spot_img
spot_imgspot_img

දරුවන් 26ක් දිනකට අපයෝජනය වෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ දිනකට දරුවන් 26 දෙනකු අවම වශයෙන් අපයෝජනයට ලක්වන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක දී ප්‍රකාශ කළෙල්ය.

ඔහු පවසන්නේ 2021 වර්ෂයේ පළමු මාස ‍06ක කාලයේ දී ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිලිල 4743ක් ලැබී ඇති බවයි. ජනවාරි 01 වැනි දා සිට ජුනි 30 වැනි දා දක්වා වූ දින 180න් එම සංඛ්‍යාව බෙදූ විට දෛනිකව ළමුන් 26ක් අපයෝජනයට ලක්වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙලෙස අපයෝජනයට ලක්වන දරුවන්ගෙන් 21%ක් පමණ වයස අවුරුදු 05 අඩු දරුවන් වන අතර වයස අවුරුදු 5-10ත් අතර දරුවන් 17%ක් ද, 11-15යි අතර දරුවන් 38%ක් ද අපයෝජනය වන බව අනාවරණය වී තිබේ.

“මේ සංඛ්‍යාලේඛන අනුව අපට පෙනී යනවා අපයෝජනයට ලක්වන දරුවන්ගෙන් 76%ක් පමණ ඉන්නේ වයස අවුරුදු 15ට අඩු දරුවන්. මෙලෙස දරුවන් අපයෝජනය කිරීමේ විත්තිකරුවන් බවට වැඩියෙන් ම පත්වන්නේ පියා. ඊළඟට අම්මා. පූජ්‍ය පක්ෂයත් ඉන් පසු මෙයට වගකිව යුතුයි.”

යැයි ද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!