spot_img
spot_imgspot_img

තවත් දරුණු කොරෝනා රැල්ලක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

පුවත්

විදෙස්

රටේ දැනට පවතින තත්වය අනුව සංචරණ සිමා ඉවත්කළ වහාම යළි කොරෝනා රැල්ලක් වර්ධනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

එම සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වේ.

ඔවුන් පවසන්නේ මේ වනවිට සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නාමිකව පමණක් බවයි. පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම හැර අනෙකුත් සියලු කටයුතු කිසිදු භාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවත් ජනාතව ද නිදහසේ සංචරණය කරන බවත් ඔහු පෙන් දී තිබේ.

මත් පැන් අළෙවි සැල් පවා මේ වනවිට විවෘතව ඇති අතර  රට සම්පූර්ණයේන ම විවෘත කළ විට ඉතාමත් භයානක කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දෙයි.

ඔවුන් පෙන්වාදෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන ප්‍රමාණය සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ඇති බවයි. මේ හේතුවෙන් සමාජයේ සිටින කොවිඩ් ආසාදිතයන්ගේ සැබෑ ප්‍රමාණය හඳුනාගත නොහැකි වී ඇති බවත් දැනට ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන අනුව කොරෝනා පැතිරීම අඩුවී ඇතැයි ජනතාවට වැරදි අවබෝධයක් ලැබී ඇති බවත් වෛද්‍ය කමල් ඒ.පෙරේරා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දක්වා තිබේ.

මේ හේතුවෙන් ජනතාව නිදහසේ සංචරණයට පෙළඹීම නිසා අප්‍රේල් මාසයේ ආරම්භ වූ කොරෝනා රැල්ලට වඩා දරුණු කොරෝනා රැල්ලක් ඇතිවිය හැකියැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!