spot_img
spot_imgspot_img

බණ්ඩාරවෙල විදුහල්පති නිවැරදි වීමේ උත්සාහයක. ආදි සිසුන්ගේ අල්ලස් හරවා යවයි

පුවත්

විදෙස්

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා පැමිණ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරී සරත් බන්දු ගුණසේකර, විද්‍යාලයීය ආදි සිසුන් විසින් තම පරිහරණය සඳහා ලබාදුන් සියළුම භාණ්ඩ හා උපකරණ යළි ආපසු ඔවුන් වෙතම යැවීමට තීරණය කර තිබේ.

rata.lk වෙබ් අඩවිය විසින් මේ බව පසුගිය සැපැත්ම්බර් 08 සහ 09 දින ලිපි දෙකක් මගින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ උපදේශක කමිටුව රැස්කර සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව වැඩ ආවරණය කරන විදුහල්පතිවරයා මේ බව තීරණය කර තිබේ.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ශාන්තිකමර්මයක් ද පවත්වා විදුහල්පතිවරයාගේ පරිහරණය සඳහා කලිසම් කෝර්ට්, පිඟන් භාණ්ඩ, ශීතකරණ ඇතුළු උපකරණ ලබා දී ඇති බව හෙළි කිරීමෙන් පසු ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් දෙදෙනකු අප අමතා එය අල්ලස් දීමක් නොවන බව කියා සිටියේය. එමෙන් ම ශාන්තිකර්මයක් නොපැවැත්වූ බවත් පැවතියේ උළුඅහු පැනීමක් බවත් ඔවුහු පැහැදිළි කළහ.

විධායක කමිටු සාමාජික විජිත මධුර උඩුවරගෙදර සහ රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන බණ්ඩාරවෙළ ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් රත්නායක ද එය අල්ලස් ලබාදීමක් නොවන බව කියා සිටියේය. නමුත් අල්ලස් පිළිබඳ නිර්වචනයන් අනුව එය අල්ලස් ලබා දීමකි.

රජයේ නිලධාරියකු පවා අල්ලස් දීම අනුමත කළ ද වැඩ ආවරණය කරන විදුහල්පතිවරයාගේ කැඳවීම මත රැස්වූ උපදේශක කමිටුවේ තීරණය වී ඇත්තේ එම ද්‍රව්‍ය සියල්ල යළි පරිත්‍යාග සිදුකළ ආදි සිසුන් වෙත ම යැවීම සුදුසු බවයි.

ඒ අනුව එය අල්ලසක් බව උපදේශක කමිටුව තීරණය කිරීම පැසසුම් කටයුතුය. මෙම පරිත්‍යාග කළ ආදි සිසුන් සඳහා ළමුන් ඇතුළත්කිරීමේ දී ලකුණු ලබා නොදීමට ද එම කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ප්‍රමාද වී හෝ වරද තේරුම්ගෙන එය නිවැරදි කිරීම පැසසුම් කටයුතුය.

විද්‍යාලයක විදුහල්පතිවරයා නිල බලයෙන් ආදි සිසු සංගමයේ සභාපතිවරයා වුව ද ඔහු හෝ ඇය ස්වාධීන තීරණ ගත හැකි පුද්ගලයකු විය යුතුය. ආදි සිසුන්ගෙන් මෙවැනි වරදාන වරප්‍රසාද ලබාගත් විට සිදුවන්නේ විදුහල්පතිවරයාට රාජ්‍යයෙන් පැවරෙන රාජකාරිය ස්වාධීනව ඉටුකළ නොහැකිව ආදි සිසුන්ගේ සහ විවිධ වරදාන වරප්‍රදාස ලබාගන්නා වහළකු බවට පත්වීමයි.

අප පෙන්වා දුන්නේ එයයි. මෙය බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට පමණක් අදාල කරුණනක් නොවේ. රටේ සියලුම පාසල්වල අඩු වැඩි වශයෙන් සිදුවන එහෙත් නොවිය යුත්තකි.

මෙතෙක් මේවා පිළිබඳ ජනමාධ්‍යවල සඳහන් වන්නේ ඉතාමත් අඩුවෙනි. ජනමාධ්‍ය නියෝජනය කරන පාසල් ආදි සිසු සිසුවියෝ එවැනි පුවත් මාධ්‍යවල පළකිරීම වළකාලති. ඒ පිළිබඳ අපට ද පුද්ගලික අත්දැකීම් ඇත. විදුහල්පතිවරුන් ද තම පාසලට පැමිණෙන දරුවන්ගේ හා පැමිණීමට බලාපොරොත්තු වන දරුවන්ගේ දෙමාපියන් (ආදි සිසුන් ඇතුළුව) ග්‍රහණයට ගනිමින් සියලු අකටයුතුකම් වසා දමා ගනී. එපමණක් නොව අති දැවැන්ත වූ සමාජ බලයක් ද ‍ගොඩනගා ගැනීමට උත්සාහ ගනිති.

මේ නිසාම පාසල් විදුහල්පතිවරු බහුතරයක් දූෂණයට වංචාවට යොමුව ඇති අතරම ඒවාට උදව් කරන්නෝ ද වෙති. පාසල් ව්‍යාපෘති යැයි කියමින් සිදුකරන මුදල් ගැරීම් ද බහුලව සිදුවෙයි. දේශපාලකයෝ ද මේවා දෙස නෑසූ කන්ව සිටිති.

නමුත් අප මේ සියල්ල හෙළිදරව් කිරීමට සූදානම්ය. පාඨක ඔබ සතුව එවැනි දේ ඇත්නම් අප වෙත දැනුම් දෙන්න. ඒ සඳහා හඬක් නැගීමට අප සූදානම්ව සිටින්නෙමු. ඔබ ලබාදෙන තොරතුරුවල අනන්‍යතාව සුරකින බව ද සහතික කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!