spot_img
spot_imgspot_img

දකුණු අප්‍රිකාව විස්සයි – 20 තරඟාවලියේ පෙරමුණ ගනී

පුවත්

විදෙස්

තමන් සහභාගී වූ පළමු ජාත්‍යන්තර විස්සයි – 20 තරඟයේ දී ම රටේ ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වරම් දිනාගත් දකුණු අප්‍රිකානු නායකයා කේ‍ෂව් මහාරාජ් සිය කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ගමනක් ආරම්භ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 26ක පහසු ජයග්‍රහණයක් අතකර ගනිමිනි.

නියමිත පන්දුවාර 20 අවසානයේ දකුණු අප්‍රිකානුවන් කඩුළු 05ක් දැවී ලබාගත් 163ට පිළිතුරු වශයෙන් ලකුණු 8.20ක දළ ලකුණු වේගයක් රඳවාගැනීමේ ඉලක්කයක් සමඟින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නායක මහාරාජ් ඇතුළු දකුණු අප්‍රිකානුවේ කිසිදු අවස්ථාවක දී හිස එසවීමට ඉඩ දුන්නනේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකිවූයේ කඩුළු 06ක් දැවී ලකුණු 135ක් පමනි. දකුණු අප්‍රිකානුවන් විසින් උඩ පන්දු 05ක් අතහැරිය ද දිනේෂ් චන්දිමාල් හැර අනෙක් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැත. චන්දිමාල් පන්දු 54කින් ලකුණු 66ක් ලබාගත්තේ තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කර ගනිමිනි. එම ලකුණු සංඛ්‍යාව චන්දිමාල්ගේ විස්සයි-20 තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් පිතිකරුවන් අතරින් චාමික කරුණාරත්න පමණක් ලකුණු 20 සීමාව (22) ඉක්මවා රැස් කර ගැනීමට සමත්වූවේය.

ඉනිම ආරම්භයේදී නොයේ විසින් පන්දුව කෙළින්ම කඩුල්ලට එල්ල කරමින් අවිෂ්ක ප්‍රනාන්දුව දවා ගැනීමට සමත්වීමෙන් අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට කේෂව් මහරාජ් සමත්වීම ශ්‍රී ලංකා කණ්ඩායම පසු පාදයට තල්ලුකර දැමීය.

15 වැනි පන්දුවාරයේ සිට 18 වැනිපන්දුවාරය දක්වා වූ පන්දු 24 තුළ ලකුණු 53 ක් ලබා ගැනීමට ඩේවිඩ් මිලර් සහ ඒඩ්න් මාක්‍රම් සමත් වූ අතර දසුන් ශානක ලකුණු 48 ක් ලබා සිටි මාක්‍රම්ගේ කඩුල්ලද දවා ගනිමින් එම පන්දුවාරය ලකුණු 6 කට සීමා කළේය. දුෂ්මන්ත චමීර විසින් යවන ලද අවසන් පන්දුවාරයේදී ද ඩේවිඩ් මිලර්ගේ කඩුල්ලද දවා ගැනීමට සමත්වීම නිසා පහසුවෙන්ම ලකුණු 175 සීමාවට යෑමට දකුණු අප්‍රිකානුවන්ට තිබූ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් අවසන් පන්දුවාරයේදී රැස් කරන ලද ලකුණු 10 ත් සමඟ අවසන් පන්දුවාර 7 දී ලකුණු 76 ක් උදුරාගැනීමට ඔවුහු සමත්වූහ. හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග පන්දු 33 කදී ලකුණු 48 ක් ලද ඒඩ්න් මාක්‍රම් තරගයේ වීරයා සම්මානයෙන් හිමිකරගත්තේය.

විස්සයි-20 තරගාවලියටම එක්වූ කුවින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ගොඩ නංවන ලද ලකුණු 73 ඔවුන්ට විශාල ලකුණු සංඛ්‍යාවකට යාම සඳහා හොඳ අඩිතාලමක් විය. කුවින්ටන් ඩි කොක්ගේ කඩුල්ලත් සමග සිය කඩුලු දඩයම ඇරැඹූ හසරංග හෙන්ඩ්‍රික්ස්ගේ කඩුල්ලද දවා ගත්තේය.

විස්සයි-20 තරග අංශය යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් 90 වැනියා ලෙසින් වරම් දිනා ගත් මහීෂ් තීක්ෂණ හෙන්ඩ්‍රික් ක්ලාසන්ගේ කඩුල්ල මංගල කඩුල්ල ලෙසින් දවා ගත් අතර ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 35 ක් රැස් කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

වනිදු හසරංග යැවූ පන්දුවාර 04 දී දකුණු අප්‍රිකානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 23ක් පමණි. එ් අතර වනිඳු කඩුළු ‍02ක් දවාගැනීමට ද සමත්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!