spot_img
spot_imgspot_img

එක්ස්පෝ ලංකා වාර්තා පිහිටුවමින් කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 38,435ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,774ක් බවට පත්විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 329.5කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ ඒකක 9,269ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් වාර්තාකළ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,526යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 940යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 653යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 67ක් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 43ක් ද, එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 13ක් ද ලෙස කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඊඑම්එල් කන්සල්ටන්ට් සමාගමේ කොටසක් රුපියල් 2.00 සිට රුපියල් 16.50 දක්වා අද දිනය තුළ පමණක් 725%ක ප්‍රතිශතයකින් ද, කොමර්ෂල් ලීසිං සමාගම 43%ක ප්‍රතිශතයකින් ද එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම 16%කින් ද ප්‍රධාන විය.

අද දිනයේ සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් 129.00 සිට 136.00 දක්වා පරාසය තුළ කොටස් මිලියන 5.8ක්, ලංකා මිල්ක් ෆුඩ් සමාගම කොටසක් රුපියල් 180.00 බැගින් කොටස් ලක්ෂ 2.5ක් ද, සම්පත් බැංකුව කොටසක් රුපියල් 49.50 බැගින් කොටස් මිලියන 3.6ක් ද නෙස්ලේ ලංකා සමාගම කොටසක් රුපියල් 1,250 බැගින් කොටස් 16,000ක් ද ගනුදෙනු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිම වටිනාකම සහිත සමාගම ලෙස රුපියල් බිලියන 369ක් වාර්තා කරමින් එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, බිලියන 266ක් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද බිලියන 185ක් වාර්තා කරමින් කමර්ෂල් ලීසිං සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ දී රුපියල් මිලියන 41ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 764ක කොටස් විකුණා දමා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් 723ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

මෙම වර්ෂයේ අද දිනය දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 44.014ක මුදලක් ඉවත්කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ කොටස් මිල දී ගත් සමාගම් අතර සීඅයිසී (ඡන්ද බලය රහිත) රුපියල් මිලියන 07යි, කොමර්ෂල් ලීසිං රුපියල් මිලියන 1.8යි, සිලෝන් ටු‍බැකෝ සමාගම රුපියල් මිලියන 1.3යි වශයෙන් ද විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම ‍රුපියල් මිලියන 676යි, නෙස්ලේ සමාගම රුපියල් මිලියන 29යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 10යි ලෙස ද ප්‍රධාන විය.

අද දිනය තුළ පමණක් එක්ස්පෝ ලංකා සමාගමේ වටිනාකම රුපියල් බිලියන 26කින් වැඩි වී ඇති අතර එය මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සමාගම් ඉතිහාසයේ අත්පත් කරගත් වැඩිම වටිනාකම ලෙස හැඳින්වේ. එනම් රුපියල් බිලියන 369ක් වාර්තා කිරීම විශේෂත්වයකි.

අද පැවැති කැබිනට් රැස්වීමේ දී කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකරනු ඇතැයි යන විශ්වාසය මත එම සමාගම්වල කොටස් මිල ඉහළ යාමට සිදුවූ අතර ඉතා ඉක්මණින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙ මෙතෙක් ඉතිහාසයේ අත්පත් කරගෙන ඇති සමස්ත කොටස් මිල දර්ශකයේ වැඩිම අගය වන සැපැත්ම්බර් 02 වැනි දින වාර්තා වූ 9,339 සීමාව ඉක්මවා යනු ඇතැයි ද කෙටි කාලයකින් ඒකක 10,000 ඉක්මවනු ඇතැයි ද ආයෝජකයෝ විශ්වාසය පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!