spot_img
spot_imgspot_img

සමාජ මාධ්‍ය බිඳවැටීමෙන් බිලියන ගණනක පාඩුවක්

පුවත්

විදෙස්

facebook, Instergram සහ WhatsApp සමාජ මාධ්‍යයන් පැය 06 ක් බිඳවැටී තිබීම හේතුවෙන් එම සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක පාඩුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්ලූම්බර්ග් දර්ශකයට අනුව මේ බිඳවැටීම හේතුවෙන් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ. ෆේස්බුක් සමාගමේ කොටස් මිල 5%කින් පහළ වැටීම මෙම කඩා වැටීම්වලට හේතුවී ඇත.

සැප්තැම්බර් මාස‍යේ දී බ්ලූම්බර්ග් දර්ශකය අනුව සකර්බර්ගේ ශුද්ධ ව්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 192ක් වූ අතර එය මේ වනවිට ඩොලර් බිලියන 120.9ක් දක්වා පහත බැස ඇත. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම බිඳවැටීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ව්‍යාපාර රැසක් දැඩි අසීරුතාවකට පත්ව තිබිණි.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙතෙක් ලොව සිදුවූ විශාලතම සමාජ මාධ්‍ය බිඳවැටීම මෙය බවයි. පැය හයක් වැනි දීර්ඝ කාලයක් මීට පෙර මෙවැනි බිඳ වැටීමක් සිදුව නැත.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (05) අළුයම 3.30ට පමණ මෙම බිඳවැටීම යථාවත් කර තිබිණි. මේ හේතුවෙන් ඇතිවූ අපහසුතාව පිළිබඳ කණගාටුව පළකරමින් ෆේස්බුක් සමාගම ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණි. ඉන්සට්ර්ග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍යය ද හදිසි බිඳවැටීම සම්බන්ධයේන සඳහන් කරමින් ට්විටර් පිණිවිඩ නිකුත් කර තිබිණි.

ෆේස්බුක් සමාගම පවසන්නේ මේ බිඳවැටීම හේතුවෙන් පරිශීලකයන්ගේ දත්තවලට කිසිදු හානියක් නොවූ බවයි. නමුත් මෙම බිඳවැටීමට හේතු‍ව මෙතෙක් ප්‍රකාශ කර නැත. බොහෝ විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ වෙබ් අඩවි නාමකරණ පද්ධතිය හෙවත් DNS සර්වරයේ දෝෂයක් ඊට හේතුව වන්නට ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!