spot_img
spot_imgspot_img

බනිස් කෑල්ලක්, ගාල්ලේ කොරෝනා ආසාදිතයකුට මරු කැඳවයි

පුවත්

විදෙස්

දින කිහිපයක් ම ඝන ද්‍රව්‍ය කිසිවක් ආහාරයට නොගත් පුද්ගලයකු බනිස් කැබැල්ලක් උගුරේ හිරවී මියගොස් ඇති බවත් ඔහු කොරෝනා ආසාදිතයකු බවත් හබරාදුව හදිසි මරණ පරීක්ෂක ගාමිණී කමල්තිලක පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල අඟුළුගහ පදිංචි 78 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය 26 වැනි දා ඔහුට උදරාබාධයක් වැළඳී ඇත. ඉන් තැම්බුම් හොදි, කිරි, සුප් වැනි දියර ආහාර පමණක් ලබාගත් ඔහු 07 වැනි දා බනිස් කෑමට හැකි බව පවසා ඇති බැවින් නිවැසියන් විසින් බනිස් ගෙනවිත් දී තිබේ.

එම බනිස් කමින් සිටිය දී ඔහු සිහිනැතිව ඇද වැටුණු බවත් හැකි ඉක්මණින් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ බවත් ඔහුගේ දරුවන් පවසයි.

නමුත් රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටියේය. මළ සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එම තැනැත්තා මියයන විට කොරෝනා ආසාදිතයකු බවයි.

මෙම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානී වරුෂාහැන්නදි සිරුර විච්ඡේදනය කිරීමෙන් පසු නිගමනය කර තිබුණේ ඔහු ආහාරයට ගත් බනිස් කැබල්ලක් ශ්වාසනාලයේ හිරවීමෙන් මරණය සිදුව ඇති බවයි.

විශේෂඥ වෛද්‍යවරිය විසින් ලබාදුන් නිර්දේශ හා හදිසි මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂක ගාමිණී කමල්තිලක මෙම මරණය කොරෝනා ආසාදිත පුද්ගලයකු වුව ද බනිස් කැබැල්ලක් ‍හිරවීමෙන් සිදුවූ මරණයක් ලෙස තීරණය කළේය.

1 COMMENT

  1. අද මුලු රටම % 90 වක් කොරෝනා වැලදී ඇත පී සී ආර් නැත පරික්ෂන නැත මැරී වැටන තුරු
    කිසිකෙනෙක් තමාට කොරෝනා බව නොදනී
    පාලකයෝ මුදල් නැතිව හිඟමන් යදිති උන්ට ඇවිදීමට මංතීරු හදතී කාලකණ්නී රට විනාශ කර අහවරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!