ජනතාව තමන් ගැනත් රජය ගැනත් අප්‍රසාදයෙන් යැයි ජනාධිපති ගෝඨාභය පිළිගනී

පුවත්

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන...

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ...

විදෙස්

තමන් සහ රජය කෙරෙහි ජනතාව අතර අප්‍රසාදයක් තිබෙන බව තමන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සව දී කීවේය.

වසර දෙකක් කොරෝනා සමඟ සටන් කිරීමට සිදුවීම හේතුවෙන් යම් පසුබෑමක් සිදුවූ බවත් නව ජවයකින් රට ඉදිරියට ගෙන යාමට තමා ජනතාවට පොරොන්දු වන බවත් ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියේය.

රට වසා තැබීමෙන් රටේ ආර්ථික බිඳ වැටුණ ද එය පවවසමින් නිදහසට කරුණු දැක්වීමට තමන් සූදානම් නැතැයි ද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි දී මෙසේද කීවේය.

පළමු වතාවට දේශපාලනඥයකු ලෙස නොසිට රටේ සේනාධිනායකයා බවටත්, ජනාධිපතිවරයා බවටත් පත් වෙන්නට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා. එහෙම කරන්න පුළුවන් වුණේ, මම හමුදාවේ නිලධාරියෙක් හැටියටත් ආරක්ෂක ලේකම්වරයා ලෙසත් මගේ යුතුකම් ඉටුකළ නිසා ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසයෙන්.

අපි මුහුණ දුන් කොවිඩ් වසංගතය පාලනයට හමුදාව කළ කැපවීම ගැන. සෞඛ්‍ය සේවය සහ අනෙකුත් අය සමග විශේෂයෙන් නිරෝධායන කටයුතුවලදී ඒ වගේම එන්නත ලබාදීමේ දී ඔබ කළ සේවය ඉතාමත් විශිෂ්ටයි.

කොවිඩ් වසංගතය පාලනයට එන්නත ලබාදීමේ දී අපි ලෝකයේ ඉහළ තැනක සිටින රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ මේ ආකාරයෙන් කළ කැපවීම නිසා. ඒ වෙනුවෙන් මගේ ස්තූතියි සෑම දෙනාටම පුද කරනවා.

මම ප‍්‍රතිපත්තියක් ලෙස ජාතික ආරක්ෂාව තහවුරු කරන්න, අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඊට අවශ්‍ය සුදුසු නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හෝ වේවා හමුදාපතිවරුන් වශයෙන් හෝ වේවා බුද්ධි නිලධාරීන් වශයෙන් හෝ සුදුසුම නිලධාරීන් මම ඒ ස්ථානවලට පත් කරලා තියෙනවා.

ජනතාව මා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්තේ විශාල බලාපොරොත්තු ඇතිව. එදා සිට පසුගිය අවුරුදු දෙක තුළ ලෝක ඉතිහාසයේ කවදාවත් මුහුණ දුන්නේ නැති තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි පසුගිය අවුරුදු දෙකම සටන් කළේ කොවිඩ් වසංගතය පාලනය කර ගන්නට රට වසා තැබීම්, විවිධ පාලන, මේවා නිසා අපේ ආර්ථිකය විශාල පසුබෑමකට පත් වුණා. මම නිදහසට කරුණු කියන්නේ නැහැ. නමුත්, මේ තත්ත්වය යටතේ ජනතාව වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ජනතාව මා කෙරෙහි, රජය කෙරෙහි ඔවුන් බලාපොරොත්තු වුණු ආකාරයට වැඩ වුණේ නැහැ කියන එක ගැන ඔවුන්ගේ අප‍්‍රසාදයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. මම විතරක් නොවෙයි සියලූ මැති ඇමතිවරු ඒක පිළිගන්න ඕනෑ. නමුත් අපි කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කරලා, නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කරලා, නව ජවයකින් මේ රට ඉදිරියට ගෙන යන්න, මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙනවා. සියලූ දෙනාම එක්ව එකට කටයුතු කරන්න ඕනෑ.

මා පොරොන්දු වූ පරිදි එක රටක් එක නිතියක් ගේනවා. රුවන්වැලි සෑය වදින්න පඩිපෙළ නගිද්දී හමුවූ හාමුදුරුනම්ක ඒ සම්බන්ධයෙන් බලා සිටින බව කිවා.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස...

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට පත්වෙයි

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් Expo Lanka සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 400 ඉක්මවා අද (22) වාර්තා විය.

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී...

IOC පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිකරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සහ ඩීසල් ලීටරයක් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් වැඩිකිරීමට තීරණය කර...

ඉතිහාසයේ කිසි දා නොවූ පරිදි කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 ආසන්නයට ම

කොළඹ  කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 36,143ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,268ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

මල්වත්තේ චීවරධාරියෙක් නීතියට උඩින් යද්දී, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ පොලිසියත් ශ්‍රේෂ්ඨාධිකරණය අපහාස කරලා

මල්වතු පාර්ශවයේ චීවරධාරියෙක් නීති සියතට ගනී. පොලිසිය නීතිය මඟහරයි. ‍ මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති කැලියල්පිටිය...

ලෝකය ජයගත් “යොවුන් සිනමාකරු හසන්ත” මව් බිමට පා තබයි

තුර්කියේ පැවැති “සකර්යා” අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ දී හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් හසන්ත දිසානායක අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය.

සහල් මිල යළි ඉහළ දමලා

 සහල් නිෂ්පාදකයන් විසින් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40.00කින්  සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00කින් යළි ඉහළ දමා...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!