spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ “ලොකු අයියා” දැයෙන් සමුගනී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර අද (18) කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට හෙතෙම 68 වැනි වියේ පසුවූයේ ය.

1975 වර්ෂයේ සිට 1982 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ඔහු එවකට ක්‍රිකට් තහනට ලක්ව සිටි දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීම හේතුවෙන් ක්‍රිකට් තහනමකට ලක්වූයේය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරඟ 04කට සහභාගී වී එම හතරටම නායකත්වය දුන් වර්ණපුර එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ද ක්‍රීඩා කළේය. දකුණතින් පිත්ත හසුරුවන ඔහු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වූ අතර දකුණත් මද වේග පන්දු යවන්නකු ලෙස ද කටයුතු කළේය. තමන් සහභාගී වූ සියලු ටෙස්ට් තරඟවලට නායකත්වය දුන්නද ඉන් එකම තරඟයක් හෝ ජය ගැනීමට ඔහුට හැකිවූයේ නතැ. නමුත් ඔහු නායකත්වය ලබාදුන් පළමු එක්දින තරඟයම ශ්‍රී ලංකාව ජයත්තේය. එක්දින තරඟවල දී ඔහු එක් අර්ධ ශතකයක් ද රැස්කරගෙන තිබිණි.

1953 මාර්තු 01 වැනි දා උපත ලැබූ වර්ණපුර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1971 දී ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවූයේය. අයිසීසී තරඟ තීරකවරයක ලෙස මෙන්ම විනිසුරුවරයකු ලෙස ද සේවය කර ඇති වර්ණපුර සහතික ලත් ක්‍රිකට් පුහුණුකරුවකු ද වූයේය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුුණු කරුවකු ලෙස ද කටයුතු කර ඇති හෙතෙම 1994 දී පුහුණු අධ්‍යක්ෂ ලෙස පත්වූයේය. 2001 වර්ෂයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා වූ ඔහු 2008 වර්ෂය දක්වා එම තනතුරේ කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!