මානව සම්පත් කළමනාකරණය තුළින් සාර්ථක ව්‍යාපාරයකට මග පෙන්වන MiHCM Lite

පුවත්

විදෙස්

ඕනෑම ව්‍යාපාරයක සාර්ථක්වයට හේතුවක් වන්නේ මානව සම්පතයි. එය ව්‍යාපාරයක ජවයයි. ශක්තියයි. කුඩා පරිමාන ව්‍යාපාරයේ සිට මහා පරිමාන ව්‍යාපාර දක්වාම එය පොදු කරුණකි.

ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට මානව සම්පත් තිබීම පමණක් ප්‍රමාණවත් නැත. එය මනාව කළමනාකරණය කරගැනීමට ද අවශ්‍ය වේ. එබැවින් ආයතනයක මානව සම්පත් අංශයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවන අතර එමගින් සේවකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම, ඔවුන්ට පහසුකම් සැපයීම, එමෙන්ම සේවකයන් වඩාත් ඵලදායී සහ කාර්යාක්ෂම අයුරුනි් කළමනාකරණය කරගැනීම මානව සම්පත් අංශයේ වගකීමයි.

එය ඉතාමත් දුෂ්කර මෙන්ම සංකීර්ණ වූ ක්‍රියාවලියකි. දැන් ලෝකය බොහෝ සෙයින් වෙනස් වී තිබේ. කොරෝනා වසංගතයත් සමඟ බොහෝ දෙනා නිවසේ සිට සේවා ස්ථානයේ කාර්යයන්හි නියැළෙන තත්වයට වර්තමාන ලෝකය ම යොමු වී ඇත.

මෙවැනි අවස්ථාවක දී මානව සම්පත් කළමනාකරණය උදෙසා අති නවීන ඩිජිටල් විසඳුම් භාවිත කාරීමට මහා පරිමාන ව්‍යාපාරික ආයතන යොමුව සිටිය ද සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයන් ඒ එවැනි විසඳුම් කෙරෙහි දක්වන්නේ අඩු අවධානයකි. ඒ නිසාම ඔවුන් මානව සම්පත් කළමනාකරණයේ යම් යම් ගැටලු ඇතිවන අවස්ථාවලට පත්ව සිටිනු ද දක්නට ලැබෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සන්නිවේදන සම්බන්ධතා සැපයුමක්රු වන ඩයලොග් ආසිආටා සමාගමේ ව්‍යාපාර විසඳුම් අංශය Dialog Enterprise, එවැනි ගැටලු සඳහා මුහුණ දෙන මෙරට කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යපාර ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපරවල මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ ගැටලු විසඳාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබේ.

දේශීයව රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරමින්, ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදෙන මෙම අංශය වෙත මෙම නවීන තාක්ෂණික පහසුකම් වලින් යුතු මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයන් ආදේශ කර සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට අපහසු කරුණකි.

ඩයලොග් ආසිආටා ඒ සඳහා ඔවුන්ට ශක්තිය සපයයි.  මානව සම්පත් කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සහ දුෂ්කරතා සඳහා විසඳුම් ලබාදෙමින් Dialog Enterprise, MiHCM HR Software ආයතනය සමඟ සුවිශේෂී මානව සම්පත් කළමනාකරණ විසඳුමක් MiHCM Lite නමින් ආරම්භ කර ඇත.‍

Microsoft හි අති නවීනතම cloud තාක්ෂණයෙන් බලගන්වා ඇති මෙම MiHCM Lite, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කාර්යක්ෂම, ආරක්ෂිත මෙන්ම පරිපූර්ණ වූ මානව සම්පත් කළමනාකරණ අවකාශයක් නිර්මාණ කර දීමට සමත් වීම අතිශය වැදගත් සහ ආකර්ශනීය කරුණකි.  

මේ වනවිට එය කුඩා හා මධ්‍යපරිමාන ව්‍යාපරිකයෝ 500කට අධික පිරිසක් භාවිතා කරති. දැනටමත් MiHCM Lite මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමේ දැවැන්තයා බවට පත්ව ඇත.

එම අත්දැකීම් භාවිතා කරමින් දේශීය හා කුඩා පරිමාණ  ව්‍යාපාරයන්හි මානව සම්පත් කළමනාකරණය ඉහත ප්‍රමිතියකින්, ඉතා අඩු වියදමිකන් පවත්වානෙ යාමට මෙය නිර්මාණය වී ඇත.

විශේෂයෙන් ම නිවෙස්වල රැඳී සිටිමින් සහ අන්තර්ජාලය ඔස්සේ වෘත්තියේ නිරතවන පිරිස් සහිත කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ටත් මහා පරිමාන ව්‍යාපාරිකයන්ටත් තම මානව සම්පත් නිවැරදිව කළමනාකරණය කර ගැනීමට MiHCM Lite විශිෂ්ඨ ආධාරකයක් වෙයි.

මේ පිළිබඳ වැඩි විස්තර වැඩි විස්තර 0777 887 887 යන දුරකථන අංකයෙන්, business.dialog.lk වෙබ් අඩවියෙන් හෝ [email protected] ඊමේල් ලිපියනට පණිවිඩයක් එවීමෙන් හෝ ලබාගැනීමට හැකියාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
Bestweb