spot_img
spot_imgspot_img

සංචාරක සහ බැංකු ක්ෂේත්‍රයේ කොටස් ඉල්ලුම සමඟ කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 35,337ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,497ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 44.5කින් ඉහළ ගිය අතර ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් ඒකක 9,67්‍1ක් බවට පත්විය.

වැඩිම ‍වටිනාකමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 602යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 371යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 270යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝලට් සමාගම කොටස් මිලියන 44යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 35යි, අමානා බැංකුව කොටස් මිලියන 33යි ලෙස ප්‍රමුඛ විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර පීපල්ස් මර්චන්ට් බැංකුව 24%කින් ද, ලංකෙම් සිලෝන් සමාගම 20%කින් ද, ටෙක්ස්ඇග්‍රෝ සමාගම 16%කින් ද කොටස් මිල ඉහළ යන ලදී.

අද දිනයේ සංවෘත කවය තුළ කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර හේලීස් සමාගම කොටස් ලක්ෂ 02ක් රුපියල් 100.50 බැගින් ද, කොනසන්ස් හොටෙල් සමාගම කොටස් ලක්ෂ 13ක් රුපියල් 26.00 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස එක්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 375ක වත්කමක් ද එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 290ක වත්කමක් ද ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 202ක වත්කමක් ද වාර්තා කර තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 21ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 88ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ පමණක් විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 67ක මුදලක් ඉවත් කරගෙන ඇත.

අද දිනය දක්වා මේ වසර තුළ දී පමණක් රුපියල් බිලියන 45.123ක මුදලක් විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආ‍යෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 3.8යි ලංකෙම් ඩිවලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 3.2යි,  එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 1.7යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 22යි, එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 13යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 10යි ලෙස ප්‍රධාන විය.

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සංචාරක හෝටල්  සහ බැංකු ක්ෂේත්‍රයේ කොටස්වලට අධික ඉල්ලුමක් ඇතිවී ඇති අතර ඒ අනුව එම කොටස් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ ලියාපදිංචි සමාගමක් ලෙස රේණුකා කැපිටල් පීඑල්සී සමාගමේ නාමය ෂෝවොලස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී ලෙස වෙනස් කර ති‍බේ. එල්ඕඑල්සී සිලෝන් හෝල්ඩින් සමාගම විසින් වසර දෙකක දී කල්පිරීම සඳහා නිකුත් කරන ලද රුපියල් 100.00 බැගින් වූ ණයකර කොටස් මිලියන 10ක් විවෘත කළ පළමු දිනයේ දී ම කිසිදු විදේශීය ආයෝජකයකුගේ ඉදිරිපත් වීමකින් තොරව ශ්‍රී ලාංකික ආයෝජකයන්ගේ අයදුම් කිරීම මත පමණක් අවසන්වීම විශේෂත්වයකි.

වසරක් තුළ දී චීනයෙන් පමණක් සංචාරකයන් මිලියනයක පිරිසක් ශ්‍රී ලංකාවට එවීම සඳහා උපරිම වශයෙන් කටයුතු කරන බවට චීනයේ ප්‍රධානතම සංචාරක කණ්ඩායම් 05ට අයත්වන කයිසා ට්‍රැවල් ගෲප් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වෙත සහතික වී තිබේ.

(විශ්ලේෂණය නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!