spot_img
spot_imgspot_img

දොස්තර මල්ලියි ආචාර්ය අයියයි රටම රවටයි. “කරාපිටියේ කරල” රෝහලේ කොරෝනා ආසාදිතයන්ට දී නැහැ.

පුවත්

විදෙස්

“කරාපිටියේ කොරෝනා කරල” යනුවෙන් හඳුනාදෙමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන නිෂ්පාදනයක් කිසිම අවස්ථාවක දී කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ලබා දී නැතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි.

මෙම නිෂ්පාදනය සොයාගත් බව පවසමින් කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුවන උදාර සම්පත් ගුණවර්ධන සහ ඔහුගේ සොහොයුරා වන ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් විශාල ප්‍රචාරයක් ගෙන යමින් ඉන් කරාපිටියේ රෝගීන් සුව වී ඇතැයි පැවසුව ද මේ දක්වා කරාපිටිය ශික්ෂණ රො‍හලේ කිසිදු රෝගිකයකුට එවැනි නිෂ්පාදනයක් ලබා දී නැතැයි අධ්‍යක්ෂ වරයා තහවුරු කළේය.

පසුගිය සැප්තැම්බර් 02 වැනි දා ඩේලි මිරර් පුවත් පතේ මුල් පිටුවේ පළ වූ පුවතක දක්වා තිබුණේ ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද මෙගා ප්‍රයිම් නමැති කරලක් කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් ඇතුළු 10,000කට ලබා දී ඔවුන් සුව වී ඇති බවයි. එම නිෂ්පාදනය සොයාගත් බව කියන ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආචාර්යය නන්ද ගුණවර්ධන ඒ බව පවසා තිබිණි. ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ වැඩිහමල් සහෝදරයාය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසන්‍නේ මෙය ව්‍යාජ නිෂ්පාදනයක් බවයි. එවැනි නිෂ්පාදනයක් කරාපිටිය රෝහලේ රෝගීන්ට කිසිම දිනයක ලබා දී නැති බවත් එවැනි නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සායනික පරීක්ෂණයක් සිදුකර නැති බවත් වෛද්‍ය පෙරේරා මහතා තහවුරු කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඔවුන් පවසන මේ නිෂ්පාදනයක් කොරෝනා රෝගීන් භාවිතා කරන්නේ නැහැ. වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ ‍සහෝදරයා නිෂ්පාදනයක් ගැන කියනවා. ඒක කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට දීලා හොඳ වුණා කියලා ප්‍රචාරය කරනවා. නමුත් එවැනි නිෂ්පාදනයක් කිසිම දිනක කරාපිටියේ කොරෝනා ආසාදිතයන් සඳහා ලබා දී නැහැ. ඒ වගේම ඔවුන් කියන මේ නිෂ්පාදනය කරාපිටියේ දී හෝ වෙනත් කිසිම ස්ථානයක සායනික පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම සුදුසුයැයි අනුමත කර නැහැ. ඔවුන් ගෙනයන්නේ වැරදි ව්‍යාජ ප්‍රචාරයක්.”

මෙම ඖෂධය සොයාගත් බව කියන සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයකු වන උදාර සම්පත් ගුණවර්ධන මේ වනවිට කරාපිටිය ශික්ෂණ රොහලේ කොරෝනා වාට්ටුවේ සේවය සඳහා අනුයුක්ත කර තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ ඔහු ‍එම වාට්ටුවට අනුයුක්ත කළේ කරාපිටියේ කොරෝනා ආසාදිතයන් ගැන බොහෝ වේදනාවෙන් ජනාමධ්‍යයට අදහස් දක්වා තිබූ නිසා බවයි.

නමුත් ඔහු කොරෝනා වාට්ටුවේ සේවය සඳහා අනුයුක්ත කර තිබීමෙන් පසුව හෝ මෙම නිෂ්පාදනය එහි සිටින කිසිදු රෝගියෙකුට ලබා නොදන බවත් අධ්‍යක්ෂවරයා පවසයි. එමෙන්ම එවැනි නිෂ්පාදනයක් ලබාදීමට ඔහුට කිසිදු නීතිමය අවසරයක් නොමැති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

කොරෝනා සුව කළ හැකි ඖෂධයක් සොයාගත් බව පවසන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කොරෝනා වාට්ටුවේ සේවය කරන්නේ අනෙකුත් වෛද්‍යවරුන් විසින් ද කොරෝනා වයරසයෙන් ආරක්ෂාවීම සඳහා අඳිනු ලබන සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් කට්ටලය සඳහ මුඛ ආවරණ මෙන්ම මුහුණු ආවරණ ද පැළඳ ගනිමිනි. එමෙන්ම ඔහු සෑම අවස්ථාක දී ම විෂබීජ නාශක දියර වර්ගද අඩුවක් නැතිව භාවිතා කරයි. ඔහුට තම නිෂ්පාදනය පිළිබඳ විශ්වාසයක් ඇත්නම් එලෙස ආරක්ෂාවීමට අවශ්‍යතාවක් නැතැයි රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සමඟ කටයුතු කරන අනෙකුත් සෞඛ්‍ය සේවා නිලධාරීන් පවසන්නේ උදාර සම්පත් ගුණවර්ධන හෝ ඔහුගේ සහෝදරයා නිෂ්පාදනය කළ දෙයක් නැති බවයි. ඔවුන් මුදල් ගැරීමේ ජාවාරමක නිරතවන බවත් රෝහලේ දී උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයා අනෙක් කිසිදු වෛද්‍යවරයකු හෝ රෝහලේ අනෙක් නිලධාරීන් සමඟ හෝ එවැනි නිෂ්පාදනයක් ගැන කතා නොකරන බවත් ඔවුහු කියති.

මෙම නිෂ්පාදනය විකුණා ගැනීමේ අරමුණෙන් කරාපිටිය ශික්ෂණ රෝහල සම්බන්ධයෙන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන දැක්වූ අදහස් පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණයක් ද මේ වනවිටත් ආරම්භ කර ඇත. රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ එම පරීක්ෂණ කණ්ඩායම විසින් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති බවයි.

(මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයකට හෝ පුද්ගලයකුට අගතියක් සිදුවන්නේ යැයි හැඟෙන්නේනම් ඔවුන් විසින් කරනු ලබන පැහැදිලිකිරීම් සඳහා ද මේ හා සමාන ඉඩක් ලබා දෙන ලෙස අපි ප්‍රකාශ කර සිටිමු.)

20 COMMENTS

  1. එන්නත් ගහපු දොස්තරලා මුඛවාඩම් නැතිවද වැඩ කරන්නෙ. එයාලටත් හැදුනට අසාද්‍ය වෙන්නෙ නෑ කියන්නෙ.එයාල සාමාන්‍ය ඇදුමින්ද ඉන්නෙ.දන්නකෙනෙක් කියන්න.

  2. මෙවැනි පුවත් ප්‍රචාරය කිරීමට ප්‍රථමයෙන් නිවැරදි තොරතුරු සොයා බලා වාර්තා කරන්නෙ නම් මැනවි.
    වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන ‍යනු දෙවියකු ලෙස රෝගීන්ට පිහිට වන වෛද්‍යවරයෙකි.

    මමද කොවිඩ් රෝගය. වැළදී මෙම ඖෂධය ලබා සුව වූවෙකි. මා හට එය නොමිලයේ ලැබුනු බවද ප්‍රකාශ කරමි.

  3. මේ පුවත සිතා මතාම වයිරයෙන් “ගේම”ට දැමූ එකක් බව පැහැදිවම පෙනේ. රටක තමන්ගේ නිෂ්පාදනයක් කරන්නම බැරිද? ඇයි මේ තරම් කුහක. ඔයාල මැදිහත් වෙලා ඒක ඇත්තද නැතිද කියලා හරියට පරීක්ෂණ කරන්න. මේ මනුස්සයට ඒ බෙහෙත දෙන්න අවසර නෑ කියල ඔය ලොකු කුහක වෙදාම කියනවනම්, ලෙඩ්ඩුන්ට දෙන්නෙ කොහොමද? බුද්ධ්මත් ශ්‍රී ලංකිකයින් ඕවා පිළිගන්න කියලද කියන්නේ. එතකොට බුද්ධිමත් වෙන්න ඕන කියවන උන් විතරද? මේ වගේ අමු කුහක රටක්, රටින් එන හැම බෙට්ටම හොඳයි කියන මැටි මෝල්ලු..ඒකටම හර්‍යන පාලකයො රෑණක්..හැමදාම රට අපිත් එක්කම වලේම තමා..

  4. ලංකාවේ හෙළ වෙදුන් / වෙදකමේ පමණක් මෙතරම් නව නිර්මාණ කිරීම.. සහ අනෙක් සියළුම අංශ වල එසේ නොවීම…. අවිද්‍යාව

  5. mr.Sujeewa.
    ඔහේ ලංකාවේ නොවේ වෙන්න ඇති. නව නිර්මාණ කෙරෙන්නේ හෙළ වෙදකමේ විතරක් නොවේ.කොයිතරම් නව නිර්මාණ මේ වන විටත් සිදුවෙනවද. කොරෝනා වයිරස් එක නසන්න (අඩි විස්සක් වපසරිය තුළ) මැෂින් එකක් හදලා තියෙනවා තරුණයෙක්. ඒකත් අවිද්‍යාව ද? මුහුදු වතුරෙන් ජල විදුලිය හදන්න පුලුවන් ක්‍රමයක් හදපු මිනිහා ඒ දුකෙන්ම මිය ගියා. ලෑන්ඩ්මාස්ටරේ හොඳ උදාහරණයක් . මේ වගේ ඕන තරම් තියෙනවා. මේක ලිං මැඩි කම සහ කුහකකම . ඔහෙල වගේ කුහක මෝඩ මෝල්ලු ඉන්න නිසා කපටි දේශපාලුවන් මේ රට කන එක කජ්ජක් නොවෙ Mr. Sujeewa. ඔහේගෙ දරුවෙක් නව නිපැයුමක් හොයාගත්තත් ප්‍රතිපලය එකමයි..අන්න එතකල් ඔහෙල වගේ අයට මේ වගේ කුහකකම් තේරුම් ගන්න බෑ..

  6. Mr.sujeewa.
    මීට කාලෙකට ඉස්සර නුවර කොල්ලෙක් කුණු ටොන් ගානක් ප්‍රථිචකරියකරන මැෂින් එකක් හැඩුවා. මුල්ලේරියාව කුණු කන්ද කුණු ටිකට කරන දේ දින කාල ඇතිව ඒ කොල්ල කිව්වෙ එවකට හිටපු ගොන් තඩි ඇමතිය ළග තියාගෙන. ඇමතිය කිව්ව ඒ කොල්ලගෙ වැඩේට පුද්ගලිකව මැදිහත් වෙනව කියල.සහතික වුණා. ආණ්ඩු ගානක් ගියා අර නව නිපැයුම හොයාගත්තු කොල්ලා ආගිය අතක් නෑ. කුණු කන්දෙන් දුක් වි’දින මිනිස්සු අදටත් එහෙමයි. ඒත් ලස්සනම හිනා යන වැඩේ ප්‍රේමයට ජයන්තියක් වෙවී පිං ඇමතියා අදටත් යෙහෙන් වැජඹීමයි. ඕකයි ඇත්ත..අපේ රට ඔහෙල වගේ එවුන් එක්ක,අර ඇමති අම්බරුවො එක්ක කවදාවත් ගොඩ ඒමක් නෑ..

  7. Mr Sajeewa, e witharak neweyi me hora karalaa dan hama thanama ennathata wirudhdhawa boru prachara pathuruwanna patan aragena thiyenawa. Uge karal business eka adu welada koheda. Methanath oo wenuwen kuliyata kahina apathayo set ekak comment daala thiyenawa.

    • Mr.saman.
      ඕක තමා කරන්න පුලුවන් එකම දේ. මෙතන කුලියට කහින ඔයා වගේ අය ඇති. මං නං ඔය කරල හදන කවුරුත් සුදුද කලුද කියලා දන්නෙ නෑ. කරලක් බීලත් නෑ. ඔයා හොරෙන් බොන කොත්තමල්ලි වෙනිවල්ගැට පේන්න බොන එකෙක් මං. මෙතන මං ගොඩනගන තර්කය ඔයාලගෙ ගොංකම බැරිකම පේනවා. ඒ මිනිහට ඒ හදපු බෙහෙත හරි මොක හරි දෙන්න ඉඩදෙන්නෙ නැතිව ඒ මනුස්සය අසාර්ථකයි කියන්නෙ කොහොමද? මෙතන වැක්සින් එකේ මගුලක් කියෙව්වෙ නෑ කවුරුත්. ඔයා කතාකරන්න අලුත් වැඩක් හරියට කරන්න ඉඩ දෙන්නෙ නැති දේෂපාලුවන්ට විරුද්ධ ව. එහෙම හඩක් නගන්න කොන්දක් නෑ. මේව ගැන හරියට කතාකරන්න හැදුවොත් ඌ ආණ්ඩු විරෝධී , සියේට තුන, විපක්ෂෙට දානවා එක්කො. ඕකුං ඔක්කොම ඔහෙල වගේ අම්බරුවොම තමා..රටට හෙන ගහල තියෙන්නෙ ඔහෙල වගේ මූසල කුහකයෝ නිසා. අවිචාරකයන්ට විචාරයේ සදාචාරක් නෑ.. උන් ඉන්නෙම ලිදේම තමා..

  8. මං ලංකාවෙ මීඩියා ගැන දන්නවා. කුණුත් විකුණයි සල්ලි නිසා. බලන්න එකක් නැටිව ඉන්නකොට මගෙ යාලුවෙක් ලින්ක් එව්වෙ rata.lk බලන්න හොඳයි කියලා. ඒත් දැං තේරෙනවා ඔයාලත් ඉන්නෙ කුණු ගොඩේම තමා. මේක තමා අපේ රටේ කරුමේ. එල්මෝ ගුණරත්න මහත්මයා මං දන්න ටිකක් ඇසුරු කළ කෙනෙක්. මාධ්‍යයේ හතර මායිම් හරියට දැනගෙන වුර්තීයේ ගරුත්වය තියාගත් කෙනෙක්. බුද්ධිමත් පාඨකයාට කිව්වට ඒකෙ තේරුමට අගයක් දෙන්න කියල මං යෝජනා කරනවා කාරුණිකව . ගොසිප් කියලා ඉබා ගාතෙ මඩ උලන්න ගියොත් හොඳ දෙයක් හොයන පාඨකයෝ ඔයාලව අතහරිනවා.

  9. Ane bola gon banduwo ehema eka ekaata ona widiyata beheth hadala minissunta denna behe. Ewa niyama widiyata pareekshana walin oppu karala thamai denna ona. Dan me hora karalai uge ayyayi kiyanawa pareekshana kara kiyala. Eth ko ewaye prathipala? Ehema research ekak karala thiyenawa nam eka publish karanna ona scientific journal wala misak eka eka paththara wala wath gossip sites wala wath neweyi. Ko ithin ehema pareekshana karala thiyenawa nam ai unta bari ewa niyama widiyata publish karabna? Mun me karanne minissu baya karala bora diye maalu baana eka witharayi.

  10. Mr. ගොං saman..
    ගොනා කවුද කියලා පැහැදිලියි. මගේ තර්කය හරි සරලයි. ඒ මිනිහට ඒ බෙහෙත හරි කරල හරි දෙන්න ඉඩ නොදී ඒකෙ සාර්ථක අසාර්ථක බව මනින මිම්ම කියහංකො. මාත් කියන්නෙ මේ මනුස්සයාට මේකෙන් ලෙඩේ අඩුකර පෙන්නන්න ඉඩ දෙන්න කියලා. එතකොට බලන්න පුලුවන් මිනිහ කියන එක ඇත්තද බොරුද කියලා. උඹ වැක්සින් දෙකම ගැහුවෙත් ඔහොම හැම දේම හොයලද? පිට රටින් එන ඕන පු..ක් උඹලවගෙ අම්බරුවන්ට රත්තරං..කරාපිටියෙ කරල නෙමෙයි මොන ගොං බෙට්ටෙ න් හරි අපේ රටේ මිනිස්සු මැරෙන එක අඩුවෙලා ලෙඩ්ඩු අඩුවෙනවනම්..ඒකට උඹල වගෙ මී හරක් එක්ක ඉඩක් නෑ. ඒක තමා කකුහකකම කියන්නේ..ලංකාවේ නව නිපැයුමකට අත්වෙච්චි දෙයක් කියහංකෝ ලෝකයක් දිනපු. එකක්. මිනිස්සු රට අතෑරලා යන එක අහන්න දෙයක්ද..පරාජය කුහකකමින් වහගන්නැතිව ඇත්තට මුහුණ දීහං.. දැං වත් හැදියං.අනාගතේ උපදින පරපුර ගැනවත් හිතලා..අම්බරුවා

  11. Ane bola booruwo, ehema eka parata minissunta beheth deela test karanne nehe yako. Behethak test karana kramayak thiyenawa batahira hari ayurweda hari. Issella oo eka karala niyama widiyata results publish karaata passe thamai minissunta denna puluwan. Aduma gaane me hora doca uge karalata ayurweda suthra kamituwe anumathiya wath nehe. Ehema ekak minissunta eka paarata denna minissu lab ratsla kiyala hithuwada? Vaccines aawe e widiyata clinical trials karala. Tho isselama igena ganin hariyata behethak pareeksha karana kriyawaliya kohomada wenne kiyana eka. Tho wage moda moosala gas ballekuta owa therum karanna tharam naasthi karanna mata welaawa nehe.

  12. සමන් බූරුවෝ..තොගෙ බාසාවට මාත් එනවා..වැක්සින් එක ලංකාවේ හැදුවත් තෝ වගේ මී හරක් ඒකට ඉඩක් දෙන්නෙ නෑ. රටින් කොමිස් වලින් එන එකක් ඒත් ෂෝක්. ඇමතියෙක් මුල් වෙලා කොමිස් ග්හ්හහගෙන ආවනං අද වැක්සින් එකත් එක්ක මේ වගේ එකකුත් අනිවාරයි. උඹ වගේ ගස් හු. පුතාලා කටින් නෙමෙයි පු..නුත් එහෙනං ඒවා බොයි. හරි සූත්‍ර කමිටුවේ අනුමැතිය ගත්තු ර්ත්නපාල වගේ උගත් ඩොක්ටර් කෙනෙකුටත් ඒකට ඉඩක් දුන්නද? ඒකට තමා සුනක දාතුවෝ කුහකකම කියන්නේ. වැක්සින් එක ෆේල්. ඒ නිසානේ බල්ලෝ තුන් වෙනි එකක් ගැන කතාකරන්නේ. ලේ කැටි ගැහිල මිනිස්සු මැරෙන්නෙ. තෝ වගේ අමු කුහක මී හරක්ට ඕව තේරෙන්නෙ නෑ. ලබන පාරත් චන්දෙ දීපං ගියපාර වගේ කේප්ප වස්සෙකුට. ඌ ඇවිත් උඹේ ගෑණිටත් හොඳ වැකිසින් එකක් දෙයි චීනෙංම කලෝ නලෝ ඉන්න. කුහක ලිං මැඩියා.

  13. Ane paw hora karal docage goo kana gas ballata hondatama ridila 😀😀. Rathnapala wedaage niyama ‘hela osu’ prescription eka tho thaama dakala nathiwa athi. Tho ehema nam vaccine eka nogaha indala corona hadila marila pala wesige putha. Thota ochcharatama ridenawa nam mama hora docalaya baninawata mama mikuth nokiya innamko 😀 Tho methana ehema nam paalu gei walan binda binda thoge singithi aathal eka ganinko. Api giya 😀😀😀

  14. Ane paw hora karalage kulee kahinnata hondatama ridila 😀😀😀. Umba wage gon wesige puthekuta mewa kiya denawata wadiya lesiyi harakekuta anukalanaya ugannana eka. Tho vaccines nogaha karal bibeema hitapiyako. Meeta wadiya thota kiyanna deyak nehe. Tho dan ithin digatama methana paalu gei walan bindala thoge singithi aathal eka ganin. 😀😀

  15. සුනක saman..
    තෝ වගේ අමු කුහකයෝ වැඩිහරියක් ඉන්න නිසා තමා රටට කෙලවිලා තියෙන්නේ. Rata .lk සැබෑ මුහුණ දැං හෙලිවෙනවා. මේ ආචාර්ය අයියගෙ වීඩියෝව හරියට බලපං. ඒකෙ හරියට වැඩක් වෙන බව පේනවා. ඒ මනුස්සයා උගතෙක්. තෝ වගේ මීහරකෙක් නෙමෙයි. මොලේ හොලෝලා බලපං.කුහකයෙක් නොවී. අතීතයට පලයං ලංකාවෙ නව නිපැයුම වලට වෙච්චි දේ. හරකෙක් වගේ බිරුවට, ඒකට එකට එක රිප්ලයි කළාට සැබෑව යට යන්නෙ නෑ. උම්මා දේවි කුණ්ඩලනී මුට්ටි අතාරිනකොට, දම්මික් වෙදා සිගිති ආතල් දෙනකොට ඔය සූත්‍ර් කමිටුව ගෙදරට ගිහින් අනුමැතිය දුන්නේ. ඒ කමිටුවම ඒක අහෝසිත් කරනවා. බූරුවෝ හෙළ වෙදකම කියන්නෙ බලගතු එකක්. තොපෙ අම්මා බූරුවෙක් වෙච්චි බොටත් ඉස්පිරිතාලෙ යන්න කලින් ඒව තමා දුන්නෙ. ඇත්ත මාධ්‍ය ට් මුවා වෙලා රෙන බොලා වගේ ගූ හිගන්නෝ වගේ වෙදකමෙත් හොරු ඉන්නවා. රජයක වගකීම ඒක හරියට හොයලා බලලා හරි එක මිනිස්සුන්ට දෙන්න මැදිහත් වෙන එක. එහෙම නොවී එලියෙ ඉදන් බිරුවට වැඩක් නෑ.ඔය ආචාර්ය මනුස්සය පැහැදොලිව ඒක කියනවා. කුහක බල්ලා බලහං ඒක..බුරන්නෙ නැතිව. අමු කුලියට කහින් කුහකයා.

  16. බන්දු මහතාණෙනි, මාගේ කරල් ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඔබ මෙහිදී ලබා දෙන දායකත්වය අගය කොට සලකමි. මුල් කාලයේදී කරල් ව්‍යාපාරයෙන් මමත් මාගේ සහෝදරයාත් සාහෙන ආදායමක් ලැබුවද එන්නත්කරනයත් සමග එම ආදායම ඉතා විශාල ලෙස පහත වැටී ඇත. එබැවින් ජනතාව අතර එන්නත්කරනය අධෛර්යමත් කල යුතුව ඇත. ඒ සඳහා ඔබ වැනි අයගේ සහාය ඉතාමත් වැදගත් වේ. එබැවින් ඒ සඳහා ඔබගේ සහයෝගය දිගටම ලැබේ යයි මම විශ්වාස කරමි. ඒ සඳහා ඔබට ගෙවීමක් කිරීමටද මම කැමැත්තෙමි. කරුණාකර ඔබගේ ගිණුම් විස්තර මා හට ලැබීමට සලස්වන්න.

    ස්තුතියි.

  17. Dear admin of this website, it is disgusting to see there are some obscene and insulting comments in this thread. I also doubt that last comment was made by Dr Udara himself. So please remove those comments.

    Thanks.

  18. උඹලා වගේ දකීන දකින ටයර් වලට කකුල උස්සන ජඩයො නිසා තම රටට කෙලවිලා තියෙන්නෙ. උඹල වගේ කුහකයො අන්තිමට කියන පොදු කාරණේ ඕක තමා. උඹල කියන කියන හැම දේම පිළිගන්නෙනැති සීමිත පිරිසක් හරි රටේ ඉන්නවා. ඒක දැනගනිල්ලා. මඩ වාදය අතහැරලා සැබෑ මතවාදය කරහල්ලා. ජඩයො වෙන්නෙ නැතිව. මේ වෙලාවෙ අපේ රටේ මිනිස්සු ඉන්නෙ පුදුම අසරණ කමක. වැක්සින් කියන්නෙ මාෆියාවක්. Pcr, Antigen , නිරෝධනය සල්ලි උල්පතක් වෙලා. ඩොලර නැතිව පාලක්‍යො හතරගාතෙ දාලා. කුහක නිවී අවම යුතුකමවත් මේ වෙලාවෙ කරහල්ලා. නැතිනම් මේ පව් වලට කරගහපු ගොඩට තොපේ නමත් එකතුවෙනවා.

  19. Boru danna epa…me betha godak minissunta wada karanawa.. boru noda hitu.. me behethen gunayak nathnam apita pissuda Yako Meka aran bonna…

Leave a Reply to Saman Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!