spot_img
spot_imgspot_img

යොහානි තවත් වාර්තාවක් තබමින් හෙට ඉන්දීය ප්‍රසංග වේදිකාවට පිවිසෙයි

පුවත්

විදෙස්

“මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කරමින් ලෝකය පුරා කෝටි 12කට අධික ජනතාවකගේ අවධානය දිනාගත් යොවුන් ගායිකා යොහානි ද සිල්වා හෙට (30) ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ තවත් අපූරු වාර්තාවක් තබන්නීය.

ඒ නවදිල්ලි නුවර ආසන්නයේ ගුරුග්‍රෑම් හි සංගීත ප්‍රසංගයක් පවත්වමිනි. එය ශ්‍රී ලාංකීය ගායිකාවක් ඉන්දීය ජනතාව ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාවයි.

සංගීත අධ්‍යක්ෂණය චමත් සංගිත්, ගේය පද රචනා දුලාන් ඒ.ආර්.එස්. සහ රැප් ගායක සතිශාන් රත්නායක සහ යොහානි ඇතුළු තවත් දෙනෙකුගෙන් ඇගේ සංගීත කණ්ඩායම සමන්විත වෙයි.

ගුරුග්‍රෑම් නගරයේ යොහානි දිලෝකා ද සිල්වා පවත්වන සංගීත සංදර්ශනයට ඉන්දීය රසිකයන් පිරිස අති විශාල වනු ඇතැයි සංවිධායකවරු විශ්වාස කරති.

ඉන්දියාවේ ඉතාමත් ජනප්‍රිය ගායකයකු වන ඒ.ආර්.රහුමාන්ගේ ගීතයක් අභිබවා යමින් යූටියුබ් හි 06 වැනි ස්ථානයට යොහානි ද සිල්වාගේ “මැණිකේ මගේ හිතේ”ගීතය ඉදිරියට පැමිණ තිබේ.

හෙට (30) සවස 6.00ට ආරම්භවීමට නියමිත මේ සංගීත ප්‍රසංගය සඳහා බොලිවුඩ් තරු ඇතුළු ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සංගීත ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවන බව සංවිධායකයන් අදහස් කරයි.

ඇගේ දෙවැනි ප්‍රසාංගය හයිද්‍රාබාද්හි ඔක්තෝබර් 03 වැනි දා සවස 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ. මෙලෙස සංගීත සංදර්ශන පැවැත්වීමෙන් පසු යොහානි ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාසය පළකරයි.

ඉන්දියාවේ දැවැන්ත සමාගම් රැසක් ඇය වෙනුවෙන් ඉදිරිපත්වී තිබීම ද විශේෂත්වයකි. මීට අරමතරව ලොව තවත් රටවල් ගණනාවකින් ඇයට ඉල්ලීම් ලැබෙමින් පවතින බව ද වාර්තා වෙයි.

යොහානි පසුගිය ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් සටනේ දී 55 වන සේනාංකයට අණදුන් මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ වැඩිමහල් දියණිය වන අතර කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් ද වෙයි.

කොළඹ ආරක්ෂක විද්‍යා පීඨයෙන් උපාධිය හැදෑරූ ඇය ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් ශාස්ත්‍රපති උපාධිය ද හිමිකරගත්තාය.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!