spot_img
spot_imgspot_img

ලෝකයේම රටවල දරුවන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ ගුරුවරියක් පවත්වන Online බැලේ නැටුම් සංදර්ශනය

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අන්තර් ජාලය ඔස්සේ බැලේ නැටුම් ප්‍රසංගයක් පැවැත්වීමට ගාල්ලේ “මොෂිකා බැලේ ඉන්ස්ටිටියුට්” ආයතනය කටයුතු සූදානම් කර තිබේ. ලංකාවේ දරුවන් පිරිසක් සහ විදේශ රටවල දරුවන් ද සමඟ එක්ව නොවැම්බර් මස 06 වැනි දා සවස 2.00 ට ඔවුන්ගේ දස්කම් මෙලෙස කලඑළි දැක්වීමට සූදානම්ව සිටියි. පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වෙන මෙම Online බැලේ නැටුම් ප්‍රසංගය ඕනෑම අයකුට නොමිලේ නැරඹීමට ද අවස්ථාව තිබේ. එයට https://moshikaballet.com/ වෙබ් අඩවිය ඔස්සේ පිවිසීමට හැකියාව ඇත.
කොරෝනා හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ බැලේ නැටුම් පුහුණුවීම් සිදුකළ දරුවෝ එළෙස සූම් ක්‍රමයට තම දස්කම් ප්‍රදර්ශනය කරති. මොෂිකා ජයතුංග මහත්මිය විසින් පවත්වාගෙන යන මෙම බැලේ පුහුණු ආයතනයේ සිසු සිසුවියන් 200ක් පමණ මේ වනවිට පුහුණුව ලබන අතර ඔවුන්ගෙන් 150ක පමණ පිරිසක් එක්ව මෙම සංදර්ශනය පවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
“කොරෝනා වසංගතය නිසා දරුවන් පන්තිවලට ගෙන්වන්න නොහැකිවිමත් සමඟ මම මේ දරුවන්ට Online ක්‍රමයට බැලේ උගන්වන්න පටන්ගත්තා. එය බොහොම ජනප්‍රිය වුණා. නිවෙස්වලට කොටුවෙලා දැඩි පීඩනයකින් හිටපු දරුවන්ට මෙය අපූරු අවස්ථාවක් වුණා. දැන් ගාල්ලේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලත් වෙනත් රටවල් කිහිපයකත් ශ්‍රී ලාංකීය වගේම විදේශීය ළමයි කිහිප දෙ‍නකුත් අපේ Online බැලේ පන්තියට සම්බන්ධ වෙලා ඉන්නවා. මේක ඇත්තටම ඉතාමත් සුන්දර අත්දැකීමක්. ළමයි භෞතිකව පුහුණුවට සම්බන්ධ වෙනවා වගේම Online සහභාගීවීමෙත් වටිනාකමක් තිබෙනවා. බැලේ පුහුණුවීමෙන් ළමයින්ගේ චර්යාවන් සංවර්ධනය වෙනවා. විනයගරුක වෙනවා. ඒ වගේම ඔවුන් කලාවට ලැදි වෙනවා. කලහකාරී සහ ආවේගශීලී දේවලින් ඈත් වනවා. ගණිතය, විද්‍යාව, සිංහල වගේ විෂයයන් ඉගෙන ගන්නවාට වඩා දැඩි උනන්දුවකින් දරුවන් මේ පන්තියට සම්බන්ධ වෙනවා.” යැයි මොෂිකා පවසයි.
බැලේ නර්තන සම්ප්‍රදාය ආරම්භ වී ඇත්තේ ඉතාලියෙනි. ඉන් පසු රුසියාවේ දී ඉතාමත් දියුණු තත්වයකට පත්වූ මේ කලාව දැන් යුරෝපය ප්‍රමුඛ බොහෝ රටවල ජනප්‍රිය කලාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!