ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයුක ලෙස හිටපු නායකයකු වන මහේල ජයවර්ධන පත්කර තිබේ.
අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂනික උපදේශක කමිටුවේ නිර්දේශය මත මෙම පත්වීම සිදුකර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මේ දිනවල පැවැත්වෙන අයිපීඑල් තරඟාවලිය අවසන්වීමෙන් පසු මහේල ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙයි. ඉන් පසු විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබිමේ වටය නිමාවන තුරු ඔහු කණ්ඩායම සමඟ රැඳී සිටින බව ද වාර්තා වෙයි. ඒ අනුව නෙදර්ලන්තය, අයර්ලන්තය හා නැමීබියාව සමඟ තරඟවදින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටින මහේල 19න් පහළ කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස මාස 05කක කාලයක් කටයුතු කිරීමට ද නියමිතය.
ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙය මහේල ගරු සේවයක් ලෙස සිදුකරන බවයි.
මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
අනේ හොදයි 👍💐♥️