spot_img
spot_imgspot_img

මොනවාද මේ පැන්ඩෝරා පත්‍රිකා ?

පුවත්

විදෙස්

චාමර සුමනපාල විසිනි

පැන්ඩෝරා ගැන අප දන්නේ ග්‍රීක විශ්වාසයන්හි හමුවන මාරාන්තික දෙවඟනක් ලෙසිනි. ලෝකයේ පවතින සියලු නපුරුකම් හා රෝගවලින් පිරුණු භාජනයක් ඇය විසින් විවෘත කිරීම නිසා සමාජය තුළ සියලු දුෂ්ඨකම් පැතිරුණු බව ග්‍රීක විශ්වාසයන් හි දැක්වෙනවා. 2021 ඔක්තෝබර් 03 වැනි දා අප දැන සිටියේ මේ කතාව පමණයි. නමුත් එදින තවත් පැන්ඩෝරා නමක් ලෝකය පුරා ප්‍රසිද්ධියට පතුවණා. එය “පැන්ඩොරා ලේඛන” ලෙස හැඳින්වෙනවා.

පැන්ඩෝරා ලේඛන ප්‍රකාශයට පත්ක‍ළේ “පැනමා ලිපි” වැනි වෙනත් හෙළිදරව් කිරීම් ද කිරීමෙන් ප්‍රසිද්ධිය පත්ව ඇති ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව (ICIJ) විසින්.ICIJ ට අනුව, පැන්ඩෝරා ලේඛන යනු ඉතිහාසයේ විශාලතම බදු වංචා ලේඛන කාන්දු වීමයි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් මෙය බදු වංචා පිළිබඳ සිදුකරන ලද විශාලතම හෙළිදරව්වයි.ICIJ ට අනුව එහි මූල්‍ය වාර්තා මිලියන 11.9ක් අඩංගු වෙනවා. ලොව පුරා සේවය සපයන්නන් 14 දෙනකුගේ රහසිගත තොරතුරු ටෙරාබයිිට් 2.94ක ප්‍රමාණයක් එහි අඩංගු වෙනවා.

ලෝකය පුරා සමාගම්, ඒවායේ පරිපාලනය සහ ව්‍යවසායකයන් මෙවැනි සේවා සපයන ආයතන සහ බදු ගෙවීම් කෙරෙහි විශ්වාසය තබනවා. ICIJ පවසන්නේ ඒවායේ ලිපිගොනු 150ක් තම මාධ්‍ය හවුල්කරුවන් සමඟ බෙදාගත් බවයි. වසර දෙකක කාලයක් පුරා සිදුකෙරුණු මේ ගවේෂණාත්මක කාර්යය ලෝක මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාලතම සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස ද හැඳින්වීමට හැකිවනවා. මේ ගවේෂණය සඳහා රටවල් 117ක මාධ්‍යවේදීන් 600ක් සිය දායකත්වය දැක්වූවා. ශ්‍රී ලංකාවෙන් ද ඊට මනා දායකත්වයක් ලැබී තිබෙනවා. එහි ප්‍රතඵලය වුණේ රටව්ල 90කට වැඩි ගණනක රාජ්‍ය නායකයන් 35 දෙනකුගේ, අනෙකුත් දේශපලනඥයන්ගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 330කට වැඩි පිරිසකගේ හෙළිදරව් නොකළ වත්කම් සහ රහස් ගනුදෙනු රැසක් මේ පැන්ඩෝරා ලේඛනවලින් හෙළිදරව් කළා. එහි රටවල් 45ක ප්‍රකෝටිපතියන් 130 දෙනකුගේ නම් සහ ඉතාමත් සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ද නම් ඇතුළත් වනවා.

මීට පෙර හෙළිදරව්කරන ලද “පැනමා ලිපි” මෙන් “පැන්ඩෝරා ලේඛන” යනු ICIJ මේ විමර්ශනය හඳුන්වාදීම සඳහා යොදාගන්නා ලද ආකර්ශනීය නාමයයි.

ICIJ යනු කුමක් ද ?

යම් පණිවිඩයක අඩංගු දත්ත හා කරුණු පිළිගැනීමට පෙර තොරතුරු ඉදිරිපත්කරන්නා කවුරුන්ද යන්න කෙරෙහි ඇතැම් පුද්ගලයන් විමසිලිමත් වනවා. එබැවින්, මේ ඉදිරිපත් කරන්නා කවුරුන්ද යන්න හඳුනාගැනීම වැදගත්. ICIJ යනු එක්සත් ජනපදය පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක්.  එය සුවිශේෂී සංවිධානක් ලෙස පිළිගැනෙනවා. “කුඩා වුව ද මූලාශ්‍ර සහිතව පුවත් කාමරයේ සිට ලෝකය පුරා ව්‍යාප්තවූ එක්ව සාමූහිකව වැඩ කරන වාර්තාකරුවන්ගෙන් සහ මාධ්‍ය සංවිධානවල ගෝලීය ජාලයක්” ලෙස හැඳින්වෙනවා. එහි සාමාජිකයින් අතරට රටවල් 100කට වැඩි ගණනක විශිෂ්ඨ ගනයේ ගවේෂණාත්මක වාර්තාකරුවන් 280ක් ඇතුළත් වෙනවා. ICIJට අනුව ලොව පුරා මාධ්‍ය සංවිධාන සහ ආයතන 100කට වැඩි ගණනක් හවුල්කාරීත්වය හොබවනවා. BBC, The New York Times, The Guardian සහ Asahi Shinbun වැනි දැවැන්ත ආයතන මෙන්ම ප්‍රාාදේශීය වශයෙන් පිටිහි ලාභ නොලබන ගවේෂණාත්මක මධ්‍යයේ නිරත ආයනත් ඇතුළත්.

ICIJ 1997 දී ඇමෙරිකාවේ මාධ්‍යවේදී චාල්ස් චක් ලූවිස් විසින් ආරම්භ කෙරුණා. එය ක්‍රියාත්මක වුණේ මහජන අඛණ්ඩතාව සඳහා වූ මධ්‍යස්ථාන ව්‍යාපෘතියක් ලෙසින්. 2017 දී එය සම්පූර්ණයෙන් ම ස්වාධීන ප්‍රවෘත්ති සංවිධානයක් බවට පත්වුණා.

Tax havens and Shell (cover up or front) Companies (බදු තෝතැන්න සහ කවචය (ආවරණය හෝ ඉදිරිපස) සමාගම්

බදු ක්ෂේමභූමි සහ ලේඛනවලට පමණක් සීමාවූ ව්‍යාජ සමාගම් (Shell Companies)

බදු සඳහා ක්ෂේමභූමියක් යනු ඕනෑම පුද්ගලයකුට විදේශිකයකුට වුව ද පහසුවෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ ලබාදෙන බදු අඩු හෝ ආයතනික බදු නොමැති රටක් හෝ ප්‍රදේශයක්. මෙවැනි ස්ථානයන් හි දී සමාගම් සහ ඒවායේ හිමිකරුවන් සම්බන්ධ බදු හෙළිදරව් කිරීම් සිදුවන්නේ නැහැ. ඒ නිසා බදු ක්ෂේමභූමි බොහෝ විට රහස්‍ ආරක්ෂාවන ප්‍රදේශ ලෙස ද හඳුන්වනවා.

ලෝකය පුරා බදු ක්ෂේමභූමි ස‍ොයාගත හැකියි. ඒවා පැනමාව වැනි ස්වාධීන රටවල් හෝ කේමන් දූපත වැනි ප්‍රදේශයක් හෝ යම රටක පිහිටි නිශ්චිත කලාපයක් ද විය හැකියි. එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත, ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් ඇතැම් රටවල් සහ ප්‍රදේශ වසර ගණනාවක් තිස්සේ බදු සම්බන්ධ ග්‍රහණයන් දැඩි කරගෙන ඇතත් අද දක්වාම බදුවලින් ආරක්ෂාවිය හැකි ස්ථාන රැසක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් මුදල් ලෙස සැළකූ විට ඇතැම් රටවල් බදු සම්බන්ධ තෝතැන්නක් හෙවත් ක්ෂේමභූමයික් වනවා. ඒ නිසා මෙම රටවල් සහ ප්‍රදේශ භාවිතා කරන පුද්ලයන්ගෙන් සැළකිය යුතු මුදලක් ඒ වෙනුවෙන් හිමිවනවා.

බදු ප්‍රතිලාභ සහිත බදු ක්ෂේමභූමියක් තුළ නිර්මාණය වන ආවරණ හෝ ආවරණිත සමාගම්වල යම් නීතිමය ව්‍යුහක් පවතිනවා. බොහෝ විට මූල්‍ය, නෛතික සහ බදු ප්‍රතිලාභ සහිතව මේ සමාගම් කළමනාකරණය, ලියාපදිංචිය, පවත්වාගෙන යාම හෝ ක්‍රියාත්මක කිරීම සිදුවනවා. ඒ අතරට විදේශිකයන් විසින් පවත්වාගෙන යන දේශයට පිටතින් වූ සමාගම් (අක්වෙරළ සමාගම්) ද ඇතුළත් වෙනවා. එවැනි සමාගමකට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳාම සහ ආයෝජන කටයුතුවල නිරතවීමට අපේක්ෂා කරන සේවාදායකයන් සඳහා විවිධ ප්‍රතිලාභ සැපයිය හැකියි. එම සමාගම්වලින් අධිකරණ බලය සහිතව, සංස්ථාගත කිරීමේ පහසුව, අවම ගාස්තු, විදේශ විනිමය පාලනයක් නොමැතිවීම, රහස්‍යභාවය බදු ප්‍රතිලාභවලට අමතරව ලැබෙනවා.  නමුත් එවැනි සමාගම් ඇතුළත ද්‍රවය නොමැති පිටතින් පෙනෙන ව්‍යුහයක් පමණයි. ලිපිනයක් තිබෙනවා. ස්ථිර සේවකයන් හෝ කාර්යාලයක් නැහැ. සැබැවින් ම භෞතික සමාගමක් නැහැ.

කේමන් දූපත්වල එක් ගොඩනැගිල්ලක එවැනි සමාගම් 19,000ක් පවතින සිද්ධියක් ICIJ අනාවරණය කර තිබුණා.

ප්‍රදේශයෙන් ප්‍රදේශයට රටින් රටට මෙවැනි සමාගම්වල නීතිමය රාමුව තරමක් වෙනස් වුව ද බොහෝ අවස්ථාවල දී මූලික හරය සමානයි. එවැනි සමාගම්වල නියම හිමිකරුව්න සංස්ථාගත කිරිමේ ලියවිලිවලින් පවා හෙළි කෙරෙන්නේ නැහැ.

Shell Companies හෙවත් ව්‍යාජ සමාගම්වල වැදගත්ම දෙයක් වන්නේ එ්වා පහසුවෙන් නිර්මාණය කළ හැකි වීමයි. කෙනෙකුට එය ඉතාමත් සරල ඊමේල් පණිවිිඩයකින් ආරම්භ කළ හැකි වුවත් ඩොලර් මිලියන ගණනක් ඊට ඇතුළත් කළ හැකියි. එවැනි සමාගම් පිහිටුව කළමනාකරණය කිරීමේ සේවා සපයන ආයතන තිබෙනවා.

මේවා සැබැවින් ම නීති විරෝධී ද ?

ෂෙල් සමාගමක් පිහිටුවීම නීති විරෝධී ක්‍රියාවක් නොවෙයි. එය ඊට අදාල නීතිමය රාමුවක් මත රඳා පවතින්නක්. උදාහරණයක් ලෙස යම් රටක අයකුට වෙනත් රටක හෝ ස්ථානයක ෂෙල් සමාගමක් ආරම්භ කළ හැකි ද යන්න ඔහුගේ හෝ ඇයගේ නීතිමය රාමුව මත රඳා පවතිනවා. ෂෙල් සමාගමක් භාවිතා කර දේපළක් මිල දී ගැනීම නීති විරෝධී නොවිය හැකියි. නමුත් පොදුවේ ඕනෑම පුද්ගයකුට යම් ගාස්තුවක් යටතේ බදු අවම ප්‍රදේශයක ෂෙල් සමාගමක් පිහිටුවිය හැකියි. ඒ සඳහා සාධාරණ හේතුවක් ද තිබිය හැකියි. රටවල් ගණනාවක ව්‍යාපාර සහ ගනුදෙනු කරන පුද්ගලයන් බොහෝ විට ලාභ එකතු කරගැනීම සඳහා බදු ක්ෂේමභූමිතුළ අක්වෙරළ සමාගම් ෂෙල් සමාගම් ස්වරූපයෙන් පිහිටුවනවා. එමගින් ඔවුන්ට දෙවරක් බදු අයකිරීමෙන් වැළකිය හැකියි.

නමුත් යම් පුද්ගලයෙක් තම මව් රටේ දී ලාභය ප්‍රකාශ නොකරන්නේ නම් එය නීති විරෝධී දෙයක් වනවා. එවිට ඔහු හෝ ඇය බදු පැහැර හරන්නෙක් ලෙස සැළකෙනවා.

පැන්ඩෝරා ලිපිවල වැදගත්කම

ICIJ අනුව පැන්ඩෝරා ‍ලේඛන නම්, බදු පැහැර හැරීම පිළිබඳ විශාලතම අනාවරණයයි. ස්වභාවයෙන් ම, එය පැනමා ලේඛනවලට හා ඊට පෙර සිදුවූ පැරඩයිස් ලේඛන හෙළිදරව්කිරීම්වලට වඩා වෙනස්. පැනමා සහ පැරඩයිස් ලේඛන පිළිවෙලින් පුද්ගලයන් සහ සමාගම්විසින් කරන ලද ගනුදෙනු හෙළි කළා. නමුත්, පැන්ඩෝරා ලේඛනවල සඳහන් තොරතුරු අනාවරණය වන්නේ ෂෙල් සමාගම් සහ බදු ආරක්ෂිතයන් කෙරෙහි විශ්වාසය තැබූ සහ ඒවා කළමනාකරණය කරන අක්වෙරළ සේවා සපයන්නන්ගෙන්. එවැනි හෙළිදරව් කිරීමකින් පසු ව්‍යාපාරිකයන් මේ ඊට අනුවර්ථනය වීමට උත්සාහ කරන ආකාරය පවා හෙළිදරව් කළ අතර එම ක්‍රියාවන් ගැන වඩාත් සුපරික්ෂාකාරීව සිටීමට රවටල්වලට සිදුවෙනවා.

පැන්ඩෝරා ලිපි කිසිවක් වෙනස් කරයි ද ?

පැනමා ලේඛන වැනි මීට පෙර සිදුකරන ලද හෙළිදරව්කිරීම් යම් යම් ප්‍රතිවිපාකවලට හේතු වුණා. ඇතැම් රටවල දේශපාලකයන්ට බලය සහ විශ්වාසය අහිමිවී ගියා. ඒ හෙළිදරව්කිරීම් හේතුවෙන් නව නීති හඳුන්වාදුන් අතර විශාල ගතිකාවක් ද ගොඩනැගුණා. පැන්ඩෝරා ලේඛන නැවත වතාවක් එම උද්යෝගය සහ කතිකාව නිර්මාණය කර තිබෙනවා.  එහෙත් බදු පැහැරහැරීම් සහ මූල්‍ය වංචාවල නියැලෙන අය උපායශීලී වන බව ද එමගින් පෙන්වා දී තිබෙනවා. එසේ නොවේ නම්, මීට පෙර හෙළිදරව්කිරීමෙන් පසු පැන්ඩෝරා ලේඛන අවශ්‍ය නොවනු ඇති. බදු වංචාකරුවන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටීමට රජයන් උපායශීලී විය යුතු බව එයින් පැහැදිළියි. එසේ නොමැති වුවහොත් අනාගතයේ තවත් මෙවැනි හෙළිදරව්කිරීම් මතුවිය හැකියි.

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!