spot_img
spot_imgspot_img

රාජ්‍ය හා පුද්ගලික සේවා ආරම්භ කිරීමේ ‍වේලාව වෙනස් කරයි

පුවත්

විදෙස්

රට යළි විවෘත කළ පසු රාජ්‍ය සේවකයන්ගේ වැඩ ආරම්භය උදෑසන 9.00ට සහ පෞද්ගලික ආයතන සේවකයන්ගේ සේවා ආරම්භක වේලාව උදෑසන 10.00ට සිදුකිරීමත් රජය තීරණය කර තිබේ.

මේ තීරණය ගෙන ඇත්තේ ඊයේ (27) දහවල් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන ඇමතිවරුද, අමාත්‍යාංශ නිලධාරීන්, පොලිස්පතිවරයා සහ බස් සංගම්, ත්‍රී රෝද සංගම් ඇතුළු නියෝජිතවරු යන පිරිසගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමක දී ය.

ලබන මස 01 වැනි දා සිට වෙනස් කරන ලද වේලාවන්වල දී සාමාන්‍ය පරිදි රජයේ සහ ‍සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන් රාජකාරී සඳහා කැඳවීමට තීරණය ගෙන ඇත.

එම සේවකයන්ට රාජකාරී සඳහා යා හැකිවන පරිදි දුම්රිය හා බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේදයට අනුව පව්තවාගෙන යාමට ද තීරණය කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවකයන් කැඳවීමම සම්බන්ධ විශේෂ චක්‍රලේඛය ඉදිරි දිනක දී නිකුත් කිරීමට නියමිත අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරි දිනක දී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ද නියමිත ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!