spot_img
spot_imgspot_img

නව පත්වීම් හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ඉහළ යයි ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ දෛනික ගනුදෙනු 25,288ක් වාර්තා කරමින් දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 3,589ක් බවට සටහන් විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 155.7කින් ඉහළ ගොස් ඒකක8,692ක් ලෙස සටහන් විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව ගනු දෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,577යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 541යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 124යි ලෙස ප්‍රධාන විය.

දිනයේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනු දෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 60ක් ද, එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 12ක් ද, එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 10ක් ද ලෙස කැපී පෙණිනි.

දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්එන්බී ලීසිං සමාගම කොටස් මිල 50%කින් ද, ඩයලෝග් ෆිනෑන්ස් ( R ) 44%කින් ද අමානා ලියෆ් සමාගම 24%කින් ද කොටස් මිල ඉහළ යන ලදී.

අද දිනයේ එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වටිනාකම රුපියල් බිලියන 299ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ ද , එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 243ක සමස්ත වටිනාකමක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට ද පත්ව ඇත.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර නෙස්ලේ ලංකා සමාගම රුපියල් 1,200.00 බැගින් වූ කොටස් 100,000ක් ද හේමාස් සමාගම රුපියල් 72.00 බැගින් කොටස් 281,000ක් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද රුපියල් මිලියන 168ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලයන 218ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශීය ආයෝජකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 50ක් අද කොටස් වෙළෙඳ පොළෙ ආයෝජනවලින් ඉවත් කරගෙන තිබේ.

2021 වර්ෂයේ අද දිනය දක්වා රුපියල් බිලියන 42.622ක මුදලක් කොළඹ කොටස් වෙළඳ පොළෙන් විදේශ ආයෝජාකයන් විසින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ටෙක්ස්චර් ජර්සි සමාගම රුපියල් මිලියන 23, සීඅයිසී සමාගම රුපියල් මිලියන 07යි, ඊඩ්න් හෝටල් සමාගම රුපියල් මිලියන 2.6යි ලෙස කැපී පෙණිනි. විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 57යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 16යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 07ක් ලෙස ද සටහන්විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සමාගම් කිහිපයක් විසින් නිවේදන නිකුත් කර ඇති අතර ඒ අනුව ලන්කෙම් සිලෝන් ආයතනය, ඇක්මී ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් ආයතනයේ 31.4% කොටස් හිමිකාරීත්වයක් හිමිකරගෙන ඇති අතර ඒ අනුව ඇක්මි ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් සමාගමේ කොටස් මිලියන 12.957ක් ලන්කෙම් සිලෝන් ආයතනය විසින් මිල දී ගෙන තිබේ.

ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන විසින්, ලංකා මිල්ක් ෆුඩ් ආයතනය යටතේ ආරම්භ කරන ලද යුනයිටඩ් ඩයරීස් ලංකා සමාගම මගින් රුපියල් බිලියන 3.5ක ආයෝජනයක් සිදුකර කිරි නිෂ්පාදන සමාගමක් ආරම්භ කර ඇති අතර ඒ මගින් 2022 වර්ෂයේ අවසානය වනවිට තවත් කිලි ලීටර මිලියන 05ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාාවේ ප්‍රකට ව්‍යාපාරික පවුලක් වන ඉසුක්ලි පවුලේ හුසේන්, අක්බාස්, ඉමිටියාස් සහ මුර්තාසා යන සහෝදරයන් විසින් රුපියල් මිලියන 720ක ආයෝජනයක් සිදුකර හේමාස් සමාගමේ කොටස් මිලියන 10ක් මිල දී ගෙන තිබේ. මෙම කොටස් විදේශ ආයෝජකයන් විසින් විකුණා ඇති අතර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් විසින් එය මිලදී ගැනීම සතුටුදායක කරුණකි.

කොමර්ෂල් බැංකුව විසින් ඊයේ දිනයේ විවෘත කරන ලද රුපියල් බිලියන 10ක් වටිනා රුපියල් 100.00 බැගින් වූ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමිව ඇති අතර ඒ අනුව තවත් කොටස් මිලියන 50ක් නිකුත් කිරීමට අදහස් කර තිබේ.

හෙට දිනයේ මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් වැඩ භාරගැනීම හේතුවෙන් සහ ප්‍රාග්ධන ව්‍යවසාය සහ කොටස් වෙළෙඳපොළ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යධූරය නාලක ගොඩහේවා මහතාට ලැබෙනු ඇතැයි ද එම පියවරයන් කොටස් වෙළෙඳ පොළෙහි වැඩිදුර ප්‍රගමනයට හේතුවේ යැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!