spot_img
spot_imgspot_img

නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට හිමිවෙයි

පුවත්

විදෙස්

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් මාරියා රෙසා සහ දිමිත්‍රි මුරතොව් යන දෙදෙනාට 2021 සඳහා වූ නොබලේ සාම ත්‍යාග පිරිනැමීමට නෝර්වීජියානු නොබෙල් කමිටුව තීරණය කර තිබේ.

පිලිපීනයේ සහ රුසියාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඳහා වූ නිර්භීත අරගලය වෙනුවෙන් රෙසා සහ මුරතොව් මෙම සාම ත්‍යාග ලබති. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස වැඩි වැඩියෙන් තර්ජනයට ලක්ව පවතින ලෝකයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යන පරමාදර්ශය වෙනුවෙන් පෙනී සිටින සියලු මාධ්‍යවේදීන්ගේ නියෝජිතයන් ලෙස සැළකේ.

පිලිපීනයේ බලය අයුතු ලෙස භාවිතා කිරීම, ප්‍රචණ්ඩත්වය, වර්ධනය වෙමින් පවතින අධිකාරීවාදය හෙළි දරව් කිරීමට මාරියා රෙසා දැඩි කැපවීමකින් කටයුතු කර තිබේ. 2021 වර්ෂයේ සිට ඇය කරගෙන යනු ලබන ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ වූ ඩිජිටල් මාධ්‍ය ආයතනයක් වන රැප්ලර් ආයතනය ආරම්භ කළ ඇය එහි ප්‍රධාන විධායක නිලධාරිනය ලෙස ද ප්‍රකාශනයේ නිදහස වෙනුවේන අභීතව පෙනී සිටියාය. ඩුටර්ටේ පාලන තන්ත්‍රයේ මතභේදයට තුඩු දුන් මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය ගැන රැප්ලර් දැඩි අවධානය යොමු කර තිබිණි. රෙසා ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට, විරුද්ධවාදීන්ට හිරිහැර කිරීමට සහ පොදු කතිකාවන් හැසිරවීමට සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය පෙන්වා දී තිබේ.

දිමිත්‍රි ඇන්ඩ්‍රෙවිච් මුරටොව් දශක ගණනාවක් තිස්සේ රුසියාවේ කතා කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට දැඩි බලපෑම් මධ්‍යයේ දිගටම කටයුතු කර තිබේ.  1993 දී දිමිත්‍රි “නොවාජා ගැසෙටා” නම් ස්වාධීන පුවත්පතක් ආරම්භ කළේය. 1995 සිට ඔහු වසර 24 ක් මුළුල්ලේ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ අතර බලය සම්බන්ධයෙන් මූලික වශයෙන් විවේචනාත්මක ආකල්පයක් ඇති නොවාජා ගැසෙටා අද රුසියාවේ ඇති වඩාත්ම ස්වාධීන පුවත්පත ලෙස සැළකේ.

දත්ත හා තොරතුරු මත පදනම් කරගත් පුවත්පත් කලාව සහ වෘත්තීය අඛණ්ඩතාව නිසා එය රුසියානු සමාජයේ වාරණය ලක්විය හැකි අංශ පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් බවට පත් කිරීමට ඔහු සමත්වූයේය. නමුත් රුසියාවේ අනෙක් මාධ්‍ය ඒවා කලාතුරකින් සඳහන් කරයි. 

1993 දී නෝවාජා ගැසෙටා ආයතනය ආරම්භයේ සිටම දූෂණය, පොලිස් ප්‍රචණ්ඩත්වය, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, මැතිවරණ වංචා සහ “ට්‍රෝල් කම්හල්” සිට රුසියාව තුළ සහ ඉන් පිටත රුසියානු හමුදා භාවිතා කිරීම දක්වා වූ විෂයයන් පිළිබඳව විවේචනාත්මක ලිපි රාශියක් ප්‍රකාශයට පත් කළේය.

නවජා ගැසෙටා ආයතනයට එහි විරුද්ධවාදීන්,  හිරිහැර කිරීම්, තර්ජන, ප්‍රචණ්ඩ ක්‍රියා සහ මිනීමැරුම් වලින් ප්‍රතිචාර දක්වා ඇත. පුවත්පත ආරම්භයේ සිටම චෙච්නියාවේ යුද්ධය ගැන හෙළිදරව් කළ ලිපි ලියූ ඇනා පොලිට්කොව්ස්කාජා ඇතුළු එහි මාධ්‍යවේදීන් හය දෙනෙකු ඝාතනය කර තිබේ. 

ඝාතන හා තර්ජන නොතකා පුවත්පතේ ස්වාධීන ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔහු කටයුතු කළේය. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය හා සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන තුරු, තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන ලිවීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය ඔහු නිරන්තරයෙන් ආරක්ෂා කළේය.

නිදහස්, ස්වාධීන හා කරුණු පදනම් කරගත් පුවත්පත් කලාව බලය අයුතු ලෙස භාවිතා කිරීම, අසත්‍ය හා යුද ප්‍රචාරයන්ගෙන් ආරක්ෂා වීමට උපකාරී වේ. 

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැන ගැනීමේ නිදහස දැනුම්වත් සමාජයක් බිහිකිරීම උපකාරී වන බව නොර්වේජියානු නොබෙල් කමිටුව විශ්වාස කරයි. මෙම අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වැදගත් පූර්වාවශ්‍යතාවයක් වන අතර යුද්ධයෙන් සහ ගැටුම් වලින් ආරක්ෂා වීමට ද එය ඉවහල් වෙයි. 

මාරියා රෙසා සහ දිමිත්‍රි මුරතොව්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමෙන් බලාපොරොත්තු වන්නේ මෙම මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ හා ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මාධ්‍ය නිදහස නොමැතිව ජාතීන් අතර සහෝදරත්වය, නිරායුධකරණය සහ අපේ කාලය තුළ යහපත් ලෝක පිළිවෙලක් සාර්ථකව ප්‍රවර්ධනය කිරීම දුෂ්කර වනු ඇත. මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අභිලාශයන් ප්‍රකට කරන බව නොබෙල් ත්‍යයාග කමිටුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!