spot_img
spot_imgspot_img

බන්ධනාගාර නියාමකලාට පහරදුන් මන්ත්‍රී සහ ගෝලයා බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ

පුවත්

විදෙස්

බන්ධනාගාර නියාමකයන් දෙදෙනකුට පහරදුන් බවට චෝදනා ලැබ බන්ධනාගාරයට යැවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රවරයකු ඇතුළු දෙදෙනකු අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් අද (10) රෝහල්ගත කෙරිණි.  

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ සහ දුලන්ත රාජපක්ෂ යන දෙදෙනෙකි. හිසට බරපතල තුවාල සිදුවූ දුලන්ත රාජපක්ෂ මාතර රෝහලට ඇතුළත් කළ ද තත්වය බරපතල බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ නියාමකයන් දෙදෙනකුට පහර දුන් බවට චෝදනා ලබා තිබිණි.

අගුණකොළපෑලැස්ස නගරයට ගිය බන්ධනාගාර නියාමකයන් දෙදෙනකු හා මන්ත්‍රී අමිල කුමාරසිංහ සමඟ පැමිණි කණ්ඩායමක් අතර ආරවුලක් ඇතිවී පහර දීමක් සිදුව තිබිණි. ඒ ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකයන් දෙදෙනා තංගල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගත්හ. මේ පහරදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සහ දුලන්ත රාජපක්ෂ යන දෙදෙනා පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අඟුණුකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහි දී මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළේ ලබන 22 වැනි දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි සහ නීතිඥ ප්‍රදීප් රාජපක්ෂ දෙදෙනා, මෙම සැකකරුවන්ට බන්ධනාගාරයේ දී ආරක්ෂාව සළසන ලෙස ද මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා තිබිණි. එවැනි ඉල්ලීමක් කිරීමට හේතුවූයේ ඔවුන් අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ ම නියාමකයන් දෙදෙනකු සමඟ ගැටුමක් ඇතිකරගත්තේ යැයි චෝදනා ලැබ තිබීමයි.

එම ඉල්ලීම සළකා බැලූ විනිසුරුවරිය ඔවුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග ක‍ළාය. එමෙන් ම සැකකරුවන් මාතර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ද නියෝග කර තිබිණි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා මාතර බන්ධනාගාරයට රැගෙන යන අතරතුර දී ඔවුන් අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන ගොස් තිබූ අතර ඊයේ (09) රාත්‍රී ප්‍රදේශයට විදුලිය විසන්ධි වූ අවස්ථාවක දී මේ පහර දීම සිදුව ඇති බවත් සැකකරුවන්ගේ ඥාතීහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!