spot_img
spot_imgspot_img

ඖෂධ දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධියේ CID ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරමින් සැකකරුට ඇප ලබාදෙයි

පුවත්

විදෙස්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප් කළ එපින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හරීන්ද්‍ර කල්පගේ ඇප මත මුදාහැරීමට අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය නියෝග කළාය.

එපින් ලංකා සමාගම එම දත්ත ගබඩාව පවත්වාගෙන ගොස් තිබිණි. ඔහු මුදා හැරීමේ දී රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට ද නියෝග කළාය. එමෙන්ම සෑම මාසයකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද නියම කෙරිණි.

මෙම නඩුව යළි ලබන 13 වැනි දා කැඳවීමට නියමිතය. විනාශයට ලක්වූ බව කියන දත්ත අඩංගු පරිගණක ගබඩාව යවත්කාලින කිරීමෙන් වළකින ලෙසත්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දක්වමින් මහේස්ත්‍රාත්වරිය නොතීස නිකුත් කිරීමට ද කටයුතු කළාය.

ඖෂධ ලියාපදිංචිකිරීම සඳහා සමාගම් විසින් ඉදිරිපත් කරනු බන ඉල්ලීම්වලට ආධාරක ලේඛන ගබඩා කර ඇති පරිගණක දත්ත ගබඩාව විනාශ වීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ විමර්ශන අංශය සඳහන් කරන ලදී.

එම දත්ත මැකීයාම හේතුවෙන් ඖෂධ ලියාපපදිංචි කිරීමේ කටයුතුවලට බාධා සිදුවී ඇතැයි ද අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේය.

එම දත්ත ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාමේ වගකීම එපින් ලංකා සමාගම වෙත පැවරී තිබූ බව ද ඔවුහු අධිකරණයට දැනුම් දුන්හ. එහෙත් එම වගකීම ඉටු කිරීමට අදාළ සමාගම අපොහොසත් වීමෙන් සාපරාධී විශ්වාසය කඩකර තිබෙන බවත් ඒ අනුව පොදු දේපළ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් දැනුම් දෙන ලදී

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවට ඇතුළත්වීමේ මුරපදය එම සමාගමේ පුද්ගලයින් හතර දෙනෙකු අත තිබී ඇතැයි පෙන්වාදුන් එම නිලධාරීන් මෙය සංකීර්ණ පරීක්ෂණ කටයුත්තක් බවත් විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියෙ ්එම දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එපින් ලංකා සමාගමේ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඇති බවයි. එහි වගකීම සමාගමේ ඉංජිනේරුවරයකු විසින් භාරගෙන ඇති බැවින් ඔහුට එරෙහිව ආයතනික මට්ටමින් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජූලි මස 31 වැනි දින ලිඛිතව දැනුම් දී ඇතත් එම ඉංජිනේරුවරයාගෙන් මෙතෙක් ප්‍රකාශයක් සහටන් කරගෙන නැතැයි ද විත්තියේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම දත්ත ගබඩාවට ප්‍රවේශවීමේ මුරපදය මෙම සැකකරු සන්තකයේ තිබී ඇත්දැයි මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් අධිකරණයට කියා සිටියේ එවැන්නක් පිළිබඳව විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැති බවය.

එමෙන්ම දත්ත ගබඩාව විනාශ කිරීමේ සිද්ධියට එම සැකකරු සම්බන්ධ බවට මෙතෙක් සෘජු සාක්ෂි අනාවරණය වී නැතැයි ද ඔවුහු කීහ. එහෙත් එම දත්ත ගබඩාව ආරක්ෂා කිරීමේ වගකීම එම සැකකරු වෙත පැවරී ඇති බවත් එම වගකීමෙන් ඔහුට බැහැරවිය නොහැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම කරුණු සියල්ල සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!