spot_img
spot_imgspot_img

වාහන ආනයන තහනම ඉවත්කිරීමේ බලාපොරොත්තුවක් ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ආකාරය අනුව රථවාහන සඳහා පනවා ඇති තහනම ඉවත්කිරීම සම්බන්ධව සළකා බලන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක දී විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

“වාහන ආනයනය සම්බන්ධයෙන් පමණක් නොවෙයි. ආනයනය සම්බන්ධ බොහෝ සීමාවන් ඉදිරියේ දී ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. එය තීරණය කිරීමට සිදුවන්නේ මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම් අනුවයි. රජය දැනට කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව කරගෙන යන නිසා ඉතා ඉක්මණින් සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. අපනයනය සම්බන්ධ කර්මාන්ත සුපුරුදු පරිදි පවත්වාගෙන යාමෙන් ලැබෙන විදේශ විනිමය අනුව මේ ආනයන සීමා පිළිබඳ තීරණය කරනවා.”

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!