spot_img
spot_imgspot_img

තෑගි ලැබුණු ජංගම PCR යන්ත්‍ර භාවිතා න‍ොකර මාස 05ක් පැත්තකට දමලා

පුවත්

විදෙස්

පරිත්‍යාග ලෙස ලැබුණු ජංගම වෛද්‍ය රසායානාගාර 05ක් මාස 05ක් පුරා ප්‍රයෝජනයට ගෙන නැතැයි වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ රවී කුමුදේශ් පවසයි.

පීසීආර් පරීක්ෂණ සිදුකළ හැකි ජංගම වෛද්‍ය රසායානගාර භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නොගැනීම හේතුවෙන් මෙලෙස ඒවා භාවිතා කරන්නේ නැති බවද හෙතෙම අනාවරණය කළේය.

මේ අතර ජනාධිපතිවරයා විසින් රැපිඩ් පීසීආර් යන්ත්‍ර සදහා අනුමැතිය දී මාස පහක් ගත වී තිබුණ ද ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති යන්ත්‍රයක් ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන් කිහිප දෙනකු උත්සාහ ගැනීම හේතුවෙන් එය ද ප්‍රමාද වී තිබේ. එලෙස අනුමැතිය නොමැති යන්ත්‍රය ගෙන්වීමට අවසර නොදෙන්නේ නම් ටෙන්ඩරය අවලංගු කිරීමට ද ඇතැම් බලධාරීන් කටයුතු කරමින් සිටින බවට සැකයක් තිබේ යැයි රවී කුමුදේශ් පවසයි.

වැරදි තීරණ ක්‍රියාත්මක කිරීම වෙනුවට, අවම වශයෙන් රසායනාගාර සේවාවේ සියළු පාර්ශවකරුවන් එකම එක සාක්ච්ඡාවකට හෝ කැදවා නිවැරදි තොරතුරු පිළිබදව දැනුවත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!