spot_img
spot_imgspot_img

කොරෝනා නිසා අමතකව ගිය X-Press Pearl ගින්නේ වන්දි ලබාගැනීම

පුවත්

විදෙස්

ලක්මාලි මනම්පේරි විසිනි

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවූ විශාලතම සාගර ව්‍යසනය වූ කොළඹ වරාය ආසන්නයේ දී X-Press Pearl නෞකාව ගිනි ගැනීම සම්බන්ධ ගැටලු සියල්ල කොරෝනා වසංගතය හේතුවෙන් රටේ උද්ගත වූ හදිසි තත්වය නිසා යටපත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සාගර පරිසර පද්ධතියට නැවේ ගින්න හේතුවෙන් සිදුවූ හානියේ විශාලත්ව පෙන්වා දුන් පරිසර සංවිධාන ඒ සඳහා නිසි වන්දියක් ලබාගැනීමේ අවශ්‍යතාව ද හෙළි කළා.

සිදුවූ විනාශය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා ප්‍රමාදයන් වළක්වාගැනීම සඳහා පරීක්ෂණ වේගවත් කිරීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙනවා. දූෂණය සිදු කරන්නා විසින් ගෙවීමේ ප්‍රතිපත්තිය  Polluter Pays Principle (PPP) පීඩාවට පත්ව ජනතාවට වන්දිගෙවීමේ දී අමතක කළ නොහැකියි.

සිංගප්පූරුවේ ලියාපදිංචිව ඇති X-Press Pearl නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ දී ප්ලාස්ටික් කැට අතිවිශාල තොගයක් සහ රසායනික ද්‍රව්‍ය සහිත යාත්‍රා කරමින් තිබුණා. මෙම නැව මුහුදේ ගිලී යාමට පෙර සති දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ කොළඹ වරාය ආසන්නයේ ම ගිනි ගෙන දැවෙමින් තිබුණා.  

නැවේ දිගින් දිගටම පැවති ගින්න හේතුවෙන් එහි පිපිරීම් ද සිදුවූ අතර බහාලුම්වල තිබූ රසායනික ද්‍රව්‍ය. අනතුරුදායක භාණ්ඩ සහ තෙල් මුහුදුට ජලයට එක්වූ බව පරිසර සංවිධාන චෝදනා කරනවා. එමගින් සාගරික පරිසරය දූෂණය වුණේ මසුන් ඇතුළු සාගර ජීවීන්ගේ අභිජනන භූමි සහිත පාරිසරික පද්ධති රැසක් විනාශ කරමින්. එමගින් සාගර ජලය අපිරිසිදුවීමට අමරතව වෙරළ තීරයට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රවය විශාල වශයෙන් ගොඩගැසීම නිසා වෙරළ තීරය දූෂණය වීමත් ඒ හේතුවෙන් ධීවර කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තයටත් විශාල බලපෑමක් එල්ල වුණා.

වෙරළට පාවී එන නැවේ සුන්බුන් අතර විකිරණශීලී ද්‍රව්‍ය තිබිය හැකි බවට රජය පවා අනතුරු ඇඟවූ අතර මුහුදු ආහාර පරිභෝජනයට ජනතාව බියක් දැක්වීම ‍හේතුවෙන් ධීවර වෙළෙඳ පොළ පහත වැටීමෙන් තත්වය වඩාත් දරුණු වූයේ නිරායාසයෙන්.

මානසික සහ ශාරීරික සැහැල්ලුව සොයන බොහෝ දෙනකුට වෙරළ සෑම අවස්ථාවක ම ආකර්ශනීය ස්ථානයක් වුව ද ඔවුන්ට ද ඒ වෙතයාමට බාධා එල්ලවුණා.

මෙයින් නිරූපණය වන්නේ සෘජු හෝ වක්‍රාකාරයේන මානව හිමිකම් උල්ලංඝනය වීමක්. විශේෂයෙන් ම පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් සඳහා ඇති අයිතිය, ප්‍රමාණවත් ජීවන තත්වයක් සඳහා ඇති අයිතිය, රැකියාවේ හිතකර තත්වයන් භුක්තිවිඳීමේ අයිතිය, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ අයිතිය, ආර්ථික හා සමාජයීය සංවර්ධන ක්‍රියාකාරකම් නිදහසේ කරගෙනන යාමට ඇති අයිතිය, පිරිසිදු ජලය භාවිතා කිරීමේ අයිතිය, ස්වභාවික සම්පත් බුක්ති විඳීමේ අයිතිය, ශාරීරික සෞඛ්‍ය සඳහා ඇති අයිතිය සහ ජීවන තත්වය අඛණ්ඩව වැඩිදියුණු කරගැනීමට අයිතිය යන සියලු කරුණු මේ හේතුවෙන් උල්ලංඝනය වුණා.

මෙය දීර්ඝකාලීන ව්‍යසනයක් ලෙස හැඳින්විය හැකියි. මෙමගින් පරිසරයේ සහ මානව හිමිකම්වල අන්තර් සම්බන්ධතාව මෙන් ම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිචාර දැක්විය හැකි ස්වභාවය මෙන්ම අන්තර් යැපීමත් නැවත අවධාරණය කරනවා.

විනිසුරු සී.ජී.වීරමන්ත්‍රී සිය “ට්‍රෙඩ් ලයිට්ලි ඔන් ද අර්ත් (2009)” නමැති ග්‍රන්ථයෙන් “සෑම මිනිසකු ම පෙකණි වැලකින් පෘථිවි මාතාවට සම්බන්ධ කරන බව” ඕස්ට්‍රේලියාවේ පැරණි ස්වදේශිකයන් අතර විශ්වාසයක් පැවැති බව පෙන්වා දෙනවා.  

එහි සඳහන් වන්නේ, “ මාතෘ භූමිය සමෘද්ධිමත් වුවහොත් ප්‍රජාව සමෘද්ධිමත් වන නමුත් මව්බිම ගිලන්වී පීඩාවට පත් වුවහොත් සමාජය වියැකී යනු ඇත”  යන්නයි. පරිසරයට වන හානියකදී, විශ්ව ප්‍රකාශනයේ සහ අනෙකුත් මානව හිමිකම් මෙවලම් වල සඳහන් සියළුම මානව අයිතිවාසිකම් වලට හානි පැමිණවීමට හැකි බව අවධාරණය කරනවා.

එම නිසා, දූෂකයාගේ ක්‍රියාවන් හෝ අක්‍රියතාවයන්ගෙන් පරිසරයට සිදු වූ හානිය නිවැරදි කිරීම සහ එම ක්‍රියාවලියේදී අයිතිවාසිකම් උල්ලංඝනය වූ වින්දිතයින්ට සිදුවූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම දූෂකයාගේ පරම යුතුකම ලෙස සැළකෙනවා.

මෙම විශ්ලේෂණය පදනම් වී ඇත්තේ ස්ථාපිත පාරිසරික මූලධර්මය වන දූෂකයා ගෙවයි (පීපීපී) මතයි. 
එය 1920 ගණන් වලදී පරිසර කළමනාකරණයේ ආර්ථික මූලධර්මයක් ලෙස සකස් කරන ලද්දකි. ඉන් පාරිසරික දූෂණය හේතුවෙන් අයථා ලෙස වියදම් වෙන් කිරීමේ ගැටලු විස‍ඳෙනවා. 
යම් දූෂණයක් හෝ විනාශ්‍යක් සිදුකරන අයකු එය සිදුකිරීමේ දී එවැනි කිසිදු අවශ්‍යතාවක් නොතිබූ ප්‍රජාවන් සඳහා අමතර බරක් පැටවීමේ දී වැරදි ලෙස වියදම් වෙන්කිරීමක් ද සිදුවනවා. මෙය දූෂණය බාහිරකරණය කිරීම ලෙස හැඳින්විය හැකියි. පොදු ප්‍රජාව එහි බර දරන්නේ  පරිසර දූෂක මගින් ඇතිවන පරිසර හානිකර බලපෑම් අවම කිරීම අරමුණු කරගත් පාරිසරික ගුණාත්මකභාවය අඩුකිරීමෙන් හෝ බදු වැඩිකිරීමෙනුයි. 
පාරිසරික හායනයට හා දූෂණයට වගකිව යුතු දූෂකයන්ට පීපීපී වගකිව යුතු අතර එමඟින් සිදුවන හානිය ප්‍රතිපූර්ණය කිරීමට වන්දි ගෙවිය යුතුයි. 
යුරෝපා සංගමය දූෂක කාණ්ඩ තුනක් හඳුනාගෙන තිබෙනවා. 
(අ) සෘජුවම පරිසරයට හානි කරන පුද්ගලයෙක්.
(ආ) වක්‍රව පරිසරයට හානි කරන පුද්ගලයෙක්.
(ඇ) එවැනි හානියකට තුඩු දෙන කරුණක් නිර්මාණය කරන පුද්ගලයෙක්. 
ඉහත අපේක්‍ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පීපීපී ප්‍රධාන පාරිසරික රෙගුලාසි, ප්‍රඥප්ති සහ මෙවලම් වලින් සමන්විතයි. 
ඉන්දියාව අධිකරණමය වශයෙන් පීපීපී පිළිගෙන තිබෙනවා. පාරිසරික දූෂණය යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම  විපතට පත් වූවන්ට වන්දි ලබා දීමට දූෂකයන් වගකිව යුතු බව තහවුරු කිරීම සඳහා දූෂණය අභ්‍යන්තරකරණය කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කළේ  සුප්‍රසිද්ධ එප්පාවල සිද්ධියේදීයි. මෙම මූලධර්මය පිළිබඳව ශ්‍රී ලංකා අධිකරණය එම සිද්ධියේ දී පුළුල් ලෙස සාකච්ඡා කළා. ආරක්‍ෂිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා වූ මූලික අයිතිවාසිකම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගෙන නැති අතර එම නිසා අධිකරණ ක්‍රියාකාරීත්වය තුළින් අනෙකුත් ලිපි නිර්‍මාණාත්මකව හා පුළුල් ලෙස අර්ථ නිරූපනය කිරීමෙන් එම හිඩැස සාර්ථකව පුරවා තිබෙනවා. 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියේ ‘නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන අතර නීතියේ සමාන ආරක්‍ෂාව ලැබීමට අයිතියක් ඇත’ යනුවෙන් සඳහන් වනවා. මෙම විධිවිධානය යනු තමන්ගේම හෝ අනෙක් කාරණා සමඟ එක්ව පරිසරය හා සම්බන්ධ ගැටලු සඳහා පුළුල් අර්ථ නිරූපණයන්ට නිතර යටත් වීමක් ලෙස හැඳින්විය හැකියි.  28 (එෆ්) සහ 27 (14) වගන්ති යටතේ ලබා දී ඇති අයිතිවාසිකම් සහ මූලික යුතුකම්. 12 (1) ව්‍යවස්ථාවේ හරය මඟින් කෙරෙන්නේ රටේ පාරිසරික නීති යම් ව්‍යාපෘතියකට හෝ යම් භූගෝලීය ප්‍රදේශයකට යෙදීමට අපොහොසත් වීම පීඩාවට පත් වූවන්ට අසමාන ලෙස සැලකීම හෝ නීතියේ සමාන ආරක්‍ෂාව සඳහා ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් විය හැකි බව නිරූපණය කෙරෙනවා.
X-Press Pearl ගින්න ලංකාවේ අසාමන්‍ය තත්වයක් නිර්මාණය කිරීමට දායක වූ අතර ඇතැම් සමාජ සංස්ථාවන්හි ජීවනෝපාය පවා අහමිව ආර්ථික ගැටලුවලට ද හේතු වණා. රටේ අනෙකුත් ප්‍රදේශවලට පදිංචිකරුවන් හා සසඳන විට මෙම බලපෑමට හසුවූ ප්‍රදේශවල ජනතාවට සැළකිය යුතු අවාසිදායක තත්වයක් නිර්මාණය වුණා. 
දූෂකයා තම නොසැලකිලිමත්කමින් වක්‍රව පරිසරයට හානි කළා. අනතුරෙන් සිදුවූ හානිය තවමත් තක්සේරු කර අවසන් නැහැ. ගින්නෙන් දැවී ගිය කන්ටේනර් නෞකාවේ ක්‍රියාකරුට තාවකාලික හිමිකම් පෑමක් සිදු කළ බව ශ්‍රී ලංකා රජය වාර්තා කළා. එම යාත්‍රාව අර්ධ වශයෙන් කොළඹ සිට මුහුදුබත් වීමට පෙර දින එනම් ජුනි 1 වන දින දක්වා උපචිත ප්‍රතිචාර පිරිවැය සඳහා ඩොලර් මිලියන 40 ක් ඉල්ලා තිබුණා. කෙසේ වෙතත්, හානිය සම්පුර්ණයෙන්ම නිවැරදි කිරීමේ ක්‍රියා පටිපාටිය සැලකිය යුතු ලෙස මන්දගාමී ප්‍රගතියක් ලබා ඇති අතර එමඟින් ලංකාව යුක්තිය අහිමි වීමේ ආසන්නයට ම තල්ලු වී තිබෙනවා. 
(ලේඛිකාව ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. පාරිසරික නීතිය, ව්‍යවස්ථාමය නීතිය සහ මානව හිමිකම් යන අංශයන් පිළිබඳ ඇය පර්යේෂණ සිදුකර තිබේ) 

 මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

 ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!