spot_img
spot_imgspot_img

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණයෙන් රජය ඉවත්වෙයි. සමාගම්වල මිලට භාණ්ඩ විකිණිය හැකියි

පුවත්

විදෙස්

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති සඳහා මෙතෙක් පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට එම ද්‍රව්‍යයන්හි මිල තීරණය කරනු ලබන්නේ ඒවා ආනයනය කරන සහ බෙදාහරින සමාගම්වලිනි. මාස කිහිපයක සිට මේ භාණ්ඩවල මිල වැඩි කරන ලෙස ආනයනකරුවන් සහ අළෙවි සමාගම් රජයෙන් ඉල්ලා සිටිය ද රජය ඊට එකඟවූයේ නැත.

නමුත් පසුගිය දා පැවැති ජීවන වියදම් කමිටුවේ දී රජය විසින් එම භාණ්ඩ මිල ඉහළ දැමීමටත් ඒ අනුව පාලන මිල සංශෝධනය කිරීමටත් එකඟ වී ඒ සම්බන්ධ නිර්දේශ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබිණි. කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය ලැබුණේ නැත.

රජය කියා සිටියේ ඩොලර් හිඟය හේතුවෙන් වරායේ ගුදම්වල හිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන බවයි. නමුත් රටපුරා වෙළෙඳ පොළෙහි එම ද්‍රව්‍ය හිඟය නොවෙනස්ව පැවැතිණි. මෙවැනි තත්වයක් මත ජීවන වියදම් කමිටුවේ නිර්දේශය අනුව මිල වැඩි කර පාලන මිලක් පවත්වාගෙන යාම වෙනුවට රජය විසින් එම ද්‍රව්‍ය සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කර ඇත.

මේ අනුව තම මූලික පිරිවැය සහ ලාභාංශ අනුව මෙම ද්‍රව්‍ය සඳහා මිල නියම කිරීමේ අවස්ථාව ව්‍යාපාරිකයන්ට හිමිවෙයි.

එසේ වුව ද අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇති බව ද ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!