spot_img
spot_imgspot_img

නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

පුවත්

විදෙස්

නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා අළුයම 4.00 සිට ඉවත්කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන‍ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එලෙස නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව ද යුද හමුදාපතිවරයා කීවේය. පසුගිය අගෝස්තු ම  20 වැනි දා රාත්‍රියේ 10.00 සිට නිරෝධායන ඇඳිරිනීතිය දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!