spot_img
spot_imgspot_img

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

පුවත්

විදෙස්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජේ.ගුණසිරි පවසයි.

මත්පැන් අළෙවි සැල් විවෘතකිරීමට අවසර දී ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (17) තොරතුරු වාර්තාවීම හේතුවෙන් රටේ බොහෝ ස්ථානවල මත්පැන් අළෙවි සැල් විවෘතකර තිබූ අතර විශාල පිරිසක් ඒවායේ රැස්වී මත්පැන් මිල දී ගන්නා ආකාරය ද දැකගත හැකිවිය.

සුරාබදු කොමසාරිස්වරයා පවසන්නේ එලෙස විවෘතකර ඇති මත්පැන් අළෙවිසැල් සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් ද පවත්වන බවයි.

විදේශ සංචාරකයන් සඳහා සංචාරක හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කරලීම සඳහා පසුගිය 12 වැනි දා අවරස ලබා දී තිබිණි.

ජෛව බුබුළු යටතේ විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වීමටත්, සංචාරක මණ්ඩල අනුමැතිය ඇති හෝටල්වල නැවතීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ලබාදුන් අවසරය හේතුවෙන් හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවසර ලබාදුන් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පවසයි.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුාමරසිංහ පවසන්නේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් වූ පසු සෙසු ව්‍යාපාරික ස්ථාන සමඟ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථාන ද විවෘත කරන බවයි.

(ඡායාරූපය – ක්‍රිෂාන් ජීවක ජයරුක්ගෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!