spot_img
spot_imgspot_img

රජයේ අරමුදල් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට සැ‍රසේ

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 29,324ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,956ක් බවට සටහන් විය.

අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 83කින් පහළ ගිය අතර ගනුදෙනු අවසානයේ එය ඒකක 8.848ක් බවට වාර්තා විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනු දෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,319යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,097යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 201යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 111ක් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 21ක් ද, ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 09ක් ද වශයෙන් කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර සිංහ පුත්‍ර ෆිනෑන්ස් (P) 25%කින් ද අමානා තකාෆුල් සමාගම 19% කින් ද, ටෙක්ස් ඇග්‍රෝ සමාගම 16%කින් ද කොටස් මිල ඉහළ යන ලදී.

අද දිනයේ ද රුපියල් බිලියන 323ක වටිනාකමක් වාර්තා කරමින් එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද,  රුපියල් බිලියන 248ක වටිනාකමක් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය.

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම ලෙස සම්පත් බැංකුවේ කොටස් මිලියන 3.5ක් රුපියල් 49.50 බැගින් හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 23ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 17ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දින‍ය තුළ ශුද්ධ ලෙස රුපියල් මිලියන 06ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට ඇතුළත්ව ඇත. විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 13යි, කලම්‍බු ලෑන්ඩ් සමාගම රුපියල් මිලින 3.8යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලයන 1.2යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 09යි, සීටී‍ හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03යි සහ ගලධාරී හෝටල් සමාගම රුපියල් මිලියන 01යි ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ආශ්‍රිත සමාගම්වල ව්‍යාපාරික නිවේදන කිහිපයක් නිකුත් කර ඇති අතර එච්එන්බී ‍ෆිනෑන්ස් සමාගම රුපියල් 100.00ක් වටිනා ණයකර කොටස් මිලියන 20ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ නිකුත් කිරීම මගින් රුපියල් බිලියන 02ක මුදලක් එක්කර ගැනීමට යෝජනා කර ඇත.

රිල් ප්‍රොපටීස් සමාගම විසින් මීට පෙර අවස්ථාවක මිල දී ගත් ෆෑන් ඒෂියා පවර් සමාගමේ කොටස් තවදුරටත් මිල දී ගනිමින් සැප්තැම්බර් මස 10 වන විට පෑන් ඒෂියා පවර් සමාගමේ සම්පූර්ණ කොටස් නිකුතුවෙන් 74%ක කොටස් හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත්ව ඇති අතර එමගින් මහ බැංකුවේ සියළුම පරිපාලන මෙහෙයුම් සහ ප්‍රතිපත්ති තීරණය කිරීම සිදුකරන අතර එහි සාමාජිකයන් සංඛ්‍යාව 05 දෙනකු වන අතර නිල කාලය අවුරුදු 06ක් වෙයි. ඒ අනුව දැනට එහි අනෙකුත් සාමාජිකයන් ලෙස නිල බලයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල ද, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන පිරිස කටයුතු කරනු ලබයි.

මූල්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණයක් ලබා ගැනීම සඳහා එහි සාමාජිකයන් පස් දෙනාගේ ම අනුමැතිය අනිවාර්යයෙන් ම අවශ්‍ය වී ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් ආයෝජනයන් කෙරෙහි රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අරමුදල් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල යන අරමුදල් මගින් මුදල් ආයෝජනය වනු ඇතැයි ද එය කොටස් වෙළෙඳ පොළෙහි ඉදිරි ප්‍රගමනයට හේතුවනු ඇතැයි ද ආයෝජකයන් විශ්වාස පළ කර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!