spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහලේ දී 12-19 වයසේ දරුවන්ට කොරෝනා එන්නත් දීම අරඹයි

පුවත්

විදෙස්

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ විවිධ නිදන්ගත රෝගවලින් පීඩා විඳින වයස අවුරුදු 12-19ත් අතර ළමයින් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොරෝනා මර්ධන ෆයිසර් එන්නත ලබාදීම අද (02) උදෑසන ආරම්භ කෙරිණි.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට මධ්‍යහ්න ‍12.00 දක්වා එන්නත්කරණය සිදුකෙරිණි.

හෙට (03) උදෑසන 8.00 සිට ද මධ්‍යහ්න 12.00 දක්වා කරාපිටිය ශික්ෂණ රෝහලේ සායන කාමර අංක 04 දී එන්නත් සිදුකරන අතර සඳුදා  (04) දිනයේ දි ද උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සායන කාමර අංක 02 දී එන්නත් සිදුකිරීමට නියමිතය.

විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග ඇති දරුවන්ගේ රෝග පිළිබඳ තොරතුරු සහිත සායනික පත්‍ර රැගෙන පැමිණෙන ලෙස කරාපිටිය රෝහලේ පාලන අධිකාරිය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!