චක්‍රලේකය අනුව බලපත්‍ර ලබාගන්නා පරිශ්‍රයේ සීමාවන්ගෙන් පිටතට ශබ්දය නොඇසෙන පරිදි ශබ්ද විකාශනය භාවිතා කළ යුතු බවයි. එමෙන් ම ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකර තැබිය නොහැකි බවත්, ඒ සියල්ල භාවිතා කළ හැකිවන්නේ පොළොවට අංශක 45ක ආනතියක් සිටින සේ බවත් හෙතෙම කියා සිටියේය. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් රටේ නීතියට ගරු කරමින් කටයුතු කරන්න යැයි ද පොලිසියේ උපදෙස විය.

5 COMMENTS

  1. “ශබ්ද දූෂණයට එරෙහිව” එකමුතුව කලේ ලොකුම මෙහෙවරක් මේ වෙනුවෙන්.ඔබ සැමට⁣ම අනේක වාරයක් ස්තූතියි

  2. Dear Rata.lk;

    What ever your political view and views with regard to other matters, please keep following up to eliminate this public nuisance by loudspeakers installed at religious places. Specifically at Buddhist temples and mosques. They used to continue violating fundamental rights of people by the name of religion.

    Religion must not be a nuisance to people.
    If someone needs to hear prayers or pirith chanting or dhamma sermon, nowadays everyone has own TVs or Radios.

    Please be vigilant and help to stop this sound pollution

  3. NOISE POLLUTION FROM OPEN AIR MUSICAL SHOWS, TEMPLES, MOSQUES, VEHICLES AND OTHER AUDIO RELATED DISTURBANCES DIRECTLY AFFECTING THE GENERAL PUBLIC IS A SILENT KILLER.

    This continuing disturbance is a direct violation of a Supreme Court order, which plainly states that at any time at all no disturbance can be caused to anyone in the vicinity.

    The inconvenience and anxiety caused to the general public, who want to have an undisturbed rest after a hard day’s work, the sick as Doctors have strongly advised that excessive noise is detrimental to recuperation, tourists and students trying to study in quiet surroundings.

    One must take into consideration that all the principal religions practiced in the country were in existence hundreds of years before the advent of amplifying devices and thereby proving that amplification is not necessary to propagate the divine wisdom of the Gods.

    An urgent stop must be put to these practices as well, to ensure safety and peace of mind to the public in general.

    After my twenty years of trying to get this situation resolved, I have confidence that finally your positive action will put an end to this dilemma once and for all and you have my assurance that any support needed from me will be forthcoming.

    Senaka De Silva
    0777 904 204
    [email protected]

  4. විවෘත වායු සංගීත සංදර්ශන, පන්සල්, මුස්ලිම් පල්ලි, වාහන සහ අනෙකුත් ශ්රව්ය ආශ්රිත බාධාවන්ගෙන් සිදුවන ශබ්ද දූෂණය සාමාන්ය මහජනතාවට සෘජුවම බලපාන නිහඬ ඝාතකයෙකි.

    දිගින් දිගටම සිදුවන මෙම කැළඹීම ශ්රේෂ්ඨාධිකරණ නියෝගයක් සෘජුව උල්ලංඝනය කිරීමක් වන අතර, ඕනෑම අවස්ථාවක අවට සිටින කිසිවකුට කිසිඳු බාධාවක් ඇති කළ නොහැකි බව පැහැදිලිව සඳහන් කරයි.

    වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු නොසන්සුන් විවේකයක් ලබා ගැනීමට කැමති සාමාන්ය ජනතාවට, රෝගීන්ට ඇති වන අපහසුතාවය, අධික ශබ්දය ප්රකෘතිමත් වීමට අහිතකර බව වෛද්යවරුන් තරයේ අවවාද කර ඇති අතර, සංචාරකයින් සහ සිසුන් නිස්කලංක පරිසරයක ඉගෙනීමට උත්සාහ කරයි.

    වර්ධක උපකරණ පැමිණීමට වසර සිය ගණනකට පෙර රටේ පැවති සියලුම ප්රධාන ආගම් පැවතුණු බවත් එමඟින් දෙවියන්ගේ දිව්ය ඥානය ප්රචාරය කිරීම සඳහා විස්තාරණය අවශ්ය නොවන බව සනාථ කරන බවත් සැලකිල්ලට ගත යුතුය.

    පොදුවේ මහජනතාවගේ ආරක්ෂාව සහ මනසේ සාමය සහතික කිරීම සඳහා මෙම භාවිතයන් ද වහා නැවැත්විය යුතුය.

    මෙම තත්ත්වය සමනය කර ගැනීමට වසර විස්සක් ගත වූ පසු, අවසානයේ ඔබගේ ධනාත්මක ක්රියාව මෙම උභතෝකෝටිකයට නැවතීමේ තිත තබනු ඇති බවට මට විශ්වාසයක් ඇති අතර මගෙන් අවශ්ය ඕනෑම සහයෝගයක් ලැබෙනු ඇති බවට මගේ සහතිකය ඔබට ඇත.

    සේනක ද සිල්වා
    0777 904 204
    [email protected]

  5. All the religious places must stop theirs prayers brodcasting with laudspeakers in high volume in the country during odd hours.
    Anyone can follw any religion without interupting others .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!