spot_img
spot_imgspot_img

හෙළිදරව් නොකළ මුදල් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට මාස 04ක කාලයක් ලැබෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 46,219ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,665ක් බවට වාර්තාවිය.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 135කින් පහළ ගිය අතර එය දිනය‍ අවසානයේ සටහන් වූයේ ඒකක 9,092ක් ලෙස සටහන් විය.

සමාගම්වල කොටස් ගනුදෙනු වටිනාකම් අනුව සන්සන්දනය කිරීමේ දී එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,743යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලින 1,936යි, හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිත) රුපියල් මිලයන 653ක ලෙස මූලික විය.

අද දිනයේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 185යි, එස්එම්බී ලීසිං සමාගම (ඡන්ද බලය රහිත) කොටස් මිලියන 71, එච්එන්බී ලීසිං සමාගම (N) කොටස් මිලියන 58ක් ලෙස කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්ඇඩ්ග්‍රෝ සමාගම (X) 50% කින් ද, එස්ඇඩ්ග්‍රෝ සමාගම (N) 40%කින් ද නේෂන් ලංකා සමාගම 22%කින් ද ඉහළ ගොස් තිබේ.

සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම් අතර හැටන් නැෂන් බැංකුව (X) කොටස් මිලියන 4.6ක් රුපියල් 130.00 බැගින් ද, සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 51.50 බැගින් ද, අලියාන්ස් සමාගම කොටස් 410,000ක් රුපියල් 60.00 බැගින් ද ඇක්මී ප්‍රින්ටින් කොටස් මිලියන 08ක් රුපියල් 12.00 බැගින් ද, රේණුක හෝල්ඩින් සමාගම කොටස් මිලියන 2.5ක් රුපියල් 16.00 බැගින් ද වැලිබල් පවර් සමාගම කොටස් මිලියන 08ක් ‍රුපියල් 8.00 බැගින්ද, එලිෆන්ට් හවුස් සමාගම කොටස් 565,000ක් රුපියල් 580.00 බැගින් ද හුවමාරු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ අද දිනයේ ද වටිනාකම වැඩිම සමාගම බවට රුපියල් බිලින 358ක වටිනාකම් වාර්තා කරමින් එක්ස්පෝ ලංකා සමාගම ද රුපියල් බිලියන 281ක වටිනාකම් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 25ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 115ක කොටස් විකුණා තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස විදේශීය ‍ආයෝජකයන් විසින් රුපියල් මිලියන 90ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 6.8යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 5.4යි, හේලීස් සමාගම රුපියල් මිලියන 1.4ක් ලෙස ප්‍රමුඛ විය. ඔවන් කොටස් විකුණූ සමාගම් අතර රේණුක හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 04යි, ඩයලොග් සමාගම රුපියල් මිලියන 28යි, මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 08 ලෙස කැපී පෙණිනි.

ජනවාරි මස 01 වැනි දින සිට අද දක්වා රුපියල් බිලියන 41.684ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

අද දිනයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභා පනත අලුතෙන් හඳුන්වා දුන් අතර බදු සමා පනත ද ඡන්ද 134ට 44ක් ලෙස වැඩි ඡන්ද 90කින් සම්මත වී තිබේ. මෙම හඳුන්වා දී ඇති බදු සමා පනත අනුව විදේශයන්හි හෝ ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හෙළිදරව් නොකර උපයන ලද මුදල් 1%ක බද්දක් සහිතව කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමාගම්වල හෝ භාණ්ඩාගාරික බිල්පත්වල ආයෝජනය කිරීමට අවස්ථාවව ලබා දී තිබේ. විශේෂත්වය වන්නේ මෙම සියලු මුදල් ආයෝජනයන් නව පනත ප්‍රකාරව 2021-12-31 දිනට පෙර ශ්‍රී ලංකාව තුළ ආ‍යෝජනය කළ යුතු වීමයි.

ඒ අනුව මාස 04ක් වැනි කෙටි කාලසීමාවක් තුළ විශාල මුදල් ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය වනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළ කර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!