‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

පුවත්

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන...

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ...

විදෙස්

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා. විදේශ විනිමය සංචිත යනු මොනවාද යන්න ද යහපත් මට්ටමින් විදේශ විනිමය සංචිත පවත්වා ගැනීමෙන් රටකට ලැබෙන ප්‍රයෝජන කවරේ ද යන්න ද අප විමසා බැලිය යුතුයි.

විදේශ විනිමය සංචිත යනු රටේ මහ බැංකු හෝ මුදල් අධිකාරීන් විසින් පවත්වාගෙන යන විදේශ මුදල් තැන්පතුයි. එයට රන් සංචිත, විශේෂ හැර ගැනුම් අයිතිය (Special Drawing Rights) (SDRs) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සංචිත (කෝටාව) ද ඇතුළත්ය. ඒවා වඩාත් නිවැරදිව හැඳින්වෙන්නේ නිල සංචිත හෝ ජාත්‍යන්තර සංචිත හෝ නිල ජාත්‍යන්තර සංචිත ලෙසනි.

විදේශ විනිමය යනු විදේශීය මුදල් වලින් දැක්වෙන වත්කම් වන අතර ඒවා බොහෝ දුරට එක්සත් ජනපද ඩොලර් අනුව ගණනය කරනවා. එක්සත් ජනපද ඩොලර්, ලෝකයේ වැඩියෙන්ම ජාත්‍යන්තර වෙළඳාම සඳහා යොදාගන්නා මුදල් ඒකකය ලෙස සැළකීම ඊට හේතුවක්. බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම, යුරෝ, යෙන් සහ යුවාන් යන මුදල් ඒකකවලින් ද විදේශ විනිමය සංචිත පවත්වාගෙන යනු ලබනවා.

ප්‍රධාන වශයෙන් සංචිත මුදල් වර්ග අටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ඩොලරය, බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම්, කැනේඩියානු ඩොලර්, චීන රෙන්මින්බි (යුවාන් එහි මූලික ඒකකය), යුරෝ, ජපන් යෙන්, ස්විස් ෆ්‍රෑන්ක් සහ එක්සත් ජනපද ඩොලරය ම මුදල් ඒකක අටයි.

ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ එක්සත් ජනපද ඩොලරය ඉල්ලුම අධිකතර සංචිත මුදල් ඒකකය බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ විදේශ විනිමය සංචිත වල මුදල් සංයුතිය සැලකිය යුතු වෙනස්කම් වලට භාජනය වුණා. 1999 අවසානය වන විට ලෝක විනිමය සංචිත වලින් 71% ක් පමණ එක්සත් ජනපද ඩොලර්වලින් පවත්වාගෙන ගියා. 2020 අවසානය වන විට මෙය දළ වශයෙන් 59% දක්වා පහත වැටී තිබුණා. (Arslanalp and Simpson-Bell, 2021).

1999 දී යුරෝ මුදල් ඒකකය හඳුන්වා දීමෙන් පසු එය 20% ක් පමණ විනිමය සංචිත ප්‍රමාණයක් අත්පත් කරගනිමින් ඩොලරයට පසුව ලොව විශාලතම විදේශ විනිමය සංචිත මුදල් බවට පත්වීම ඊට හේතුවක් වුණා.

කොවිඩ් -19 බලපෑමට ලක් වූ වර්ෂයේ (Q1 2020-Q1 2021) සමුච්චිත ලෝක විනිමය සංචිත ද ඉහළ ගොස් තිබෙනවා. (වගුව 1).

ලොව විශාලතම සංචිත හිමි රටවල් 10 අතර ආසියාවේ රටවල් ඉදිරියෙන් සිටිනවා. (වගුව 2)

මුදල් සංචිත Q1-2020Q2- 2020Q3-2020Q4-2020Q1-2021
ඇමෙරිකා ඩොලර්67776903693269966991
යූරෝ21972272236025272416
RMB220234247270288
ජපන් යෙන්653650676718692
ස්ටර්ලිං පවුම්486504524561553
වෙනත් මුදල් ඒකක13781449150716271631
එකතුව 11,70512012122461269912571
වගුව 1 – විදේශ මුදල් සංචිත (ඇමෙරිකානු ඩොලර් බිලියන)
රටඑකතුවමාසය
1චීනය3,371,6082021 ජූලි
2ජපානය1,386,5042021 ජූලි
3ස්විට්සර්ලන්තය1,086,5042021 ජූලි 30
4ඉන්දියාව633,5582021 සැපැත්ම්බර් 03
5රුසියාව615,6002021 අගෝස්තු 27
6තායිවානය543,0802021 ජූලි
7හොං කොං491,6002021 ජුනි
8දකුණු කොරියාව458,7002021 ජූලි
9සෞදි අරාබිය445,6572021 ජුනි
10සිංගප්පූරුව 407,7362021 ජූලි
වගුව 2 – ලෝකයේ විශාලතම විදෙස් මුදල් හිමිකරුවන් (ඇමෙරිකානු ඩොලර් මිලියන)

චීනය ලොව සමුච්ඡිත විදේශ විනිමය සංචිතයෙන් 27%කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. දෙවන ස්ථානය ජපානයට හිමි වන අතර එම ලැයිස්තුවට ඇතුළත් වූ එකම යුරෝපා රට වන ස්විට්සර්ලන්තය තුන්වැනි ස්ථානයේ පසුවෙනවා. මෑත වසරවල දී රුසියාව අභිබවා සිව්වන විශාලතම විදේශ විනිමය හිමිකරු බවට ඉන්දියාව පත්වුණා.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු, බොහෝ ආර්ථිකයන් අවදානම පිටු දැකීම කෙරෙහි අවධානය යොමු කළා. ඒ සඳහා සැළකිය යුතු විදේශ විනිමය සංචිතයක් ගොඩනගා ගැනීමට බොහෝ රටවල් කටයුතු කර තිබෙනවා. විදේශ ගෙවීම් ගැටලුවකින් තොරව සිදුකර ගැනීම සඳහා පමණක් නොව මුදල් ප්‍රතිපත්තිය හැසිරවීම සඳහා ද විදේශ විනිමය සංචිත භාවිතා කරනවා. මුදල් ප්‍රතිපත්ති ආශ්‍රිත ක්‍රියාවන් හෝ දේශීය මුදලට සහය දැක්වීම සඳහා කරන විනිමය අනුපාතික මැදිහත්වීම් මෙන් ම මහ බැංකු ක්‍රියාකාරකම් සඳහා සහයෝගය සහ විශ්වාසය පවත්වා ගැනීමට විදේශ විනිමය සංචිත අවශ්‍ය වනවා. අර්බුදකාරී අවස්ථාවන්හි  දී පැන නඟින විදේශ ප්‍රාග්ධන ගලා යාම් වැනි හදිසි බාධා හේතුවෙන් ඇති වන ඕනෑම අවදානම් තත්ත්වයක් වළකාලීමට ද එය අවශ්‍ය දෙයක්. රටක් සතු ද්‍රවශීල විදේශ මුදල් තොගය, බාහිර ගෙවීම් සඳහා අත්‍යාවශ්‍ය ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කරනවා.

එනම්, ගැටලු සහගත අවස්ථාවල දී ආරක්ෂිත පළිහයක් වැනියි. අර්බුදයක් ඇතිවිට තීරණාත්මක ආනයන සඳහා රටට උපකාර කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය සම්පත් තවමත් තිබෙන බවට සහතික වන්නේ එවැනි තත්වයක් තත්වයක් තුළින්. මෙවැනි කරුණු හේතුවෙන් ඕනෑම රටක් විදේශ විනිමය සංචිත තබාගැනීමට කටයුතු කරනවා.

(a.) මතුවන ආර්ආථික කම්පනයන් කළමනාකරණය කර ගැනීම සඳහා,

(b.) ආනයන සඳහා ගෙවීමට

(c.) ණය ගෙවීමට

(d.) රටේ මුදලේ අගය ස්ථාවරව පවත්වාගැනීම සඳහා

රටක කොතරම් ප්‍රමාණයක් විදේශ සංචිත පවත්වාගෙන යා යුතු ද යන්න පිළිබඳ ශාස්ත්‍රීය සාකච්ඡාවේ නිගමනයක් තවම දක්නට නැහැ. කෙසේ වුවත් විදේශ විනිමය සංචිත නඩත්තු කිරීම වියදම් අධික කටයුත්තක්. එනමුත් ඒවා අර්බුද වැළැක්වීමේ දී හෝ අර්බුදකාරී තත්තවයන්ට මුහුණ දීමේ දී හෝ වැදගත් වන අතර ජාතික ආර්ථිකයට ඇති වන අර්බුදකාරී බලපෑම් අවම කිරීමට ද උපකාරී වනවා. රටේ මාස තුනක ආනයන අවශ්‍යතා සඳහා ගෙවිමට හෝ කෙටි කාලීන ණය ගෙවීම් සඳහා හෝ ප්‍රමාණවත් විදේශ සංචිත පවතීනම් සම්ප්‍රදායිකව එම තත්වය සතුටුදායක යැයි මතයක් පවතිනවා. මෙම තත්වය කෙසේ වුවත් පවත්වාගත යුතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය කොපමණ ද යන්න තීරණය කිරීමේ දී රටක් විසින් සැළකිය යුතු සාධක කවරේද යන්න අතිශය සංකීර්ණ ගැටලුවක්.

ලෝකයේ විවිධ කලාප අතර විදේශ විනිමය සංචිත වල විශාල වෙනස්කම් තිබෙනවා. 3 වන වගුවේ දක්වා ඇති පරිදි දැනට ලෝකයේ මුළු විදේශ විනිමය සංචිතයෙන් 06%  ක් (2021) දකුණු ආසියාව සතුයි.

රටසංචිත එකතුවදිනය හෝ මාසය
ඇෆ්ගනිස්ථානය9,4462021 පෙබරවාරි
ඉන්දියාව642,4532021 සැප්තැම්බර් 03
බංග්ලාදේශය48,0042021 අගෝස්තු
නේපාලය11,9602021 අප්‍රේල් 15
පකිස්තානය20,0222021 සැප්තැම්බර් 03
ශ්‍රී ලංකාව 2,8002021 ජූලි
වගුව 3 – දකුණු ආසියාවේ රටවල විදේශ මුදල් සංචිත (ඇමෙරිකානු ඩොලර් මිලියන) මූලාශ්‍රය ඒ ඒ අරටවල මහ බැංකු වෙබ් අඩවිවලිනි. ඇෆ්ගනිස්ථානයේ වර්තමාන මුදල් සංචිත ප්‍රමාණය කොපමණ ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැක

කොරෝනා වසංගතය අතරතුර දකුණු ආසියාව එහි විදේශ විනිමය සංචිත ප්‍රමාණය වර්ධනය කරගෙන ඇති නමුත් එම කණ්ඩායමේ රටවල් අතර මේ පිළිබඳ විෂමතා දක්නට තිබෙනවා. ඉන්දියාව සහ බංග්ලාදේශය ඔවුන්ගේ විදේශ විනිමය සංචිත තත්ත්වය සැලකිය යුතු ලෙස වර්ධනය කරගැනිමට සමත් වුණා. කොරෝනා වසංගතය අතරතුර නේපාලය සහ පකිස්ථානය සිය විදේශ විනිමය සංචිත තත්ත්වය ස්ථාවර කර ගැනීමට සමත් වී තිබෙනවා.

මූලික වශයෙන් විනිමය උපයන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ගලා ඒම මුළුමණින් ම පහත වැටීම හේතුවෙන් 2020 මුල් කාර්තුවෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම් සැළකිය යුතු ප්‍රමාණයකට පහත වැටී තිබෙනවා. එබැවින් විදේශ ණය ආපසු ගෙවීම් සපුරාලීම ප්‍රධාන කොට ම සිදු වූයේ රට සන්තකයේ තිබූ විදේශ විනිමය සංචිත වලින්. ඊට අමතරව, සෞඛ්‍ය අංශය වෙනුවෙන් දරන්නට සිදු වූ ආනයන වියදම් ප්‍රමාණය ඉහළ යාම ද පසුගිය මාස කිහිපය තුළ විදේශ සංක්‍රාම ගලා ඒම මන්දගාමී වීම ද රටේ විදේශ විනිමය සංචිත අඩුවීමට බලපා තිබෙනවා.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව විදේශ විනිමය සංචිත කළමනාකරණය කිරීම හා ස්ථාවරභාවය ගොඩ නැගීම සඳහා වන ශ්‍රී ලාංකා රජයේ ප්‍රතිපත්තිය අඛණ්ඩව නොවෙනස්ව පවත්වාගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, කොවිඩ් -19 හේතුවෙන් විදේශ විනිමය සංචිත කළමනාකරණය මෑත කාලයේ දී අභියෝගාත්මක දෙයක් බවට පත්ව තිබෙනවා.

මූලාශ්‍ර –

References

Arslanalp,  Serkan  and Simpson-Bell, Chima (2021) ‘US Dollar Share of Global Foreign Exchange Reserves Drops to 25-Year Low’, IMF Blog, MAY 5, 2021.

Siripurapu, Anshu (2020) ‘The Dollar: The World’s Currency’, September 29, 2020 , Council on Foreign Relations,  http://www.cfr.org/bio/anshu-siripurapu (accessed on 4th September, 2021).

IMF: https://data.imf.org/?sk=E6A5F467-C14B-4AA8-9F6D-5A09EC4E62A4 (accessed on 16th September 2021)

(මෙම ලේඛකයා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් සහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ විශ්‍රාමික වෘත්තීය සිවිල් සේවකයෙකු වන හිටපු භාණ්ඩාගාර ලේකම් ය.)

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

මුල් ලිපිය මෙතැනින්

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස...

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට පත්වෙයි

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් Expo Lanka සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 400 ඉක්මවා අද (22) වාර්තා විය.

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී...

IOC පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිකරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සහ ඩීසල් ලීටරයක් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් වැඩිකිරීමට තීරණය කර...

ඉතිහාසයේ කිසි දා නොවූ පරිදි කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 ආසන්නයට ම

කොළඹ  කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 36,143ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,268ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

මල්වත්තේ චීවරධාරියෙක් නීතියට උඩින් යද්දී, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ පොලිසියත් ශ්‍රේෂ්ඨාධිකරණය අපහාස කරලා

මල්වතු පාර්ශවයේ චීවරධාරියෙක් නීති සියතට ගනී. පොලිසිය නීතිය මඟහරයි. ‍ මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති කැලියල්පිටිය...

ලෝකය ජයගත් “යොවුන් සිනමාකරු හසන්ත” මව් බිමට පා තබයි

තුර්කියේ පැවැති “සකර්යා” අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ දී හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් හසන්ත දිසානායක අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය.

සහල් මිල යළි ඉහළ දමලා

 සහල් නිෂ්පාදකයන් විසින් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40.00කින්  සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00කින් යළි ඉහළ දමා...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!