spot_img
spot_imgspot_img

තිස්සමහාරාමයෙන් ගිනි අවි කම්මලක් සොයා ගනී

පුවත්

විදෙස්

කම්මල්කරුවකු ලෙස පෙනී සිටිමින් ගිනි අවි සෑදූ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව‍ෙ තිස්සමහාරාමය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාමය, කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු සෑදූ ගිනි අවියක් රුපියල් පහළෙලාස් දාහක් සහ විසිදාහක් අතර මුදලකට අළෙවි කර ඇති බවත් එලෙස ගිනි අවි මිල දී ගත් තවත් සැකකරුවන් තිදෙනක් ද පොලිස් අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යාල වනාන්තරය ආශ්‍රිතව දඩමස් ජාවාරම සිදුවන බැවින් එහි යෙදෙන පුද්ගලයන් සඳහා මෙලෙස ගිනි අවි සෑදීම සිදුකර ඇති බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව රන්මිණිතැන්න ප්‍රදේශයේ දී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමක දී මෙම කම්හල්කරුවා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව පොලිසිය වැටලීම කරනු ලැබූ අවස්ථාවේ දී ද එම කම්හලේ ගිනිඅවියක් නිපදවමින් තිබූ බවත් එවැනි ගිනි අවි නිපදවීමට අවශ්‍ය කොටස් කම්හළ ආසන්නයේ වළදා තිබිය දී සොයාගත් බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!