spot_img
spot_imgspot_img

බාලදක්ෂයෝ ජනාධිපතිවරයා කළ පත්වීමකට එරෙහිව අධිකරණයට ‍පෙත්සමක් ඉදිරිපත් කරති

පුවත්

විදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද පත්වීමකට එරෙහිව බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

ඔවුන් පවසන්නේ බාලදක්ෂ කවුන්සිලයේ නිර්දේශයකින් තොරව ජනාධිපතිවරයා විසින් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු පත්කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි. එබැවින් ඔහු එම ධූරය් කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ උපසභාපති හා යාවජීව සාමාජික පුස්වැල්ලගේ මයිකල් ඩේමියන් සිල්වා, කමිටු සාමාජිකයින් වන ජිමී මාරඹේ , සරත් ගොඩකන්දආරච්චි , සුමනදාස ජයසිංහ ඇතුළු 11 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ ලේකම් කමලනාත් ජිනදාස, නියෝජ්‍ය බාලදක්ෂ කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ සඳහන් වන්නේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් දූරය සදහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා වාකිෂ්ඨ මහතා පත් කිරීමට බාලදක්ෂ කමිටුවේ සාමාජිකයින් ජනාධිපතිවරයාට නිර්දේශයක් ලබා දී තිබූ බවයි.

බාලදක්ෂ ව්‍යාපාරයේ ව්‍යවස්ථාව අනුව ප්‍රධාන බාලදක්ෂ සහ බාලදක්ෂ ව්‍යාපාරයේ අනුශාසකයා වන්නේ ජනාධිපතිවරයාය. බාලදක්ෂ ව්‍යාපාරයේ රීති අනුව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා පත් කිරීමේදී ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම බාලදක්ෂ කවුන්සිලයේ අනුමැතිය ලබා ගත යුතුය. නමුත් නිර්දේශය නොතකා ජනාධිපතිවරයා විසින් සැප්තැම්බර් 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය බාලදක්ෂ කොමසාරිස්වරයෙකු වන නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු පත්කර ඇත.

පෙත්සම්කරුවන් පවසන්නේ ජනාධිපතිවරයාගේ තීරණය නීතියට පටහැනි බවයි. තවද 335/2018 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ තීන්දුව අනුව ජනාධිපතිවරයා ප්‍රධාන බාලදක්ෂවරයා සහ අනුශාසකවරයා වශයෙන් කටයුතු කළ යුත්තේ හුදෙක්ම නාමික තත්ත්වයෙන් පමණක් බව ද එම පෙත්සමේ සඳහන් කර ඇත.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් කරන තුරු නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ට ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට නියෝග කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ

නිතිඥ ජනප්‍රියජිත් ප්‍රනාන්දු අදාළ ධූරයේ කටයුතු කිරීම බලශූන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපතිවරයා කළ පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කරන ලෙසද, අදාළ පත්වීම් ලිපි අධිකරණයට හමුවට ඉදිරිපත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට නියෝග කරන ලෙසද, රුපියල් කෝටියක වන්දි ලබා දෙන ලෙසද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!