spot_img
spot_imgspot_img

තලේබාන් සංවිධානය සියතින් ගෙල සිඳගනී ?

පුවත්

විදෙස්

එම්.එස්.එම්.අයුබ් විසිනි

සටන්කාමින් දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින් වසර 26ක් වැනි ඉතාමත් දීර්ඝ කාලයක් ගුහාවල සැඟවී සටන් කරමින් පසුගිය අගෝස්තු 15 වැනි දා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගත් තලේබාන් සංවිධානයට පසුගිය සති කිහිපය තුළ මුහුණ දීමට සිදුවූ පාලන අභියෝග එකිනෙක සසඳන විට බලය අල්ලාගැනීමෙම් ක්‍රියාවලිය ඉතාමත් පහසු කාර්යයක් දැයි සිතෙන්නට ඇතැයි යන්න පුදුමයක් නොවේ. ඔවුන් ඇෆ්ගන් රජයේ හමුදාවට එරෙහිව සටන් කිරීමෙන් සහ එක්සත් ජනපදයේ ගුවන් ප්‍රහාර හමුවේ පවා නිර්භීතව තම සටන්කිරීමේ දක්ෂතාවව සනාථ කළා. නමුත් ඔවුන්ට ඇෆ්ගනිස්ථානයේ හටගෙන ඇති ආර්ථික හා පරිපාලන ගැටලු විසඳීමට කිසිදු සැළැස්මක් ඇති බව පෙනෙන්නට නැහැ.

තලේබාන් සංවිධානය මේ වනවිට තීරණාත්මක ගැටලු හතරකට මුහුණ දී සිටිනාව. දේශීය හා ජාත්‍යන්තරව අදාල ගැටලු තුනක් සහ අභ්‍යන්තර ගැටලුවකට ද ‍තලේබාන් සංවිධානය මුහුණ දී සිටී. ඇෆ්ගනිස්ථානය තුළ තවමත් සාධාරණ ආරක්ෂාවක් පවත්වාගෙන ගිය ද, එහි ජනතාවගේ පැවැත්මට සහ පරිපාලනයට තර්ජනයක් වෙමින් ආර්ථිකය බිඳවැටෙමින් පාලනය ද අතපසු වෙමින් තිබෙනවා. බාහිරව ගත් විට, ඔවුන‍්ගේ අන්තර්වාර රජයට ජාත්‍යන්තර පිළිැනීමක් ලබා ගැනීමේ අවිනිශ්චිතතාවය සහ අසල්වැසියන්ගේ භූ දේශපාලන අවශ්‍යතා තලේබාන් නායකයන්ගේ ජීවිත වඩාත් දුෂ්කර කිරීමට හේතු විය හැකියි.

හමුදාමය වශයෙන් ගත්විට ද ඇෆ්ගනිස්ථානයේ සම්පූර්ණ පාලන තලේබාන් සංවිධානය සතුව නැහැ. ර‍ටේ වාර්ගිකත්වය මත සටන් කරන කණ්ඩායම් දුසිමක පමණ ප්‍රමාණයක් අතර පවතින ගැටුම්වලට විසඳුමක් බව ඉස්ලාම් දහම පිළිබඳ තමන්ගේ ම අර්ථකථනයක් ඇති කණ්ඩායම් ආගමික කල්ලිවාදය, දේශපාලනය, කලාපීයවාදය සහ අනෙකුත් සමාජ සාධක අනුව සනාථ කර තිබෙනවා.

රටේ බලය අල්ලාගෙන තිබිය දී වුව ද අ‍ැෆ්ගනිස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන තලේබාන්වරුන්ට උදම් ඇනීමට තවමත් හැකියාවක් නැහැ. රටේ සන්නද්ද කණ්ඩායම් ගෝලීය වශයෙන් ක්‍රියාකරනවා. ඔවුන් දේශීය හා ගෝලීය දේශපාලන න්‍යායපත්‍ර අනුව කටයුතු කරනවා. Islamic State- Khorasan  (IS-K) සහ අල්කයිඩා වැනි ගෝලීය න්‍යායපත්‍ර ඇති සංවිධාන මධ්‍යම ආසියාතික රට පාලනය කිරීමේ දී වැඩි සැළකිල්ලක් දක්වන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් තවත් බටහිර ආක්‍රමණයකට ආරාධනා කිරීමට ඉඩ ඇති බැවිනි. මේ හේතුවෙන් තලේබාන් සංවිධානය ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ සංවිධානය සිදුකළ ආකාරයෙන් ම එක්සත් ජනපද බලධාරීන් සහ ඇෆ්ගනිස්ථානයේ හිටපු ආණ්ඩු සමඟ ඔවුන් පැවැත්වූ “සාම සාකච්ඡා” අතරතුර දී අවංක සහතිකයක් ලබා තිබුණා. නමුත් දෝහා හි ජාත්‍යන්තර ප්‍රජාවට තරමක් විශ්වාසය තැබිය හැක්කේ ඔවුන්ගේ එක් ප්‍රතිඥාවක් සම්බන්ධයෙන් පමණි. ඒ බටහිර බලතුන්ට එරෙහිව ඇෆ්ගන් භූමිය භාවිතා කිරීමට කිසිදු සන්නද්ධ කණ්ඩායකට ඉඩ නොදනෙවා යන ප්‍රතිඥාව පමණි.

මෙම කණ්ඩායම් දැනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. IS-K මැදපෙරදිග රාජ්‍යය ඉරාකයේ සහ සිරියාවේ (අයිඑස්අයිඑස්) ඇෆ්ගනිස්ථාන මතවාදී ප්‍රකාශනය මගින් අගෝස්තු 26 වැනි දා කාබුල් ගුවන්තොටුපළෙන් පිටත දී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා නිලධාරීන් 13 දෙනකු ඇතුළුව 183 දෙනකු මරා දැමූ බෝම්බ ප්‍රහාර දෙකෙහි වගකීම ද භාරගෙන තිබුණා. එම ප්‍රහාාරය එල්ල වූයේ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන අගනුවරට ඇතුළු වී දින 11කට පසුවයි. ඉන් පසු සැප්තැම්බර් 20 වැනි දා තලේබාන් රථ ඉලක්ක කරගනිමින් ජලාලාබාද් හි එල්ල වූ තවත් බෝම්බ ප්‍රහාර කිහිපයක ම වගකීම IS-K සංවිධාන භාරගත්තා. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගයන් 15 දෙනකු මියගොස් තවත් 25 දෙනකු තුවාල ලැබුවා.  ඔක්තෝබර් මස 03 වැනි දා කාබුල් හි මුස්ලිම් පල්ලියක පැවැති තලේබාන් සැමරුම් උත්සවයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් 10 දෙනකු ඝාතනය වුණා. පිළිවෙලින් පුද්ගලයන් 47ක් සහ 46ක් මරා දමමින් කුන්දුස් සහ කන්දහාර් හි ෂියා මුස්ලිම් ල්ලි දෙකක දී අහිංසක බැතිමතුන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරවල වගකීම ද ඔවුන් නිර්ලජ්ජිතව භාරගෙ තිබෙනවා.

IS-K වෙතින් එල්ලවන ක්ෂණික තර්ජනය සැළකිල්ලට ගෙන කාබුල් අල්ලාගැනීමෙන් පසු තලේබාන්වරු ඔවුන්ගේ අත්අඩංගුවට ගැනීම්වල දී දකුණු ආසියාවේ ඉස්ලාමීය රාජ්‍යයේ ප්‍රධානියා අල්ලා සිරකළා. අබු ඕමාර් කොරසානි කාබුල් හි පුල්-ඉ-චාර්කි බන්ධනාග‍රයෙන් පිටතට ගෙන ඔහු මරණ දඬුවම ලබා දී තිබුණා. නමුත් අල්කයිඩා ඇතුළු සංවිධාන බොහොමයක සාමාජිකයන් නිදහස් කිරීමට ද කටයුතු කර තිබුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය දා වාර්තා කළේ අලිකයිඩා සංවිධානය අවම වශයෙන් ඇෆ්ගනිස්ථානයේ පළාත් 15කවත් ක්‍රියාත්මක ව සිටින බවයි. ඉන්දීය උප මහද්වීපයේ අල්කයිඩා සංවිධානය කන්දහාර්. හෙල්මන්ඩ් සහ නිම්රුස් යන පළාත් තලෙයිබාන් ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ස්ථාපිත කරන ලද කණ්ඩායමක් විසින් සැකසූ වාර්තාවක දැක්වුණා. නමුත් ගෝලීය න්‍යාය පත්‍රය අනුව එම කණ්ඩායම් තලේබාන්වරුන් ඉවත දැූ මස්කටුවක් වැනියි. තලේබාන් සහ අල්කයිඩා අතර සබඳතා ද තවමත් අපහැදිලියි.

ඇෆ්ගනිස්ථානයේ සැලකිය යුතු පැවැත්මක් සහිත වෙනත් සන්නද්ධ කණ්ඩායම් සිටිනවා. ඒවා අතර පැන්ජ්ෂර් පළාතේ ජාතික ප්‍රතිිවිරෝධී පෙරමුණ (NRF) ප්‍රධානයි, උතුරු සන්ධානයේ මුජාහිදීන්ගේ සංවිධාන කණ්ඩායම්, 2014 වර්ෂයේ දී නොබෙල් සාම ත්‍යාගය දිනූ මලාලා යූසුෆ්සායිට වෙඩි තැබූ හේරික-ඉ-තලිබාන් පකිස්තාන් (TTP), උයිගර් තුර්කෙස්තාන් ඉස්ලාමීය පක්ෂය (TIP), උස්බෙකිස්තානයේ සහ ටජික්හි ඉස්ලාමීය ව්‍යාපාරය මෙන් ම ෂියා සංවිධානය ‍ලෙස හැදින්විය හැකියි.

මේ එක් එක් කණ්ඩායම් සහ තලේබාන් සංවිධානය අතර ඇති සතුරුකම්වල මට්ටම වෙනස් වුවත් රටක සන්නද්ධ හමුදාවන්ගෙන් ස්වාධීන සන්නද්ධ කණ්ඩායම්වල පැවැත්මට එල්‍ලවෙන ආරක්ෂක තර්ජනයක් ද වනවා. එය අසල්වැසි ප්‍රාන්තවලින් තලේබාන්වරුන්ට පිඩාව ගෙන යන ලක්ෂයක් විය හැකියි.

තලේබාන් සංවිධානයේ ඇති ම්ලේච්ඡත්වය පිළිබඳ සාධාරණ බිය නිසා නොවේ නම් ආර්ථික දුෂ්කරතා දහස් ගණනක් ඇෆ්ගනිස්ථාන්වුන් වීදිවලට තල්ලුකිරීමට හේතුවක් වනු ඇති. නමුත් ඒ වෙනුවට බොහෝ දෙනකු කරන්නේ තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීම සඳහා තම නිවසේ ඇති බඩ බඩු බාහිරාදිය වීදිවලට ගෙනවිත් විකිණීමයි.මේ වනවිට රෝහල්වලට අවශ්‍ය  ඖෂධවලින් ඇත්තේ 5%ක ප්‍රමාණයක් පමණයි. මේ අතර ඖෂධ සහ අනෙකුත් රෝහල් පහසුකම් නොමැතිවීම හේතුවෙන් අලුත උපන් දරුවන් පවා මියයන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළා.

තලේබාන්වරු කාබුල් නුවර දොරට තට්ටුකරන විට රටින් පලාගිය ජනාධිපති අෂ්රෛාෆ් ඝානි, ඇෆ්ගන් වැසියන්ගෙන් 90%ක් පමන ජීවත් වූයේ දිනකට ඩොලර් දෙකක සොච්චම් ආධාර මත යැයි කියා සිටියා. අගෝස්තු මාසයේ දී එක්ස්ත ජනපදය රටින් ඉවත්වන තුරු රාජ්‍ය වියදම්වලින් 75% වඩා වැඩි ප්‍රමාණයක් ලබා දුන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ විදේශීය පරිත්‍යාගශීලීන් විසිනුයි. මේ වනවිට තලේබාන් ප්‍රමුඛ අන්තර්වාර රජය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම් වැනි මූලික වියදම් පවා පියවා ගැනීමේ ගැටලුවලට මුහුණ දී සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩනහටහන (UNDP) සැප්තැම්බර් 09 වැනි දා නිකුත් කළ වාර්තාවකින් ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්තානයේ දේශපාලන හා ආර්ථිික අර්බුදවලට විසඳුම් නොලැබුණහොත් ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් 97% ක් පමණ දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇද වැටෙනු ඇති බවයි. රටේ මිලියන 38ක ජනතාවගෙන් මිලියන 18ක් දෛනික පදනම මත මානුෂීය ආධාර මත යැපෙන බව අල් ජසීරා හි චාල්ස් ස්ට්‍රැට්ෆර්ඩ්, මෑතක දී කාබුල් අගනුවර සිට වාර්තා කර තිබුණා. තලේබානයේ පැවති රජය කාලයේ කාබුල් යුනිසෙෆ් කාර්යාලයේ සේවය කළ තානාපති අනෝජා විජේසේකර පසුග්ය ඔක්තෝබ්ර් 23 වැනි දා අන්තර්ජාල වැඩසටහනකට එක්වෙමින්, එරට මිලියන 26ක ජනතාවක් දැන් සාගින්න අභියස සිටින බව කියා සිටියා.

මිලියන භාගයකට වැඩි ජනතාවක් මේ වනවිටත් නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පලාගොස් ඇති අතර ශීත සෘතුව ළඟාවන විට ඔවුන් කුසින්නෙන් හා ශීතලෙන් මිය යාමේ අවදනාමකට ලක්ව සිටින බව නෝර්වීජියානු සරණාගත කවුන්සිලය පසුගිය මාසයේ දී පවසා තිබුණා. ඇෆ්ගනිස්ථාන ජාතික ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සැළකිය යුතු ආර්ථික කම්පනයක් ඇති කරන බව ද ස්ථිරයිය. සිය දහස් ගණනක් හමුදා සහ පොලිස් භටයන්ගේ පවුල්වල ජීවත්වීම සඳහා තිබූ එක ම ආදායම ඉන් අහිමිවේවි.

තලේබාන් සංවිධානය බලය අත්පත් කරගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ මහ බැංකු වත්කම්වලින් ඩොලර් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජනපදය සහ විදේශ රවටලින් අත්හිටුවා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොරෝනා වසංගතය හේතුවෙන් ලබාදෙන අරමුදල් වැඩිකිරීම නිසා ඇෆ්ගනිස්ථානයට හිමිවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 450ක් ද ඒ ආකාරයෙන් ම අත්හිටුවා තිබෙනවා. ඇෆ්ගනිස්ථාන වියදම් සඳහා සෘජු සහය ලබාදීමටත්, ජනතාවගේ මූලික සෞඛ්‍ය හා ග්‍රාමීය සංවර්ධනය ඉහළ නැවීමේ ව්‍යාපෘති සඳහාත් ඇෆ්ගනිස්ථානයේ ප්‍රතිසංස්කරණ භාර අරමුදලට ජර්මනිය වැනි අනිකුත් පරිත්‍යාගශීලී රටවල සම්පත් සහ මූල්‍ය දායකත්වය ලබාදීම ද ලෝක බැංකුව විසින් දැනටමත් නතර කරලා. ආසියානු සංවර්ධන බැංකුව ද ඇෆ්ගනිස්ථානයට මුදල් ලබා දීම නතර කර දැමුවා. අසල්වැසි රටවලින් අඛණ්ඩව විදුලිය ලබාගැනීම සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැති නම් කාබුල් සහ අනෙකුත් ඇෆ්ගනිස්ථාන නගර අඳුරු වී යා හැකියි.

රුසියාව, චීනය, කටාර් සහ පකිස්තානය ඇෆ්ගනිස්ථානයේ වත්කම් නිදස් කිරීමට සහය පළ කළා. “මෙම වත්කම් ඇෆ්ගනිස්ථානයට අයත් වන අතර ඇෆ්ගනිස්ථානය සඳහා භාවිතා කළ යුතුයි. තර්ජන හෝ සීමා කිරීම් සඳහා උත්තේජනයක් ලෙස නොවේ” යනුවෙන් චීනයේ නියෝජ්‍ය එක්සත් ජාතීන්ගේ තානාපති ගෙන් ෂොන් සැපැත්ම්බර් 09 වැනි දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ප්‍රකාශ කළා.

නමුත් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ස්ථාවරය වෙනස්. ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ජෙෆ්රි ‍ඩිලෝරෙන්ටිස් ආරක්ෂක මණ්ඩලයට පැවසුවේ “තලේබාන් සංවිධානය ජාත්‍යන්තර නීත්‍යානුකූළභාවය සහ සහය අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් අපේ පණිවිඩය ඉතාමත් සරලයි. ඕනෑම නීත්‍යානුකූල භාවයක් සහ සහයෝගයක් උපයාගත යුතුයි.” යනුවෙනි.

ඇෆ්ගනිස්ථානයේ පැවැති රජයේ පාලන කාලයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇතුළුව පසුගිය වසර 20ක පමණ කාලය තුළ එක්සත් ජනපදයේ සහායෙන් අධ්‍යාපනය ලැබූ ඇෆ්ගනිස්ථාන ජාතිකයන්, ඉංජිනේරුවන්, අධ්‍යාපන වෘත්තිකයන්, තාක්ෂණික සහ වෙනත් බොහේ ක්ෂේත්‍රවල නියැලී සිටින අය තමන්ගේ වෘත්තීන් අතහැර කෙසේ හෝ විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටිනවා. මේ බුද්ධි ගලනය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, අක්‍රියව පවතින ආර්ථිකය මෙන්ම පාලනය ද තවත් අර්බුදයක් කරා ගෙනයන බව ස්ථිරයි.

තලේබාන් හි පිහිටි බැංකුවලින් එක් බැංකුවක් හැර අනෙක් සියලුම බැංකු ඔවුන්ගේ පොලී රහිත සම්ප්‍රදායික ප්‍රතිප්තිතයට විරුද්ධවන බැංකු පද්ධතිය සක්‍රීය කිරීමට අරගල කරනවා. ඒවා සම්පූර්ණයෙන් ම පොලී රහිත පද්ධතියකට පරිවර්ථන කිරීම දීර්ඝ හා වියදම් අධික ක්‍රියාපටිපාටියක් බවට පත්ව තිබෙනවා. මේ අතර රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන කාන්තාවන් සඳහා තලේබාන් සංවිධානයේ ප්‍රතිපත්තියේ පැහැදිලි භාවයක් නොමැතිවීම හේතුවෙන් සියලු ම ආයත ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. එය හේතු වී ඇත්තේ කාර්යාලවල සේවය කරන කාන්තාවන්ගෙන් බහුතරයක් සේවයට පැමිණීමට මැලිකමක් දැක්වීමයි.

මේ සියලු දුක්ඛිත තත්වයන්ට පිළියමක් වන්නේ තලේබාන් ප්‍රතිපත්ති මත එල්ලී ඇති ජාත්‍යන්තර පිළිගැනීමයි. පකිස්තානය වැනි රටවල් කිහිපයක්, චීනය, රුසියාව සහ ඉරානය තලේබාන් සම්බන්ධයෙන් මෘදු ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන නමුත් ඔවුන්ගේ භූ දේශපාලන අවශ්‍යතා මත පමණයි. එහි අපේක්ෂාව කලාපය තුළ එක්සත් ජනපද බලපෑමට එරෙහි වීමයි. නමුත් ඔවුන් පවා ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය පිළිගැනීමට ඉක්මන් වන බවක් පෙනෙන්නට නැහැ. තම ප්‍රතිපත්ති ඉස්ලාමය මත පදනම් වූ බව තලේබාන් සංවිධානය පවසනවා. නමුත්, මුස්ලිම් බහුතරයක් ඇති ලොව කිසිම රටක් ඉස්ලාම් අර්ථකථනය අනුගමනය නොකරන බැවින් මෙය බරපතල ලෙස මතභේදයට තුඩු දී තිබෙනවා.  

තලේබාන්,  IS-K  සහ අල්කයිඩා වැනි අනෙකුත් අන්තවාදී සංවිධාන අතර මතවාදී ගැටුම් ඔවුන්ගේ ස්ථාවරයේ දැඩි බව අඩුකිරීමට හේතුවන්නේ නැහැ. එය ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ නායකයන්ගේ මතය හා සමානයි. ඔවුන්ගේ මෘදු ස්ථාවරයන් පාවාදීමක් ලෙස සැළකීමට හැකියාව තිබෙනවා. “හේතුව” තලේබාන් සංවිධානය අනාගතය සඳහා අල්ලා ගැනීමක්

(ලේඛකයා, මැද පෙරදිග සහ දකුණු ආසියාවේ කලාපීය දේශපාලනය පිළිබඳ විශේෂඥතාවක් ඇති තීරු ලිපි රචකයකු වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකි. ඔහු [email protected] ලිපිනය ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.)

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි.




LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!