spot_img
spot_imgspot_img

මව සමඟ දර කැඩීමට ගොස් අතුරුදන් වූ තරුණිය දින 05කට පසු සොයාගනී

පුවත්

විදෙස්

මව සමඟ දර කැඩීමට නුවරඑළියේ ඩන්සිනන් රක්ෂිතයට ඇතුළු වී අතුරුදන් වූ 25 හැවිරිදි තරුණිය දින 05කට පසු සොයාගත හැකි වූ බව පොලිසිය පවසයි.

ඇය සොයාගෙන ඇත්තේ පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකිනි

මෙලෙස අතුරුදන්වව සිටියේ නුවරඑළිය ඩන්සිනන් වත්තේ පදිංචිව සිටි 25 හැවිරිදි ජේ.බාලන් කත්මුණ නමැති තරුණියකි ඇය පසුගිය 04 වැනි දා මව සමඟ වනයට ගොස් සිටිය දී අතුරුදන් වූවාය.

ඇය බඹරකැලේ අලුත් කොළණය, ශාන්තිපුර යන ප්‍රදේශයේ දී සොයාගැනීමට යුද හමුදා කණ්ඩායමක් සමත්විය. එම තරුණිය ඉක්මණින්ම නුවරඑළිය රෝහලට යවා ඇති අතර ඇය රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබා දෙයි.

නුවරඑළිය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!