spot_img
spot_imgspot_img

අලි පැටවුන් ලියාපදිංචිය අභියාචනාධිකරණය වළක්වයි

පුවත්

විදෙස්

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදාහරින ලද අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචිය අත්හිටුවන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණය අද (29) නියෝගයක් නිකුත්කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදී තිබූ නියෝග අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ ඉදිරියේ කැඳවීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

මීට අමරතව සුජීවා නමැති ඇතා සහ ඇගේ මාස 04ක් වයසැති පැටවාට තවදුරටත් උඩවලව අලි සංක්‍රමණ මධ්‍යස්ථානයේ රඳවා ගන්නා ලෙස ද අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම යළි 13 වැනි දින කැඳවීමට ද තීරණය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!